Connect with us

පුවත්

පක්ෂ නායකයෝ 20ත් රැස්වෙති

Published

on

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් ලබන 20 දා පැවැත්විමට නියමිතව ති‌බේ. ඉදිරි සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා තිබේ

මීළග පාර්ලිමේන්තු රැස්වීම ලබන 25 දා පැවැත්වීමට නියමිතව තිබේ.

පුවත්

පොළොන්නරුවේ CTB – ප්‍රයිවට් බස් ගැටුමක්

Published

on

By

පොළොන්නරුව බස් නැවතුම්පලේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සේවකයින් සහ පෞද්ගලික බස් රථ සේවකයින් අතර ඇති වූ ගැටුමකින් ඩිපෝ කළමනාකාරවරයෙක් ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මාතර සිට පොළොන්නරුව ඩිපෝවට පැමිණෙන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් අතරමගදී පෞද්ගලික පන්ති සඳහා සහභාගි වන සිසුන් හා සීසන් ලබාගත් පිරිස් නංවා ගැනීම හේතුවෙන් පෞද්ගලික බස්රථවලට මගීන් අඩුවීම හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇත.

මාතර සිට පැමිණෙන බස් රථයේ ඩිපෝ කළමනාකාරවරයාද සිට ඇති අතර එම බස් රථය පොළොන්නරුව ඩිපෝව ඉදිරිපිට හරස් කරමින් පෞද්ගලික බස් රථ රියදුරා ඩිපෝ කළමනාකාරවරයාට පහරදීමත් සමග ඩිපෝවේ සිටි නිලධාරීන් පිරිසක් ද බස්රථ රියදුරුට සහ කොන්දොස්තරයාට පහරදීම දීමෙන් මෙම ගැටුම දුරදිග ගොස් ඇති බවද පොලීසිය පවසයි.

තුවාල ලැබූවන් අතර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සේවකයින් තිදෙනෙකු සහ පෞද්ගලික බස් රථ සේවකයින් දෙදෙනෙකු වන බව සඳහන්ය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහ දුර ගමන් සේවා අතර ඩිපෝවේ බස් රථ 135කට ආසන්න සංඛ්‍යාවක් ධාවනය වන අතර පහරදීමට විරෝධය පළ කරමින් අද (26) දින බස් රථ වර්ජනයක්  සිදුකිරීමට කටයුතු කරන බව ඩිපෝවේ නිලධාරියකු මාධ්‍ය වෙත පැවසීය.

පොළොන්නරුව ඩිපෝවේ බස් රථ රැසක් මේ වනවිට ගාල්කර ප්‍රධාන ගේට්ටුව වසා සේවකයන්ගේ සහ බස් රථවල මෙන්ම දේපොළවල ආරක්ෂාව පොලීසිය විසින් තහවුරු කර තිබේ.

පොළොන්නරුව පොලිස් ස්ථානයේ නිලධාරීන් ආරක්ෂාව යොදවා ඇති අතර සිද්ධිය පිළිබඳ පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත පොළොන්නරුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි. 

Continue Reading

පුවත්

බන්ධනාගාර නිලධාරීන් 16කට ස්ථාන මාරුවීම්

Published

on

By

බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16 දෙනෙකුට ජූලි මස 2 වනදා සිට ක්‍රියාත්මකවන පරිදි වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ඒ අතර විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරීවරුන් දෙදෙනෙක්, බන්ධනාගාර අධිකාරීවරයෙක්, සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් අට දෙනෙක්, වැඩබලන බන්ධනාගාර අධිකාරීවරුන් පස් දෙනෙකු ඇතුළත් වේ.

ඒ අනුව, විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරී ඒ.සී. ගජනායක බෝගම්බර බන්ධනාගාරයේ සිට බන්ධනාගාර මූලස්ථානයටත්,  විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරී ඩී.ආර්.එස්. සිල්වා මහර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයටත් මාරුකර තිබේ.

වැඩබලන බන්ධනාගාර අධිකාරී සුදන් රෝහණ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරයට මාරුකර ඇත.

සහකාර බන්ධනාගාර අධිකාරී එල්.පී. වර්ණකුලසූරිය වාරියපොල බන්ධනාගාරයේ සිට බෝගම්බර බන්ධනාගාරයටත්, සහකාර බන්ධනාගාර අධිකාරී වී. අබේධීර කෑගල්ල බන්ධනාගාරයේ සිට වාරියපොළ බන්ධනාගාරයටත්, සහකාර බන්ධනාගාර අධිකාරී කේ. ඩෙප් කළුතර බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරයටත්, සහකාර බන්ධනාගාර අධිකාරී පී. ප්‍රේමතිලක හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ සිට අනුරාධපුර බන්ධනාගාරයටත්, සහකාර බන්ධනාගාර අධිකාරී පී. පෙරේරා පල්ලේකැලේ බන්ධනාගාරයේ සිට මැගසින් බන්ධනාගාරයටත්, සහකාර බන්ධනාගාර අධිකාරී ඒ. උදයකුමාර බූස්ස බන්ධනාගාරයේ සිට කළුතර බන්ධනාගාරයටත් මාරුකර තිබේ.

වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ සොහොයුරාවන සහකාර බන්ධනාගාර අධිකාරී එන්. උපුල්දෙණිය මැගසින් බන්ධනාගාරයේ සිට වටරැක බන්ධනාගාරටත් සහකාර බන්ධනාගාර අධිකාරී ආර්. ප්‍රභාත් වීරවිල බන්ධනාගාරයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයටත් මාරුකර ඇත.

සහකාර බන්ධනාගාර අධිකාරී ඒ. රාජකරුණානායක බන්ධනාගාර මූලස්ථානයේ සිට හසිදි ප්‍රතිචාර උපක්‍රමික බලකායටත් , සහකාර බන්ධනාගාර අධිකාරී ප්‍රදීප් වසන්ත කුමාර වටරැක බන්ධනාගාරයේ සිට මාතර බන්ධනාගාරයටත්, සහකාර බන්ධනාගාර අධිකාරී එන්. ප්‍රනාන්දු අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිට වීරවිල බන්ධනාගාරයටත්, සහකාර බන්ධනාගාර අධිකාරී මංගල වැලිවිට මාතර බන්ධනාගාරයේ සිට පල්ලේකැලේ බන්ධනාගාරයටත්, සහකාර බන්ධනාගාර අධිකාරී කුමාර එදිරිසිංහ මහර බන්ධනාගාරයේ සිට කෑගල්ල බන්ධනාගාරයටත් මාරුකර තිබේ.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.

ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි අතර අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved