වෙසක් උත්සවය නිමිත්තෙන් රට පුරා සුරාසැල් මැයි 4 සිට මැයි 6 දක්වා වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
ඊට අදාළ නිවේදනය පහත දැක්වේ.
2023 වසරේ වෙසක් උත්සව සමය නිමිත්තෙන්
දිවයිනේ සියලුම මත්පැන්හල් වසාතැබීම.
අමාත්‍ය මණ්ඩලය විසින් සම්මත කරනු ලැබූ යෝජනාවකට අනුව 2023 වසරේ වෙසක් උත්සවය නිමිත්තෙන් 2023 මැයි මස 04, 05 සහ 06 යන දිනයන්හි දී දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සදහා වූ සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත.
- ඒ අනුව 04 වන බ්‍රහස්පතින්දා දින සිට 06 වන සෙනසුරාදා දින දක්වා එකී සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වැසීමට කටයුතු කලයුතු වන අතර, එසේ කිරීමට අපොහොසත්වන සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස දිවයිනේ සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත අවශ්‍ය උපදෙස් දී ඇත.
- මෙම කාල සීමාව ආවරණය කරමින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ නියමය පරිදි සහකාර සුරාබදු කොමසාරිස් කොට්ඨාශ 13කින්ද, සුරාබදු අධිකාරි කොට්ඨාශ 31කින් සහ දිවයින පුරා ව්‍යාප්තව පවතින සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකක 05කින් සහ සුරාබදු ස්ථාන 57ක් යටතේ සැපයුම් දාම නියාමනය කිරීමේ සහ නීති ක්‍රියාත්මක කිරීමේ රාජකාරි සඳහා1000කින් සමන්විත වන සුරාබදු කාර්යමණ්ඩලයක් යොදවා ඇත.
- සුරාබදු අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොළ අපරාධවලක්වාලමින් සාර්ථක වැටලීම් සිදු කිරීම සදහා මහජනතාව විසින් අප වෙත ලබා දෙන පැමිණිලි මහත් පිටුවහලක් වන අතර, ඒ සදහා 1913 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ මෙන්ම 011 2 877 688 අංකයට ෆැක්ස් මගින් ද, [email protected] විද්‍යුත් තැපෑල මගින් ද එම පැමිණිලි ඉදිරියටත් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත යොමු කරන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
කපිල කුමාරසිංහ
අතිරේක සුරාබදු කොමසාරිස් / ආදායම් මෙහෙයුම් හා නීති ක්‍රියාත්මක කිරීම්
සුරාබදු කෙමෙසාරිස් / ආදායම් හා මෙහෙයුම්
මාධ්‍ය ප්‍රකාශක / ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව.
077-260-2842