අන්තර් පළාත් බස් රථ නිෂ්චිත නැවතුම් පොළ නියමු ව්‍යාපෘතිය මේ මස 15 වැනිදා සිට ආරම්භ වන බවත් එම ව්‍යාපෘතිය කොළඹ සිට ගාල්ල දක්වා මාර්ගයේ පළමුවෙන්ම ක්‍රියාත්මක කරන බවත් ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා අද (12) පැවසීය.
මගීන් බස් රථයට ගොඩකරගැනීම සම්බන්ධයෙන් දුර ගමන් සේවා බස් රථ සහ කෙටි දුර බස් රථ අතර නිරන්තරයෙන් ගැටුම් ඇති වීමට පිළියමක් ලෙස මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව කී මිරැන්ඩා මහතා 2019 වසරේ අනුමැතිය ලැබී තිබූ නව සංඥාාවක් සහිත පුවරු මේ වන විට සවි කරමින් ඇති බව ද සඳහන් කළේය.
ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ (සැලසුම්) ආලෝකා කරුණාරත්න මහත්මිය පැවසුවේ අන්තර් පළාත් බස් රථ නැවතුම්පොළවල් ලෙස කොළඹ සිට ගිංතොට දක්වා ස්ථාන 37 ක් හදුනාගෙන එම ස්ථානවල මාර්ග දෙපස නව පුවරු සවිකර ඇති බවත් සාමාන්‍ය බස් නැවතුමේ ලාංඡනය වන කළු පැහැති බස් රථය සහිත සංඥාා පුවරුව තිබෙන ස්ථානවල අන්තර් පළාත් බස් රථ නැවැත්විය නොහැකි බවත් ඇය පවසන්නීය.
කහ පැවැති බස් රථ ලාංඡනය ඇති ස්ථානවල පමණක් අන්තර් පළාත් බස් රථවලට නැවැත්විය හැකි අතර කෙටි ගමන් සේවා බස් රථවලට ද එම නැවතුම්වල බස් රථය නැවැත්විය හැකි බව කී කරුණාරත්න මහත්මිය එය අනුගමනය නොකරන බස් රථවලට සාමාන්‍ය නීතිය සහ ජාතික ගමනා ගමන කොමිසමේ නිර්දේශ අනුව කටයුතු කරන බව ද සඳහන් කළාය.
(ලංකාදීප)