Connect with us

පුවත්

ජනපතිවරණයකට ව්‍යවස්ථා වෙනසක්!

Published

on

වත්මන් ජනාධිපතිවරයාට කඩිනමින් ජනාධිපතිවරණය කැඳවීමට ව්‍යවස්ථානුකූලව බලය ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ. 

දැනට ක්‍රියාත්මක වන ව්‍යවස්ථා විධිවිධාන අනුව ජනතා ඡන්දයෙන් තේරීපත්වන ජනාධිපතිවරයකුට සිය ධූර කාලය වසර 4ක් සම්පූර්ණ කිරීමෙන් පසු නැවත ජනාධිපතිවරණයක් කැඳවීම සඳහා සිය අභිලාෂය ප්‍රකාශ කළ හැක. 

එහෙත් ව්‍යවස්ථා විශාරදයන්ගේ මතය අනුව ඡන්දයෙන් තේරීපත් නොවන අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට එම නීතිමය වරම හිමි නොවන බවට තර්කයක් ඉදිරිපත්ව ඇත.

එබැවින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීම සඳහා පත්ව සිටින වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිටපු ජනාධිපතිවරයා ධූරයට පත්ව වසර 4ක් ඇවෑමෙන් ජනාධිපතිවරණය කැඳවිය හැකිවන ලෙස ව්‍යවස්ථාව වෙනස් කිරීම නව සංශෝධනයේ අරමුණ බව වැඩිදුරටත් වාර්තා වෙයි.

මේ ගැන දැනටමත් රජයේ නීති විශාරදයන් මූලික සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇත.

පුවත්

නිමේෂ්ගේ මළසිරුර යළි ගොඩගනියි (UPDATE)

Published

on

By

වැලිකඩ පොලීසිය භාරයේ සිටියදී මරණයට පත් වූ බව කියන මීගහකිවුල ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි නිමේෂ් සත්සර නම් තරුණයාගේ මළසිරුර භූමදානයෙන් දින 21කට පසුව  අද (23) යළි ගොඩගනු ලැබීය.

බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා ඉදිරියේ මෙය සිදුවිය.

කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අධිකරණ වෛද්‍ය නිලධාරීන්, කරාපිටිය සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් පිරිසක්, බදුල්ල පොලිස් අපරාධ කොට්ටාශයේ හා කන්දකැටිය පොලීසියේ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මියගිය නිමේෂ්ගේ මව විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ඉකුත් 09වනදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවකදී දුන් නියෝගයකට අනුව මෙම මළසිරුර ගොඩගන්නා ලදී.

තම දරුවා අප්‍රේල් මස 01වනදා වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් භාරයේ සිටියදී වධ හිංසාවලට ලක්ව මියගොස් ඇති බවට කරන ලද පැමිණිල්ලක් මත රහස් පොලීසිය විසින් කරන ලද විමර්ශනය කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙහිදී මෘත දේහය යළි ගොඩගෙන ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකින් සමන්විත විශේෂ කමිටුවකින් පශ්චාත් මරණ පරීක්ෂණයක් යළි පවත්වන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විසින් ලබා දුන් තීන්දුවක් මත ඉකුත් 09වනදා පස්වරුවේ සිට මියගිය නිමේෂ් සත්සරගේ සුසානය වෙත කන්දකැටිය පොලීසිය මගින් ආරක්ෂාව සපයා දී තිබිණි.

ඒ අනුව අද ගොඩගත් නිමේෂ්ගේ මළසිරුර කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ගියේය.

මළසිරුර යළි ගොඩගත් අවස්ථාව දැකබලා ගැනීම සඳහා ප්‍රදේශවසීන් විශාල පිරිසක් එම ස්ථානය වෙත පැමිණ සිටියහ.


(පෙර පුවත 2025 අප්‍රේල් 23 ප.ව.3.10 )

වැලිකඩදී මියගිය සත්සරගේ දේහය ගොඩගැනීම ඇරඹෙයි

වැලිකඩ පොලිස් භාරයේ සිටිය දි පසුගිය 02 වැනිදා   මියගිය  26 හැවිරිදි මුතුවාඩියගේ සත්සර නිමේෂ් නැමැති තරුණයා ගේ  දේහය නව පශ්චාත් මරණ පරික්ෂණයක් සදහා නැවත අද (23 )දින ගොඩ ගැනිමේ කටයුතු ආරම්භ කර තිබෙයි.

බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා සහ ඒ සදහා පත්කර ඇති ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලය ඉදිරිපිට දී දේහය ගොඩගැනීමේ කටයුතු සිදු කරයි.

අදාළ දේහය මිගහකිවුල ,පහලගෙදර මිහිදන් කර තිබිණි.

වැලි­කඩ පොලී­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන රෝහ­ල්ගත කිරී­මෙන් පසුව මිය­ගිය බව කියන මීග­හ­කි­වුල, පහ­ල­ගෙ­දර තුරු­ලිය සෙවන පදිංචි මුතු­වා­ඩි­යගේ සත්සර නිමේෂ් නැමැති 26 වියැති තරු­ණ­යාගේ මර­ණ­යට සාධා­ර­ණ­යක් ඉටු කර දෙන්නැයි ඉල්ල­මින් මීග­හ­කි­වුල හා අවට ප්‍රදේ­ශ­වා­සීහු පසුගිය  (07) වැනිදා මීග­හ­කි­වුල නග­ර­යේදී නිහඬ උද්ඝෝ­ෂ­ණ­යක් ද සිදු කළහ.

Continue Reading

පුවත්

ශානි අබේසේකරට නව වගකීමක්

Published

on

By

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව විමර්ශනය කිරීම සඳහා පත්කරනු ලැබූ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාවද පත්කර ඇත.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

ඒ අනුව මෙම විමර්ශන වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ සභාපතීත්වයෙන් සිව්දෙනෙකුගෙන් යුත් කමිටුවේ සාමාජිකයින් ගණන පහ දක්වා වැඩිවිය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හිටපු ජනපති හා ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්

Published

on

By

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර ඊයේ (22) හමුවක් සිදුව තිබේ.

ඒ, විජේරාම නිල නිවසේදීය.

වර්තමාන සමාජ දේශපාලන තත්ත්වයන් ගැන මෙන්ම පෞද්ගලික වශයෙන් අදහස් හුවමාරු කරගැනීම එහිදී සිදුව ඇති බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි.

සමීපතම අසල්වැසි රාජ්‍යන් ලෙසින් අප දෙරට අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය මත විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ගොඩනැගුණු ගැඹුරු මිත්‍රත්වය මේ මොහොතේ තමන් ගෞරවයෙන් සිහිපත් කරන බවද මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහිදී ප්‍රකාශ කර තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved