Connect with us

පුවත්

ලෝක කම්කරු දිනය අදයි!

Published

on

ජාත්‍යන්තර කම්කරු දිනය අද (01) ට යෙදී තිබේ.
අද අප සමරනු ලබන්නේ, 137 වැනි ලෝක කම්කරු දිනයයි.

1886 මැයි මස 01 වැනිදා කම්කරුවන් පිරිසක් අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්වුණේ තම වැඩමුරය පැය 8 කට සීමාකරන්නැයි ඉල්ලමින් ය.

වැඩවරා, සටන් පාඨ කියමින් එදින එම උද්ඝෝෂණයට එක්වූ පිරිස දහසකට අධික වු අතර තුන්වැනි දිනයේ ඊට එක්ව සිටි කම්කරුවන් පිරිස 65000 ඉක්මවූවේ ය.

1886 මැයි මස 03 වැනිදා වැඩවර්ජනයේ තීරණාත්මක දිනයක් විය.

හාම්පුතුන්ගේ මෙහෙයවීමෙන් ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් පිරිසක් කම්කරුවන්ට ප්‍රහාරයක් එල්ල කළ අතර, සිව් දෙනෙකු එහිදී මිය ගියේ ය.

දින 4ක් පුරා පැවැති මේ වැඩවර්ජනයට ලක්ෂ එක හමාරකට වැඩි පිරිසක් එක්වන්නට පටන් ගත් අතර, පෙර දින පහරදීමට එරෙහිව මැයි මස 04 වැනිදා කම්කරුවන් පිරිසක් චිකාගෝ නුවර, හේමාර්කට් චතුරශ්‍රයට එක් රැස් විය.

පොලිසිය හා කම්කරුවන් වචන හුවමාරුවක පැටලුණු අවස්ථාවේ එල්ල වු බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියකු ද මිය ගියේ ය.

ගැටුම තවත් වර්ධනය වූයේ, පොලිස් නිලධාරීන් 06 දෙනෙකුට ජීවිත අහිමි කරමින් ය.

මෙම ගැටුමේදී මියගිය කම්කරුවන් සංඛ්‍යාව කොපමණදැයි අදටත් නිශ්චිතව සඳහන් නොවේ.

සටනට පණ දුන් කම්කරු නායකයින් වූ – ඔගස්ටස් ස්පයිස්,  ඇල්බට් පාර්සන්ස්, ඇඩොල්ෆ් ෆීෂර්, ජෝර්ජ් එන්ගල්, සැමුවෙල් ෆීල්ඩන් ,ලුවී ලින්ග්, මයිකල් ෂ්වොබ්, ඔස්කා නිබේ අත්අඩංගුවට ගැනුණු අතර පසුව නඩු පැවරිණි.

ඔස්කා නිබේට වසර 15 ක සිර දඬුවමක් නියම වු අතර සැමුවෙල් ෆීල්ඩන්ට සහ මයිකල් ෂ්වොබ්ට නියම වුණේ ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හිමි විය.  

සෙසු පස් දෙනා එල්ලා මැරීමට නියම කෙරිණ.

සේවා අයිතීන් වෙනුවෙන් අරගල කරමින් රතු ලේ වැගිරූ එම කම්කරු සගයින් සදාතනිකව සිහි කළ යුතු බවට ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළේ 1889 වසරේදී ය.

ඒ අනුව සෑම වසරකම මැයි මස 01වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරිණ.

කම්කරු පක්ෂ නායක ඒ. ඊ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාව පළමු වරට කම්කරු දිනය සැමරුවේ 1927 වසරේදී ය.

පුවත්

බූස්සේ රැඳවියන් පිරිසක් විරෝධයක් අරඹයි

Published

on

By

බන්ධනාගාරය තුළ සිදුකරන දැඩි සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 5දෙනෙකු බන්ධනාගාරයේ වහළය මත නැග විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

අද (18) උදෑසන සිට මෙම රැඳවියන් විරෝධතාවයේ නිරතවෙන බව සඳහන් වෙයි.

Continue Reading

පුවත්

කොළඹ පුරපතිනිය වැඩ අරඹයි (වීඩියෝ)

Published

on

By

කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කර තිබේ.

2025 පළාත් පාලන මැතිවරණයේදී වැඩි අවධානයක් යොමව තිබුණු අපේක්ෂිකාව වූ ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස බහුතර මන්ත්‍රීවරුන්ගේ මනාපයෙන් පෙරේදා (16) දින තේරී පත්වූවාය.

ඇය නගරාධිපති තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වූ රහස් ඡන්දයෙන් ඡන්ද 61ක් දිනා ගනිමින් කොළඹ 26 වන පුරපතිනිය බවට පත්වුණි.

ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ දෙවන පුරපතිනිය ලෙස ඉතිහාසයට එක්වන අතර හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක කොළඹ නගර සභාවට පත් වූ පළමු නගරාධිපතිවරිය වේ.

Continue Reading

ඡායාරූප සටහන

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කළ බිහිසුණු අනතුර  (ඡායා)

Published

on

By

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ මීන්නාන ප්‍රදේශයේ බස් රථයක් සහ බහාලුම් රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

අනතුර අද (18) උදෑසන සිදුව ඇති අතර, අනතුරින් පසුව කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගය පැයක පමණ කාලයක් වාහන ගමනාගමනයට අවහිර වී තිබුණි.

අනතුරින් තුවාල ලැබු 18 දෙනෙකු පමණ ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇහැළියගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

ඡායා – Accident 1st

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved