Connect with us

පුවත්

තරුණයන් 3ක් නුගේගොඩ ප්‍රසිද්ධ බාලිකාවක දැරිකට අතවර කරලා

Published

on

තරුණයන් තිදෙනෙකු ගෙන් වරින් වර බරපතළ ලිංගික අපයෝජනයට ලක් වූ නුගේගොඩ ප්‍රසිද්ධ පාසැලක 13 හැවිරිදි දැරියක් රෝහල් ගතකර ඇතැයි කිරුලපන පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන්  කිරුළපන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 හා 21 තරුණයන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

2022 වසරේ සැප්තැම්බර් මාසයේදී දැරිය පදිංචි නිවෙස ආසන්නයේ පැවැති අවමඟුල් උත්සවයකදී 23 හැවිරිදි තරුණයෙකු සමග පෙම් සබදතාවයක් හටගෙන තිබූ බව පොලිසිය කියයි.

අනතුරුව එම පුද්ගලයා විසින් දැරියව දෙහිවල ප්‍රදේශයේ මුහුදු වෙරළට රැගෙන ගොස් පැය කිහිපයක් ගත කිරීමෙන් අනතුරුව හෝටල් කාමරයකට රැගෙන ගොස් ලිංගික අතවර කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුරුව දැරිය පදිංචි නිවස ආසන්නයේ සිටින මිතුරියකගේ සහෝදරයකු වන 21 හැවිරිදි තරුණයකු දැරිය සමග සබදතාවයක් ඇති කර ගෙන තිබූ අතර දැරියගේ නිවසේ කිසිවකුත් නොමැති අවස්ථාවේදී ඔහු පැමිණ දැරියට ලිංගික අතවර කර තිබූ බව පොලිසිය කියයි.

ඉන් අනතුරුව 2023 ජනවාරි පළමුවැනි දින දැරියගේ නිවසේ පැවති සාදයකදී අධික ලෙස මත්පැන් පානය කළ 19 හැවිරිදි තරුණයකු දැරියට අතවර කර තිබූ බව සිදු කළ දීර්ඝ විමර්ශන වලදී අනාවරණයවී තිබේ

දිගින් දිගටම අතවරයට පත් දැරිය මේ පිළිබඳ ඇයගේ සමීපතම මිතුරියකට පැවසීමෙන් අනතුරුව එම යෙහෙළිය විසින් පන්ති භාර ගුරුතුමියට කරන ලද දැනුම් දැනුම්දීමක ප්‍රතිඵලයක් ලෙස 1929 උපකාරක සේවයට ලද පැමිණිල්ලක් කිරුළපන පොලිසියට යොමු කිරීමෙන් අනතුරුව දැරිය පොලිසියට ගෙන්වා කරන ලද ප්‍රශ්න කිරිමේදී මෙම අපරාධය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවී ඇත.

දැරියව ප්‍රථමයෙන් අතවරයට පත් කළ පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇත.

මේ සම්බන්ධයෙන් කිරුලපන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

පුවත්

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට තිදෙනෙකු අත්අඩංගුවට

Published

on

By

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 6ක් යොදවා ඇති බව වාර්තා වෙයි.

පොලීසිය සැකපළ කරන්නේ එම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කන්ජිපානේ ඉම්රාන්ගේ පාර්ශවය විසින් සිදුකරන්නට ඇති බවය.

ඊයේ රාත්‍රී වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩිතැබීමක් සිදුකර තිබු‍ණි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසීය.

සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති  අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ උරහිස ප්‍රදේශයට සහ තවත් වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ පපුව ප්‍රදේශයට එල්ල වී තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හලාවත හදිසි ජලගැලීම් තත්ත්වයක්

Published

on

By

වර්ෂාවත් සමග හලාවත නගරයේ හදිසි ජලගැලීම් තත්ත්වයක් හට ගෙන තිබේ.

මේ නිසා හලාවත ආනන්ද ජාතික පාසල සහ හලාවත විජය විද්‍යාල තවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ.

ජලගැලීම් තත්ත්වය හේතුවෙන් හලාවත නගරයේ ඇති මාර්ග රැසක් සහ නිවාස රැසක් ජයල යටවී ඇති බව සඳහන්ය.

හලාවත නගරයේ ඇති කාණු පද්ධතිය අවහිර වීම හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හට ගෙන අති බව ප්‍රදේශවාසීන් සඳහන් පවසයි. 

Continue Reading

පුවත්

කාදිනල් හිමි වතිකානය බලා පිටත්වේ

Published

on

By

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් තිබේ.

අද (23) පෙරවරු 9:30ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් කාදිනල් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගිය බව වාර්තා විය.

ඒ, ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා සහභාගීවීමටය.

අප්‍රේල් මස 26 වන සෙනසුරාදා පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved