Connect with us

පුවත්

අකුරුණට බෝම්බ ගහනවා කී මවුලවිව මැයි 04දා තෙක් රිමාන්ඩ්!

Published

on

අකුරණ නගරයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ව්‍යාජ තොරතුරු සැපයූ මවුලවිවරයා රක්ෂිත බන්ධනාගරගත කිරීමට අධිකරණය නියෝගකර තිබේ.

පොලීසිය සඳහන් කළේ, 21 හැවිරිදි අදාළ පුද්ගලයා ලබන 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගරගත කිරීමට මෙලෙස තීන්දු කරඇති බවයි.

අකුරණ නගරයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අසත්‍ය තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා අද (22) පොලිස් අත්අඩංගුවට පත්විය.

පරිගණක අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවේ, හාරිස්පත්තුව, බටුගොඩ ප්‍රදේශයේදී යි.

පුවත්

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

Published

on

By

සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගලයා ලබන 30 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (25) අවසර ලබා දෙන ලදී.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  අද (25) පෙරවරුවේ සියම් නිකායේ  මල්වතු සහ  අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ  සමඟ “සිරි දළදා වන්දනාව” සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව සාකච්ඡා කළේය.

ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමිපාණන් වහන්සේ සමඟද කෙටි පිළිසඳරක නිරත විය.

එමෙන්ම අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝසභික තේවාව භාර රාජකාරියේ නියුතු පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැ දැකීමටද ජනාධිපතිවරයා කටයුතු කළේය.

මෙම අවස්ථාව සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුද  එක්ව සිටියහ.

Continue Reading

පුවත්

“දෙසැම්බර් වෙනකොට සජිත් මහත්තයා ජනාධිපති කරනවා”

Published

on

By

දෙසැම්බර් මාසය වන විට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරන බව කබීර් හෂීම් මහතා පවසයි.

ජනතා හමුවක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේ පවසා සිටියේය.

“මම පොරොන්දුවෙනවා දෙසැම්බර් වෙනකොට සජිත් මහත්තයා ජනාධිපති කරනවා.ඇතිනේ ඒ ටික දැන්.හෙමින් යන්.

මම කියන්නේ ඒක නිකං යයි අපි ගන්න ඔිනි නෑ.ඒක දීලා යයි.කරන්න බැරි වෙන කෙට ගෝඨත් දෙන්න බැලුවා නේ.ගෝඨා දෙන්න යන කොට අපේ ලොක්කා ගන්න පොඩ්ඩක් පරක්කු වුණ ගමන් මොකද වුණේ අරයා රිංගුවා.රනිල් මහත්තයා.

මේ පාර දෙන්නේ නෑ එහෙම.මේ පාර අපිත් බලන් ඉන්නේ.දැනුත් එයා සපත්තු පොලිෂ් කරගෙන රෙඩි වෙලා ඉන්නේ හෙට වැටෙයි කියලා. 

මේ පාර ඒක කරන්න දෙන්නේ නෑ.අරගෙන මේ රට වෙනස් කරන්න ඔිනි.ඒක අපිට කරන්න පුළුවන් “

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved