Connect with us

පුවත්

අධිකරණ නියෝගයට පෙර ජෙරම් පැන්න රට හෙළිවෙයි!

Published

on

දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඔහුගේ අනුගාමිකයන් පිරිසක් සමග පසුගිය 14 වැනිදා සිංගප්පූරුවට ග‌ොස් ඇති බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළිකරගෙන තිබේ.

ඔහු මෙසේ සිංගප්පූරුවට පලාගොස් ඇත්තේ ආගමික සංහිඳියාවට හානි වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීමක් සම්බන්ධයෙන් ජනපති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කිරීමත් සමඟය.

එම පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පොලිස් අධිකාරිවරයකුගේ මෙහෙයවීමෙන් සිදු වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

රටින් මේ වන විට පලා ගොස් සිටින මෙම දේවගැතිවරයා නැවත මෙරටට පැමිණෙන විට අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බව පොලිසිය කියයි.

බුදුරජාණන් වහන්සේ ඇතුළු ආගමික ශාස්තෘවරුන් සම්බන්ධයෙන් ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා විසින් කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් වූ වීඩියෝ පට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට ලක්වෙමින් ඇති බවත් එම වීඩියෝ පටවල සංස්කරණය නොකළ දර්ශන පවා ලබා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට නියමිත බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

මෙම දේවගැතිවරයාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කිරීමට මුල් වන්නේ බෞද්ධයන් කැලඹීමකට ලක්වන ඔහු විසින් කළ ප්‍රකාශක් ඇතුළත් වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසැරීමට පටන් ගැනීමත් සමඟිනි.

ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයකට මෙම වීඩියෝ දර්ශනය ලක්වන අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයක් පවත්වන්නැයි පොලිස්පතිවරයාට නියෝගයක් පවා නිකුත් කරනු ලැබීය.

වගකීම් විරහිත හිතලු ප්‍රකාශ හේතුවෙන් ආගමික ගැටුම් නිර්මාණය වී එය රටේ සංහිඳියාවට බලපෑම් විය හැකි බැවින් අදාළ දේවගැතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා තමාට වාර්තාවක් ලබාදෙන ලෙසද ජනාධිපතිවරයා එහිදී පොලිස්පතිවරයාට දැනුම්දී තිබිණි.

2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතට අනුව මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම කෙරෙහිද මේ වට විශේෂ අවධානයක් යොමුව ඇති බව රජයේ දිනමිණ පුවත්පත වාර්තා කර තිබේ.

සබැදි පුවත්

විදෙස් ගමන් තහනමට පෙර ජෙරම් රටින් මාරුවෙලා!

පුවත්

කෝටි 433ක බදු පොලු තැබූ සමාගම් 5ක අධ්‍යක්ෂකවරුන්ගේ දේපළ ආණ්ඩුවට

Published

on

By

රුපියල් කෝටි හාරසිය තිස් තුනකට අධික (4,334,997,188) මහා පරිමාණ වැට් බදු පැහැර හැරීම් සිදුකර සිර දඬුවම් ලැබූ සමාගම් 5ක අධ්‍යක්ෂවරුන්ගෙන් හිඟ බදු අයකර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.

මෙම සමාගම්වලට හෝ එහි අධ්‍යක්ෂවරුන්ට අයත් දේශීය හා විදේශීය නිශ්චල හා චංචල දේපළ පවරා ගැනීම හෝ වත්කම් පවරා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.

යාන වාහන, යන්ත්‍ර සූත්‍ර, සමාගම් කොටස්, ස්ථාවර තැන්පතු ආදී මොන යම් හෝ දේපළකින් හිඟ බදු මුදල අයකර ගැනීමට පියවර ගනිමින් සිටින බවට වාර්තා වේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ, ඒ සඳහා මෙම සමාගම් අධ්‍යක්ෂවරුන්ගේ තොරතුරු පරීක්ෂා කරමින් සිටින බව ය.

සිර දඬුවම් විඳීමෙන් පසුව නිදහස් වූ නමුත් මෙතෙක් බදු මුදල් ගෙවීමට අපොහොසත් වූ මෙම සමාගම්වල අධ්‍යක්ෂවරුන්ගේ හා සමාගම්වල තොරතුරු අනාවරණය විය.

මෙලෙස  වැට් බදු මුදල් පැහැර හැරීම සිදුකළ සමාගම් හා පුද්ගලයන්ගේ තොරතුරු මෙසේ ය.

  • කේ. ඒ. ගීත ප්‍රසංග රුපියල් 46,655,028ක වැට් බදු මුදලක් පැහැර හැර තිබේ. එම සමාගම් අධ්‍යක්ෂවරයා මේ වන විටත් සිර දඬුවම් විඳිමින් සිටියි.

සමාගම් අධ්‍යක්ෂවරුන් වන ආර්. ජී. ඇන්ඩ්‍රාඩෝ රුපියල් 40,066,805ක් සහ ජේ.ඒ. ජයසුන්දර 31,134,367ක හිඟ බදු ගෙවා නැත.

  • මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන ඇලෝසියස් සහ ඇන්තොනි ජෝන් 3,983,937,872 ක මුදලක් ගෙවා නැති බව වාර්තා වේ.
  • සමරනායක සහ සමාගම, අධ්‍යක්ෂවරුන් එච්.ඒ.ඒ.ආර්.එම්. සමරනායක, ශ්‍රී රජෝර් ෂම්මුගනාදන් සහ ජී.එම්.එම්. තුෂානි රුපියල් 19,283,204ක් වැට් බදු පැහැර හැර තිබේ.

එම සමාගම පැහැර හරින ලද තවත් රුපියල් 213,919,912ක වැට් බදු මුදලක් ඇත. එම සමාගම යොමුකළ ප්‍රතිශෝධන අයැදුම්පත සලකා බලා මහාධිකරණයෙන් ඇප නියම කර ඇත.

සමාගම් අධ්‍යක්ෂ කේ. ඒ. ගීත ප්‍රසංග මේ වනවිටත් දඬුවම් විඳිමින් සිටින අතර අනෙකුත් සමාගම්වල අධ්‍යක්ෂවරුන් සියලු ම දෙනා සිරදඬුවම් විඳීමට පසුව නිදහස් වූ අය නමුත් ඔවුන්ගෙන් බදු මුදල් අයකර ගන්නා බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

  • වැට් බදු ගෙවීම පැහැර හැරීම සිදුකළ විජිත එන්ටප්‍රයිස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් එච්. එම්.එම්.බී. ගුණසේකර සහ ටී.කේ. අමරසිංහ රුපියල් 32,512,815ක හිඟ බදු මුදල මේ වන විට ගෙවා ඇත.
  • එසේ ම, නෝර්ත් සී සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ඇන්ටොනි එමිලින් පයිල්, සෙබස්තියන් ජූඩ් සහ ඇන්තොනි ප්ලැසිඩස් ද රුපියල් 66,105,672ක හිඟ බදු ගෙවා තිබේ.

මූලාශ්‍රය – මව්බිම

Continue Reading

පුවත්

සහෝදරයෙක් නැති මට මාධ්‍යවේදීන් කියන්නේ සහෝදරයින්

Published

on

By

සහෝදරයෙක් නොමැති තමන් මාධ්‍යවේදීන් සිය සහෝදරීන් හැටියට සලකන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින් ද ජයතිස්ස මහතා පවසයි.

කළුතර දිස්ත්‍රික් ජනමාධ්‍යවේදීන් උදෙසා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ ඇසිදිසි පියවර මාධ්‍ය වැඩමුළුවේ සමාරම්භක දේශනය කරමින් ඇමතිවරයා මේ බව පවසා සිටියේය.

තම මාධ්‍ය සහෝදරයින්ගේ කැපවීම උනන්දුව හා ලෙන්ගතුකම මත තමන්ට සෞඛ්‍ය අමාත්‍ය ධුරය පමණක් නොව ජනමාධ්‍ය ඇමති ධූරයද හිමි වී ඇති බව ජයතිස්ස මහතා පැවසීය.

මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, මාධ්‍ය නිදහස හා මාධ්‍ය වෘත්තිය භාවය ආරක්ෂා කිරීම වෙනුවෙන්  රජය නිරන්තරයෙන් කැපවෙන බවත්,ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමට ඉඩ සලසමින් සෑම පැත්තකින්ම මාධ්‍යවේදියා හා ජනතාව ආරක්ෂා කරන බව ජනමාධ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

තවද මාධ්‍යවේදීන් උදෙසා වරලත් ආයතනයක් ඇති කිරීමට කටයුතු සම්පාදනය කරන බවද පැවසු නලින්ද මහතා මෙවර අයවැයෙන් රුපියල් ලක්ෂ 260ක මුදලක් මාධ්‍ය උන්නතිය සඳහා වෙන්කර ඇති බව පෙන්වා දුන්නේය

Continue Reading

පුවත්

ඩොක්ටර් මහේෂි ගැන ඔබ දන්න තොරතුරු කියන්න

Published

on

By

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න යටතේ ශල්‍යකර්මවලට ලක්ව අගතියට පත් පුද්ගලයින්ගේ තොරතුරු රැස්කිරීමට එම කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ශල්‍ය උපකරණ භාවිතයෙන් සිදුකළ ස්නායු ශල්‍යකර්මවලදී එම උපකරණ බාහිර ආයතනවලින් ලබා ගැනීමට සැලැස්වීම තුළින් රෝගීන්ට අලාභ සිදුකිරීම් ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අදාළ වෛද්‍යවරිය පසුගියදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එලෙස අගතියට පත්වු පුද්ගලයින් 77 දෙනෙකුගෙන් පමණ මේ වනවිට ප්‍රකාශ ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම පැවසීය.

අගතියට පත් තවත් පුද්ගලයින් හෝ මෙම අක්‍රමිකතාව පිළිබඳව තොරතුරු දන්නා පුද්ගලයින්ට අදාළ තොරතුරු  ලබාදිය හැකි බව අල්ලස් කොමිසම පවසයි.  

ඒ අනුව 1954 යන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ක්ෂණික ඇමතුම් අංකයට හෝ [email protected] විද්‍යුත් ලිපිනය හරහා එම තොරතුරු දැනුම්දිය හැකි බව ද  එම කොමිසම සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved