Connect with us

පුවත්

සාගලගේ අත්සනින් පොලිස් ස්ථානමාරුකරන්න ගිය SI රිමාන්ඩ්!

Published

on

ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ අත්සන සහ නිල මුද්‍රාව ව්‍යාජ ලෙස යොදාගත් පොලිස් පරීක්ෂකවරයෙකු ලබන 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පොළොන්නරුව පොලීසියට අනුයුක්තව සේවය කරන 55 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී මෙම සැකකාර පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර පොලිස් පරීක්ෂකවරයා පොලිස් නිලධාරීන් 14දෙනෙකු විවිධ පොලිස්වලට ස්ථාන මාරු කර යවන ලෙස දන්වමින් ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් යොමුකළ බවට හැඟවෙන ලිපියක් උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති බව වාර්තා වේ.

එම ලිපිය සම්බන්ධයෙන් සැක සිතූ උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එහි සත්‍යයතාව සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විමසීමක් සිදුකර තිබේ.

එවැනි ලිපියක් සාගල රත්නායක මහතා විසින් යොමුකර නොමැති අතර ලිපිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඔහු විසින් පොලිස්පතිවරයාට දැන්වීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.

අදාළ සැකකරු විසින් උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට යවන ලද ලිපියක් ද එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන තිබේ.

(අදදෙරණ)

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න

Published

on

By

ඊයේ (16) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :


(පෙර පුවත 2025 ජූනි 17 පෙ.ව. 3.58 )

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

අද (17) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-17

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-17

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 17, 2025

Continue Reading

කැබිනට් තීරණ

ජේෂ්ඨ පුරවැසියන්ට විශේෂ ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමයක්

Published

on

By

ජේෂ්ඨ පුරවැසියන්ට විශේෂ ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමය පුරවැසියන් සඳහා වන විශේෂ ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2025 වර්ෂය සඳහා වන අයවැය කථාවෙහි යෝජිත පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය විසින් තීරණය කරනු ලැබ ඇත.

ඒ අනුව, පහත සඳහන් පරිදි යෝජිත විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* වයස අවුරුදු 60 හෝ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් 2025-07-01 දින සිට 2025-12-31 දින දක්වා වන කාල සීමාව තුළ විවෘත කරනු ලබන ස්ථාවර තැන්පතු සඳහා මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම.

* ස්ථාවර තැන්පතුවේ කාලසීමාව මාස 12ක් (වර්ෂයක්) වන අතර, උපරිම තැන්පතු වටිනාකම රුපියල් මිලියනයකි.

* බරිත සාමාන්‍ය ස්ථාවර තැන්පතු පොලී අනුපාතයට (AWFDR) අමතර වාර්ෂික 3%ක් එකතු කර ලැබෙන අගය හෝ අදාළ බැංකුවේ ප්‍රකාශිත ස්ථාවර තැන්පතු පොලී අනුපාතයට 3%ක් එකතු කර ලැබෙන අගය හෝ යන දෙකෙන් ඉහළ පොලී අනුපාතය ගෙවීම.

* සමස්ත වැඩසටහන සඳහා පොලී සහනාධාර ගෙවීම පිණිස රුපියල් බිලියන 30 ක ප්‍රතිපාදන වෙන් කිරීම.

Continue Reading

කැබිනට් තීරණ

හිටපු ජනපතිවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට පනත් කෙටුම්පතක්

Published

on

By

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved