Connect with us

සෞඛ්‍ය

අද ආරම්භ වන “ජාතික මදුරු මර්දන සතිය”

Published

on

ජාතික මදුරු මර්දන සතිය අද (30) සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව අද සිට එළැඹෙන ජූලි 05 දක්වා මෙම විශේෂ මදුරු මර්දන සතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ වසරේ අවසාන මාස 05 තුළ වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ අප්‍රේල් සහ මැයි යන මාස දෙක තුළ බවය.

ඒ අනුව අප්‍රේල් මාසයේදී ඩෙංගු රෝගීන් 5,175ක් සහ මැයි මාසයේදී ඩෙංගු රෝගීන් 6,025ක් වාර්තා වූ බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

මේ අතර ඩෙංගු රෝගය පැතිරීමේ අවදානම අවම කිරීම සඳහා සෞඛ්‍ය කලාප 16ක ප්‍රදේශ 95ක් ආවරණය වන පරිදී විශේෂ මදුරු මර්දන ව්‍යාපාරයක් පසුගිය මැයි මාසයේ 19 වැනි දින සිට 24 දක්වා ක්‍රියාත්මක කර තිබේ.

එහිදී පරිශ්‍ර 128,824ක් පරීක්ෂා කළ බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

එමෙන්ම පසුගිය දිනවලදී ද ඇදහැළුණු අඛණ්ඩ වර්ෂාපතනය හමුවේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගිය බවත් පෙන්වාදෙන සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ එම තත්ත්වය තුළ මේ වන විට සෑම සතියකම ඩෙංගු රෝගීන් 1,500ක් පමණ වාර්තා වන බවය.

අද සිට ආරම්භ වන ජාතික මදුරු මර්දන සතියේදී නිවාස, රජයේ සහ පෞද්ගලික ආයතන, ආගමික ස්ථාන, පාසල් සහ අනෙකුත් ස්ථාන ඇතුළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ මහජන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් හඳුනාගත් අධි අවදානම් ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් මෙම මදුරු මර්දන ව්‍යාපාරය පැවැත්වීමටද නියමිතව ඇත.

මෙහිදී මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීම සහ හඳුනා ගැනීම මෙන්ම ඒ සඳහා නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජංගම කණ්ඩායම් යෙදවීමටද නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අදින් ආරම්භ වන මෙම මදුරු මර්දන ව්‍යාපාරය සඳහා ත්‍රිවිධ හමුදා, පොලිස් සහ රාජ්‍ය නොවන සහ ප්‍රජා මූලික සංවිධානවල සහාය ඇතිව කොළඹ, ගම්පහ, කළුතර, මඩකලපුව, ත්‍රිකුණාමලය, කල්මුණේ, යාපනය, මොනරාගල, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, බදුල්ල යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා සහ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයන්හි බටහිර, මධ්‍යම, නැගෙනහිර, සබරගමුව, වයඹ, උතුරු, ඌව සහ දකුණු පළාත්වල මෙම විශේෂ මදුරු මර්දන ව්‍යාපාරයක් පැවැත්වීමට තීරණය කර ඇත.

තවත් බොහෝ දේ

මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය අදයි

Published

on

By

මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය (International Day against Drug Abuse and Illicit Trafficking)  අද (ජූනි 26)ට යෙදී තිබේ.

මේ වනවිට මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය, ගෝලිය ආර්ථිකයට මෙන්ම සමාජයට ද දැඩි අභියෝගයක්ව අවසන් ය.

විශේෂයෙන් තරුණ ප්‍රජාව, මත්ද්‍රව්‍ය භාවිතයට ශීඝ්‍රයෙන් ගොඳුරු වීම ප්‍රබල ගැටලුවකී.

මුල්මවරට මෙරටට ‘අබිං’ නැමැති මත්ද්‍රව්‍ය හඳුන්වාදී ඇත්තේ පෘතුගීසීන් ය.

19 වෙනි සියවස අගදී සහ 20 වෙනි සියවස මුලදී ‘අබිං’ වලට එරෙහිව ජනමතයක් ගොඩනැගීමට තරම් මෙම මත්ද්‍රව්‍ය උග්‍ර ප්‍රශ්නයක් බවට පත්විය.

‘අබිං’ සැළකිය යුතු ලෙස ව්‍යාප්ත වෙමින් තිබියදී , 70 දශකය අග භාගයේදී ඉතා ප්‍රබල සහ භයානක මත්ද්‍රව්‍යයක් වන හෙරොයින් භාවිතය ආරම්භවී තිබේ.

නවතම වාර්තාවලට අනුව හෙරොයින් අභිබවා යමින්, මෙරට තරුණ සහ ළමා ප්‍රජාව අතර මේ වනවිට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය, ඉහළ ගොස් ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් සුජිත් කොතලාවල එම ප්‍රජාවන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදා ගැනීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවය.

අද දිනයට යෙදී ඇති මෙම සුවිශේෂී දිනයට සමගාමීව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය යටතේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය එක්ව සංවිධානය කර ඇති 2025 මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා නීතිවිරෝධී ප‍්‍රවාහනය පිටු දැකීමේ ජාත්‍යන්තර දින විශේෂ වැඩසටහන අද (26)  පෙ.ව. 10 ට නිදහස් චතුරස‍්‍ර පරිශ‍්‍රයේදී  පැවැත්වේ 

විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන පාගමනක්ද ඇතුළුව මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන් සංවිධානය කර ඇත.

මෙම අවස්ථාවට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාත්  මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාත්, සහභාගී විය.

Continue Reading

පුවත්

ශ්වසන රෝග ව්‍යාප්තිය ඉහළට

Published

on

By

පවතින වැසි තත්ත්වය හමුවේ, ශ්වසන රෝගය ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා සඳහන් කළේ, කුඩා ළමුන්, වයස්ගත පුද්ගලයින්, ගර්භනී මව්වරුන් හා නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයින් මේ පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු බවය.

හුස්ම ගැනීමේ අපහසුතා පවතී නම් කඩිනමින්, වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවන ලෙස ද සෞඛ්‍ය අංශ විසින් උපදෙස් දෙයි.

Continue Reading

පුවත්

පාසල් වලට ඩෙංගු මැඬලීමේ දිනයක්

Published

on

By

මේ දිනවල පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් දිවයිනේ සියලු පාසල්වල ඩෙංගු මැඬලීමේ වැඩසටහනක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව ජූලි 09වන දා සංවිධානය කර තිබේ.

“Clean Sri Lanka Day” නමින් නම් කර තිබෙන මෙම වැඩසටහනෙහි සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි.

රෝග ව්‍යාප්තිය වැළැක්වීම, මදුරුවන් බෝවන ස්ථාන හදුනා ගෙන ඒවා ඉවත් කිරීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් එදින සිදු කෙරෙන අතර පාසල් දරුවන් තුළ පාරිසරික, සමාජීය හා ආකල්පමය පරිවර්තනයක් ඇති කිරීම ඉන් අරමුණු කෙරේ.

එමෙන්ම, මීට සමගාමිව මෙරට පාසල් 10,096ම ආවරණය වන පරිදි චිත්‍ර, පොස්ටර් ප්‍රදර්ශන, නාට්‍ය සංස්කෘතික සහ සංගීතමය අංග මෙන්ම දැනුවත් කිරීමේ දේශන ඇතුළු ක්‍රියාකාරකම් සිසුන් සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට සැලසුම් කර තිබෙන බවද මෙහිදී සඳහන් කෙරිණි.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ  ආණ්ඩුකාර කාර්යාලවල සහායද මේ සඳහා ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.මෙම වැඩසහටන ඉදිරියේදී විද්‍යා පීඨ හා වෘත්තීය අධ්‍යාපන ආයතනවලද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව, අතිරේක ලේකම් උදාරා දික්කුඹුර යන මහත්ම මහත්මීහුද, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) පූජ්‍ය කොහෙල්වල විපස්සී ස්වාමීන් වහන්සේද, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ (සමාජීය) කපිල සෙනරත් මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved