Connect with us

කලා

ඉන්දියානු කන්නඩ සිනමා උළෙලක් කොළඹදී ඇරඹේ (ඡායා)

Published

on

ජාතික චිත්‍රපට සංස්ථාව, කොළඹ ඉන්දීය මහාකොමසාරිස් කාර්යාලයට අනුබද්ධ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය බැංගලෝර් හි Nagathihalli Cinema School ආයතනය PEN Sri Lanka සංවිධානය සමග ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය (AMCA) ඒකාබද්ධව සංවිධානය කළ ඉන්දියානු කන්නඩ සිනමා උළෙල ඊයේ (02) ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වුණි.

මෙවැනි සිනමා උළෙලක් මෙරට සංවිධානය වන්නේ පළමු වරටයි.

ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය – ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහාකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණි.

මෙම අවස්ථාවට විශේෂ අමුත්තන් ලෙස ඉන්දීය ජාතික සහ ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ කන්නඩ සිනමා අධ්‍යක්ෂ හා  බැංගලෝරයේ Nagathihalli Cinema School හි අධ්‍යක්ෂ – නාගතිහාල්ලි චන්ද්‍රශේකර් මහතා, ප්‍රවීණ සිනමා මාධ්‍යවේදී ජී.එන්.මොහාන් මහතා, චිත්‍රපට නිෂ්පාදක ශංකර් ගොව්දා මහතා, ප්‍රවීණ සිනමා කැමරා ශිල්පී – එස්.කේ. රාඕ මහතා හා කර්ණාටක ප්‍රාන්තයේ හසාන් දිස්ත්‍රික්කයේ වැඩිම අලෙවියක් ඇති “ජනමිත්‍රා” පුවත්පතේ ප්‍රධාන කර්තෘ එච්.බී. මදන් ගොව්දා මහතාද එක්විය.

කලා

ජගත් මනුවර්ණට වෙඩි වැදිලා!

Published

on

By

රූගත කිරීමක් අතරතුරදී සිදුවූ වෙඩි තැබීමේ දර්ශනයකදී රංගන ශිල්පී ජගත් මනුවර්ණ අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, ඔහුට සිදුව ඇත්තේ සුළු තුවාලයක් පමණක් බව වාර්තා වේ.

ක්‍රියාදාම දර්ශන රැසක් රැගත්, චමින්ද ජයසූරියගේ ‘ෆාදර්’ සිනමාපටයේ රූගතකිරීම් අතුරතුර දී ඔහු මෙම අනතුරට පත්ව ඇත.

අනතුර සිදුවූ ඊයේ (28) දින රාත්‍රීයේ ම ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ පිටත් කර එවා තිබේ.

වෙඩි පිපිරවීම් සිදු කළ ශිල්පියාගේ අත්වැරදීමකින් මෙම අනතුර සිදුව ඇත.

Continue Reading

කලා

ටික්ටොක් ඇමෙරිකාවේ තහනම් වන ලකුණු

Published

on

By

ඇමෙරිකාව තුළ ටික්ටොක් තහනම් කිරීමට ඉඩකඩ සැලසෙන පනත් කෙටුම්පතකට එරට සෙනෙට් මණ්ඩලයේ බහුතර අනුමැතිය හිමිව තිබේ.

ටික්ටොක් තහනම සඳහා සෙනෙට් මණ්ඩලයේ 79 දෙනෙක් පක්ෂව ඇති අතර විරුද්ධ වී ඇත්තේ 18ක් පමණි.

මේ අනුව, ටික්ටොක් හිමිකරු වන බයිට්ඩාන්ස් සමාගමට තමා සතු කොටස් විකිණීමට මාස 09ක් හිමිවනු ඇති අතර, එම කාලය තුළදී කොටස් විකිණීම සිදුනොකළහොත් ටික්ටොක් අමෙරිකාව තුළ තහනම් වනු ඇත.

මෙම පනත් කෙටුම්පත නීතිගත කිරීමට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔහු මීට පෙර පවසා තිබුණේ එය තමාට එය ලැබුණු විගසම අත්සන් තබා නීතිගත කරන බවයි.

කෙසේවෙතත්, ටික්ටොක් කොටස් විකිණීම සඳහා බයිට්ඩාන්ස් සමාගමට චීන බලධාරීන්ගේ අනුමැතිය හිමිවිය යුතු වන අතර, චීනය පවසා ඇත්තේ මෙයට විරුද්ධ වන බවයි. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්ලේෂකයන් පවසන්නේ මීට අදාල සමස්ථ ක්‍රියාවලියට වසර කිහිපයක්ම ගතවිය හැකි බවයි. 

Continue Reading

කලා

Ambiguous – බිත්තියක් ඕනෑකර තිබේ

Published

on

By

කොළඹ චින්තන මණ්ඩලය හා එක්ව රාජිත රූපසිංහ විසින් ඉදිරිපත් කරනු ලබන “Ambiguous: A Painfully Honest Depiction of the Story of Our Lives”  ප්‍රදර්ශනය 2024 අප්‍රේල් මස 28 වන දින සවස 3.00 සිට 5.00 දක්වා කොළඹ 7 ජාතික කලාභවන ඉදිරිපිට දී පැවැත්වේ.

කලා කෘතිවල අවකාශීය කාරණය, අවකාශය මිලට ගැනීමේ හැකියාව සහ කලා කෘති පිටුපස ඇති නොකියූ පසුබිම් කථා සහ ධාවකයන් පිළිබඳව  අලුත් කියවීමකට ගෙන යෑම ප්‍රදර්ශනයේ අරමුණයි.

මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යාඥයකු ලෙස පුහුණුව ලබා ඇති රාජිත ‍රූපසිංහ  ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ උපාධිධාරියෙකි. ඔහුගේ මෙම පශ්චාත් නූතන අවකාශීය නිමැවුම් ප්‍රදර්ශනය ඔස්සේ නව කලාත්මක කතිකාවතකට මඟ පාදනු ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved