Connect with us

පුවත්

මෙරට වී ගොවිතැන නගාසිටුවන්න ජපානයෙන් ඩොලර් මිලියන 4.6ක්

Published

on

ශ්‍රී ලංකාවේ වියළි හා අතරමැදි කලාප වලට අයත් හඳුනාගත් දිස්ත්‍රික්කවල කුඩා ප්‍රමාණයේ වී ගොවීන් ගේ නිෂ්පාදන ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා ජපාන රජය ඩොලර් 4,629,629 මෙරටට ලබා දීමට නියමිතය.

ජපන් රජය විසින් මෙම මුදල ලබා දෙනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) හරහාය.

මේ වැඩසටහන හරහා, ඉහත ප්‍රදේශ වල අක්කරයක් දක්වා භූමිභාගයක ගොවිතැන් කරන කුඩා ප්‍රමාණයේ වී ගොවීන් 250,000කට මහ කන්නය වෙනුවෙන් යූරියා පොහොර කිලෝග්‍රෑම් 50ක් දක්වා  ලබාදීමට නියමිතය.

නොමිලේ ලබා දෙන මෙම පොහොර අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව බෙදා හැරීම සිදුකිරීමට නියමිත අතර, මෙම ව්‍යාපෘතිය මඟින් කුඩා ප්‍රමාණයේ වී ගොවීන්ට නිෂ්පාදනය උපරිම කිරීම සඳහා පොහොර කාර්යක්ෂමව භාවිතා කිරීමට හැකි වනු ඇති බවද FAO නිවේදනයක දැක්වේ.

මෙහිදී අදහස් දක්වමින් මෙරට සිටින ජපන් තානාපති මිසුකොෂි හිදෙඅකි මහතා පවසා ඇත්තේ විදේශ විනිමය හිඟය හේතුවෙන් හිඟ වී ඇති පොහොර ලබාදීමට අතිරේක මානුෂීය ආධාර ලබාදීමට ජපන් රජය ගත් තීරණය සතුටින් ප්‍රකාශ කරන බවයි. මේ හරහා ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන ධාරිතාව පූර්ව අර්බුද මට්ටම් දක්වා වැඩිදියුණු කිරීමටත්, කුඩා වතු හිමියන්ට වඩා හොඳ ජීවනෝපායක් සහතික කිරීමටත්, රට පුරා සිටින සියලුම පුරවැසියන්ට අත්‍යවශ්‍ය ආහාර සඳහා ස්ථාවර ප්‍රවේශයක් ලබා ගැනීමටත් හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

තවද, ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා වන FAO නියෝජිත –  විම්ලේන්ද්‍ර ශරන් මහතා මෙසේ අදහස් දක්වා ඇත. “FAO ලෙස අපි අපගේ හවුල්කරුවන් සමඟ කටයුතු කරන අතර අවදානමට ලක්විය හැකි ගොවීන්ට සහ ධීවරයින්ට ඔවුන්ගේ ජීවනෝපාය දිගටම සිදුකරගෙන යාමට හැකි වන අයුරෙන් සහය දීමට සෑම මට්ටමකින්ම පෙනී සිටිමු. ශ්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණය පිළිබඳ තත්ත්වය වඩාත් යහපත් ලෙස දිස්වන නමුත්, සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වීමට තවත් වගා කන්න තුන හතරක කාලයක් ගත විය හැකිය.”

ශ්‍රී ලංකාව වෙත ලබාදුන් සහයට ජපාන රජයට ස්තූතිවන්ත වන අතරම, එම සහය 2023 වසරේ නිෂ්පාදනය ඉහළ නැංවීමට උපකාරී වනු ඇති බවට කිසිදු සැකයක් නොමැති බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

පුවත්

607 දෙනෙකුට නීතිපතිගෙන් අධිචෝදනා!

Published

on

By

මේ වසරේ ජනවාරි සිට මැයි දක්වා ගතවූ මාස පහ තුළ නීතිපතිවරයා විසින් ප්‍රධාන පෙළේ දේශපාලනඥයන්, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු විවිධ තැනැත්තන් 607 දෙනකුට අධිචෝදනා මත මහාධිකරණයේ නඩු පවරා තිබේ.

මේ නඩු අතර හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලු‍ත්ගමගේ, නාමල් රාජපක්ෂ, නලින් ප්‍රනාන්දු, කෙහෙළිය රඹුක්වැල්ල, රවි කරුණානායක, යෝෂිත රාජපක්ෂ, ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් ද වන බව වාර්තා වේ. 

Continue Reading

පුවත්

දුන්හිඳ බස් අනතුරෙන් 03ක් මියයයි

Published

on

By

බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ හතරේ කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළී යාමෙන් අද (21) සවස 06ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

අනතුරෙන් පුද්ගලයන් 34 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, ඔවුන් බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති බවත් වාර්තා වේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ තඹුත්තේගම සිට බදුල්ල දක්වා ගමන්කරමින් සිටි වන්දනාකරුවන් පිරිසකි. ඔවුන් තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පැවසේ.

බදුල්ල පොලීසිය අනතුර සම්බන්ධව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.  දෙක ආසන්නයේ බස් රථයක් පෙරලී ගොස් තිබේ.

අනතුරින් පුද්ගලයින් 25කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

(ඡායාරූපය : Accident1st)

Continue Reading

ක්‍රීඩා

මැතිව්ස්, ටෙස්ට් පිටියට සමු දෙයි

Published

on

By

ශ්‍රී ලංකාවේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, ක්‍රීඩා ලෝලීන්ට ආචාරය දක්වමින් සිය ටෙස්ට් දිවියට අද (21) සමුදුන්නේය.

ඒ, සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේදී තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ මොමිනුල් හක් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

මෙම තරගය අද දිනයේදී ජය පරාජයෙන් තොරව අවසන් විය.

16 වසරක් පුරාවට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ මැතිව්ස්, ටෙස්ට් තරග 119කදී ඉනිම 211ක් ක්‍රීඩා කර තිබේ.

එහිදී ලකුණු 8,214ක් ලබා ගෙන ඇති ඔහු, ටෙස්ට් ශතක 16කට සහ අර්ධ ශතක 45ක් ලබාගැනීමටද සමත් වී තිබේ.

ඊට අමතරව ඔහු විසින් ටෙස්ට් කඩුලු 33ක්ද දවා ගෙන තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved