Connect with us

පුවත්

e – Grama Niladari සඳහා ගත් දෙකෝටියක පෑන්-බෑග් අහක දාලා

Published

on

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරන ඉ – ග්‍රාම නිලධාරී (e – Grama Niladari) ව්‍යාපෘතිය සඳහා 2021 වසරේදී මිලදී ගත් රුපියල් දෙකෝටි විසිඑක් ලක්ෂ අසූ දහස් අටසියයක් (22,180,800.00) ක් වටිනා ජෙල් පෑන්, විශේෂිත ෆයිල් කවර සහ බෑග් තොගය බෙදා නොදී අනාරක්ෂිත ලෙස ගොඩ ගසා ඇතැයි අනාවරණය වේ.

මහ බැංකුවේ මුදල් යොදාගෙන මෙම ඉ. ග්‍රාම නිලධාරී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

මෙම ව්‍යාපෘතිය සඳහා 2021 වසරේදී මිලදී ගත් කළු ජෙල් පෑන් ලක්ෂ හතරක් සහ විශේෂිත ෆයිල් කවර විසි එක් දහසක් සහ හා හම් වලින් සකස් කරන ලද බෑග් විසි එක් දහසක් මෙලෙස බෙදා නොහැර ගොඩ ගසා ඇතැයි හෙළිදරව්වී ඇත.

මෙම කළු ජෙල් පෑන් මිලඳී ගැනීමට වැයකර තිබෙන මුදල රුපියල් පනස් තුන් ලක්ෂයකට අධිකය. විශේෂිත ෆයිල් කවර සහ බෑග් සඳහා වැයකර තිබෙන මුදල රුපියල් එක් කෝටි හැට අට ලක්ෂයකට අධිකය. මෙම පෑන්,ෆයිල් කවර සහ බෑග් ග්‍රාම නිලධාරීන්ට බෙදාදීම සඳහා මිලදී ගෙන තිබේ.

මෙම ජෙල් පෑන් විශාල තොගයක් දැනට භාවිතයට ගත නොහැකි තත්ත්වයේ පවතින බවද අනාවරණය වේ.

ඉ – ග්‍රාම නිලධාරී ව්‍යාපෘතියට අදාළව අතින් දත්ත එකතු කිරීම සඳහා දිස්ත්‍රික්ක පහකට අදාළව රජයේ මුද්‍රණාලයෙන් රුපියල් මිලියන 167 ක කොළ මිලදී ගෙන ඇති අතර, එම කොළ පිරවීමට මෙම ජෙල් පෑන් මිලදී ගෙන තිබේ. මෙම කොළවල පුරවන දත්ත ස්කෑන් කිරීමට අදාළ ටෙන්ඩරය රුපියල් මිලියන 254 ක් බවද අනාවරණය වේ.

මෙම ඉ – ග්‍රාම නිලධාරී ව්‍යාපෘතිය ඉකුත් 2021 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබිණි.

(අරුණ)

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved