Connect with us

පුවත්

ජපන් අගමැතිට දුම් බෝම්බයකින් දමා ගසයි!

Published

on

ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතාට දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල වි තිබේ.

ඒ මහතා ජපානයේ වකයාමා නගරයේ දී ප්‍රදේශවාසීන් අමතමින් සිටියදී මේ දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල වි ඇත.

සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු වූ ප්‍රකාශ කර ඇත්තේ සැකකරු දුමක් පිට වන දෙයක් අග්‍රාමාත්‍යවරයා දෙසට  විසිකළ බවයි තවත් පුද්ගලයකු පවසා ඇත්තේ අග්‍රාමාත්‍ය වරයා සිටි දෙසින් විශාල ශබ්දයක් ඇසුණු බවයි.

කෙසේ වෙතත් සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල හෝ ජීවිත හානි සිදු වී නොමැත.

බලධාරීන් විසින් අග්‍රාමාත්‍ය කිෂිඩා එම ස්ථානයෙන් නිරුපද්‍රිතව ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන ගොස්  ලැබ ඇත.

පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර සැකකරු යැයි විශ්වාස කරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

පුවත්

RMV ලොක්කා ඇතුළු තිදෙනාට ඇප

Published

on

By

මෝටර් රථවාහන දෙපාර්තමෙන්තුවෙන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණී ජනතාවගෙන් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් ලක්‍ෂ 40කට ආසන්න මුදලක් සන්තකයේ තබා ගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගර කර සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු සැකකරුවන් තුන්දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය නියම කළාය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අතුරුදන්වූ ව්‍යාපාරිකයාගේ සිරුර කසළ වළකින් සොයා ගනී

Published

on

By

දින කිහිපයක් තිස්සේ අතුරුදන්වී ඇතැයි වාර්තා වූ, මාරවිල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ මළසිරුර වෙන්නප්පුව ප්‍රදේශයේ කසළ වළකින් සොයාගෙන තිබේ.

ව්‍යාපාරිකයා ඝාතනය කර ඇතැයි පොලිසිය සැකකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ මිතුරෙකු වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මාරවිල, කටුනේරිය ප්‍රදේශයේ පදිංචි ශ්‍රීජිත් ජයෂන් නමැති 31 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා පසුගිය 30 වනදා සිට අතුරුදන් බවට වෙන්නප්පුව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව සිදුකළ විමර්ශනයේදී ඊයේ (03) පස්වරුවේ වෙන්නප්පුව ප්‍රදේශයේම ව්‍යාපාරිකයාගේ මිතුරෙකුගේ නිවසක තිබී ව්‍යාපාරිකයාගේ මෝටර් රථය හමුවී තිබුණි.

පසුව මිතුරාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වෙන්නප්පුව සිරිගම්පොල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක කසළ වළක තිබී අතුරුදන් ව්‍යාපාරිකයාගේ මළසිරුර සොයාගෙන ඇත.

පොලිසිය පැවසුවේ, ඉකුත් 30 වනදා රාත්‍රියේ ව්‍යාපාරිකයා, ඔහුගේ මිතුරන් 5 දෙනෙකු සමග මත්පැන් පානය කර ඇති අතර එහිදී ඇතිවූ බහින්බස්වීමකදී ව්‍යාපාරිකයාට පිහියකින් ඇන ඝාතනය කර කසළවළට දමා ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකය.

Continue Reading

පුවත්

කදුරුවෙල ක්වාසි අධිකරණ විනිසුරු අත්අඩංගුවට

Published

on

By

කදුරුවෙල ක්වාසි අධිකරණයේ විනිසුරුවරයා සහ ලිපිකරුවෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (04) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සඳහන් කළේ දික්කසාද නඩුවක් සම්බන්ධයෙන් කාන්තාවට වාසිදායක ලෙස තීන්දුව ලබාදීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවය.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ එම කාර්යාල පරිශ්‍රයේදීය.

ඒ අනුව සැකකරුවන් කදුරුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved