Connect with us

ගොසිප්

හර්ෂණගේ අස් වීමෙන් හිස් වූ මන්ත්‍රී අසුනට නම් තුනක්???

Published

on

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත ලබාදී ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.

හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ලිපියට අනුව ඉහත ඉල්ලා අස්වීම 2025 ජුනි 20 වැනිදා සිට බලපැවැත්වෙන බවද මහ ලේකම්වරිය දන්වා තිබේ.

ඒ අනුව, දසවැනි පාර්ලිමේන්තුවේ (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ අසුන හිස්ව ඇති බව 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(5) වගන්තිය ප්‍රකාරව දැනුම් දෙන බවද මහ‍ ලේකම්වරිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දන්වා ඇත.

පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ජාතික ජන බලවේගය තුළ නම් දෙකක් යෝජනා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ පසුගිය මහා මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරිපත්වූ විමල් කැටපේආරච්චි මහතා සහ මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරිපත්වූ නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතාය.

ජාතික ජන බලවේගයට සහය දක්වන විද්වතුන්ගේ අදහස වී ඇත්තේ එම ජාතික ජන බලවේගයට සහය දක්වන එක්සත් වාමාංශික පෙරමුණේ ලේකම් සහ ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික නීතිඥ ලාල් විජේනායක මහතා පාර්ලිමේන්තුව වෙත නම් කල යුතු බවය.

සබැඳි පුවත්:

ගොසිප්

නව ගුවන් හමුදාපතිවරයා පත් කෙරේ

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත් කරනු ලැබ තිබේ. 

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) ඒ මහතා වෙත භාර දුන්නේය.

ගුවන් හමුදාවේ 20 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා ඉතිහාසයට එක් වෙයි.

එළැඹෙන ජනවාරි 29 වන දා සිට බල පැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇති අතර වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා ලබන 29 වන දා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතය.

එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා වීර වික්‍රම විභූෂණ, රණ වික්‍රම, රණ සූර යන පදක්කම්වලින්ද උත්තම සේවා පදක්කමෙන්ද පිදුම් ලබා ඇත. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved