Connect with us

පුවත්

මහින්දගේ විදෙස් ගමන් තහනම ඉවත් ඉවතට; සැකකරුවෙකුත් නෙවෙයි

Published

on

ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදී අලාභ හානි සිදුකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනකුගේ එම තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (17) නියෝග කළේය.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එම සිව්දෙනා මෙම සිද්ධියට අදාළව සැකකරුවන් ලෙස නම්කර නොමැති බැවින් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගය ඉවත් කරන ලෙසට ජනාධිපති නිතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව මෙලෙස විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කෙරුණේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ඇමැතිවරියක වන පවිත්‍රා වන්නිආරච්චි, හිටපු ඇමැතිවරයකු වන රෝහිත අබේගුණවර්ධන, හිටපු පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්න යන අයවලුන්ගේය.

මෙම නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙස ද මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට ද නියම කළේය.

පුවත්

නෙවිල් සිල්වාට ඇප (UPDATE)

Published

on

By

මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවූ කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතාට ඇප ලබාදී ඇත.

2023 වසරේදී මාතර වැලිගම W15 හෝටලය ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව නෙවිල් සිල්වා මහතා අද (24) අධිකරණයට භාරවිය.

අදාළ සිද්ධියට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කර තිබුණි.

නෙවිල් සිල්වා එම නඩුවේ 9වන සැකකරුය.


(පෙර පුවත 2025 අප්‍රේල් 24 ප.ව.3.59 )

නෙවිල් සිල්වා අධිකරණයට භාරවෙයි

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවී තිබේ.

අද (24) ඔහු මෙලෙස අධිකරණයට භාරවී ඇති බව සඳහන් ය.

2023 වසරේදී මාතර වැලිගම W15 හෝටලය ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා මෙලෙස භාරවී තිබේ.

අදාළ සිද්ධියට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කර තිබුණි.

හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා අදාළ නඩුවේ 9වන සැකකරු වෙයි.

Continue Reading

පුවත්

අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

Published

on

By

2025 අප්‍රේල් මස 26 වන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ, අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථවීම හේතුවෙන් එතුමන්ගේ අවසන් කටයුතු එදිනට යෙදී තිබීම හේතුවෙනි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ට දැනුම්දෙන්නේ  2025 අප්‍රේල් මස 26 දින සියලුම රජයේ කාර්යාලවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙසය.

Continue Reading

පුවත්

ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීම්

Published

on

By

නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු-මැද පළාත් සහ මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved