Connect with us

පුවත්

තෙල් ගහ ගැනිල්ල ඉහල ගිහින්

Published

on

ඉන්ධන පිරවුම්හල් කිව්.ආර්. කේතය හරහා ඉන්ධන නිකුත් කිරීම එම පිරවුම්හල ලබාගන්න ඇනවුම් වලින් සියයට 80 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඉන්ධන අලෙවිය සියයට 80 කට වඩා ඉහළ ගොස් ඇති බව කී අමාත්‍යවරයා උත්සව සමයේ පවතින ඉන්ධන ඉල්ලුම් අනුව ඉදිරි දින කිහිපය වෙනුවෙන් දෛනික ඉන්ධන බෙදාහැරීම වර්ධනය කර ඇති බව ද සඳහන් කළේය.

ඒ අනුව දෛනිකව පෙට්‍රල් 92 මෙට්‍රික්ටොන් 4650ක් සහ ඔටෝ ඩීසල් දෛනිකව මෙට්‍රක්ටොන් 5500ක් නිකුත් කර තිබේ.

පුවත්

දේශීය ආදායම් පනත සංශෝධනයට

Published

on

By

2025‑04‑01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රඳවා ගැනීමේ බදු අනුපාතය 5% සිට 10% දක්වා ඉහළ නැංවීම පිණිස වන නීතිමය ප්‍රතිපාදන 2025 අංක 2 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මඟින් හඳුන්වා දී තිබේ.

බදු අය කරනු ලබන වාර්ෂික ආදායම් සීමාව වන රුපියල් මිලියන 1.8ක ප්‍රමාණය නොඉක්මවන ආදායමක් සහිත පුද්ගලයන්ගෙන් ද රඳවා ගැනීමේ බදු අය කර ගැනීමට කටයුතු කිරීම හේතුවෙන්, එවැනි තැන්පත්කරුවන් සහ අඩු ආදායම්ලාභී පුද්ගලයන් අපහසුතාවට ලක් වන බව නිරීක්ෂණය විය.

එකී ගැටලුව සඳහා විසඳුමක් ලෙස බදු නිදහස් සීමාවට වඩා පහළ මට්ටමක ආදායම් සහිත පුද්ගලයන්ට ස්වයං ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට යෝජනා කර තිබේ.

ඒ අනුව, පොලිය මත රඳවා ගැනීමේ බද්ද අය කිරීමෙන් නිදහස් කිරීම සඳහා වසරකට රුපියල් මිලියන 1.8ක් නොඉක්මවන තක්සේරු ආදායමක් සහිත සියලු නේවාසික තැන්තපත්කරුවන් සඳහා ස්වයං ප්‍රකාශනයක් හඳුන්වා දීමට සහ සියලුම වර්ගයේ බැංකු ගිණුම් විවෘත කිරීම සඳහා බදු හඳුනාගැනීමේ අංකය (ඨෛණ්) ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට යෝග්‍ය සංශෝධන ඇතුළත් කරමින් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Continue Reading

කැබිනට් තීරණ

බැංකු ගිණුම් විවෘත කිරීමේදී TIN අංකය අනිවාර්යයි

Published

on

By

2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සඳහා සංශෝධන කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව පොලිය මත රඳවා ගැනීමේ බද්ද අය කිරීමෙන් නිදහස් කිරීම සඳහා වසරකට රුපියල් මිලියන 1.8ක් නොඉක්මවන තක්සේරු ආදායමක් සහිත සියලු නේවාසික තැන්තපත්කරුවන් සඳහා ස්වයං ප්‍රකාශනයක් හඳුන්වා දීමට සහ සියලුම වර්ගයේ බැංකු ගිණුම් විවෘත කිරීම සඳහා බදු හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට යෝග්‍ය සංශෝධන සිදුකිරීමට අනුමැතිය හිමිව ඇත.

2025 වසරේ අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි රඳවා ගැනීමේ බදු අනුපාතය 5% සිට 10% දක්වා ඉහළ නැංවීම සඳහා වන නීතිමය ප්‍රතිපාදන 2025 අංක 2 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මඟින් හඳුන්වා දී තිබේ.

බදු අය කරනු ලබන වාර්ෂික ආදායම් සීමාව වන රුපියල් මිලියන 1.8ක ප්‍රමාණය නොඉක්මවන ආදායමක් සහිත පුද්ගලයන්ගෙන් ද රඳවා ගැනීමේ බදු අය කර ගැනීමට කටයුතු කිරීම හේතුවෙන්, එවැනි තැන්පත්කරුවන් සහ අඩු ආදායම්ලාභී පුද්ගලයන් අපහසුතාවට ලක් වන බව නිරීක්ෂණය වී ඇති බව රජය පවසයි.

එකී ගැටලුව සඳහා විසඳුමක් ලෙස බදු නිදහස් සීමාවට වඩා පහළ මට්ටමක ආදායම් සහිත පුද්ගලයන්ට ස්වයං ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට යෝජනා කර තිබේ.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Continue Reading

පුවත්

පනත් කෙටුම්පතක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට

Published

on

By

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)” නැමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු ප්‍රතිපාදනයකට පටහැනි බවට නිගමනය කිරීමට කිසිදු කරුණක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වූ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර ඇති අතර ඒ අනුව පෙත්සම්කරු විසින් පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බව අධිකරණයට දැනුම් දී ඇති බවත් ඒ අනුව, පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දී පෙත්සමේ ඉදිරි කටයුතු අවසන් කර එය නිෂ්ප්‍රභ කර ඇති බවත් කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved