Connect with us

පුවත්

මහවැලියේ වැඩ වලට කෝප් සභාපතිගෙන් දොස්

Published

on

මහවැලි අධිකාරියේ 2020 සහ 2021 විගණකාධිපති වාර්තාවෙන් මතුවන කරුණු සම්බන්ධයෙන් සහ  වත්මන් කාර්ය සාධනය කෝප් කමිටුව ඇගයීමට ලක් කරයි.

මහවැලි අධිකාරියේ සේවාවන් කාර්යක්ෂමව සහ ගුණාත්මකව ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති – මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා එම අධිකාරියේ යල් පැන ගිය ‘මෙහෙවර ප්‍රකාශනය සහ ප්‍රධාන කාර්ය සාධන දර්ශක සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබේ.

‘පුරවැසියන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීම’ අධිකාරියේ දැක්මට අනුව මූලික අරමුණක් ලෙස සදහන්ව තිබුණද එය ඉටු නොවීම පිළිබඳව කමිටු සභාපතිවරයා කමිටුව ආරම්භයේදීම සිය අප්‍රසාදය පළ කළේය.

ඒ අනුව මහවැලි අධිකාරියේ ප්‍රතිපත්ති සහ භාවිතයන් පරීක්ෂා කර නවීන ලෝකය වඩා ගැළපෙන පරිදි මෙහෙවර  සහ දැක්ම යළි සකස් කරන ලෙස ඔහු මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය. එසේම අධිකාරිය විසින්  ඉඩම් වෙන්කිරීමේ ක්‍රියාවලියේදී ඩිජිටල් යටිතල පහසුකම් භාවිතා නොකිරීම පිළිබඳව වැඩිදුරටත් විමසා සිටි අතර එය ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙස ද උපදෙස් දෙන ලදී.

ඉඩම් පැවරීම සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු ඉදිරිපත් කරන ලෙස කාරක සභාව අධිකාරියට නියෝග කළේය.

• දැනට පවතින ඉඩම් පැවරීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳ වාර්තාවක් සති 02ක් ඇතුළත ඉදිරිපත් කිරීම
• ආයෝජන අරමුණු සඳහා ඉදිරිපත් කරන ලද ඉඩම්වල  ආයෝජකයාගේ විස්තර, ආයෝජනයේ අරමුණ, අනුගමනය කළ ක්‍රියා පිටිපාටිය යනාදිය ඇතුළත්ව සම්පූර්ණ වාර්තාවක් සති 02ක් ඇතුළත ඉදිරිපත් කිරීම
• අධිකාරියට අයත් ඉඩම් වපසරියන් තුළ සිදුවන අනවසර ඉදිකිරීම් පිළිබඳ වාර්තාවක් මාස 01ක් ඇතුළත ඉදිරිපත් කිරීම.

මහවැලි අධිකාරියේ 2022 වර්ෂයට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තාව සහ විගණකාධිපති කාර්යාලය විසින් නිරීක්ෂණය කළ දත්ත අතර නොගැලපීම හේතුවෙන් එම වසරට අදාළව නිකුත් කරන ලද සියලුම ඉඩම් පිළිබඳ  වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙස ද මෙහිදී උපදෙස් දෙන ලදී. එ් එම ඉඩම් නිකුත් කිරීම අත්හිටුවන ලෙස ජනාධිපතිවරයා විසින්ද  නියෝගයක් ලබා දී ඇති පසුබිමකය.  

අධිකාරියේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය මෙහිදී පරීක්ෂාවට ලක් වූ අතර, දැනට සිටින අභ්‍යන්තර කාර්ය මණ්ඩලයට උසස්වීම් ලබාදීම සදහා පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීමේ ප්‍රමාදයක් පවතින බව මෙහිදී නිරීක්ෂණය විය. ඒ අනුව  එම පුරප්පාඩු ඉදිරි දින 60 තුළ වහාම පිරවීමට කටයුතු කරන ලෙස කෝප් කමිටු සභාපතිවරයා නියෝග කළේය.

පුවත්

අධිවේගයේ යන සැමට ආසන පටි අනිවාර්ය වේ

Published

on

By

2025 අගෝස්තු 01 වන දින සිට අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල ගමන් කරන සියලුම මගීන්ටආසන බඳපටි පැළඳීම අනිවාර්යය කර තිබේ.

මේ අතර  සැප්තැම්බර් 01 වන දින සිටඅධිවේගී බස්රථවල ගමන් කරන කරන සියලුම මගීන්ට ද ආසන බඳපටි පැළඳීම අනිවාර්යය වේ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (01) උදෑසන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව කියා සිටියේය.

රිය අනතුරුවලින් විශාල ප්‍රමාණයක් ජීවිත අහිමි වන බවත් එම තත්ත්වය මඟ හැරීම සඳහා මෙම තීරණය ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම අධිවේගී මාර්ගවල ධාවනය වන සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල යන අයට ද ආසන පටි පැලඳීම අනිවාර්යය වන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

මේ අතර, 2011 වසරේ සිට ආසන පටි පැලඳීම අනිවාර්යය කර තිබුණ ද සැහැල්ලු වාහන සඳහා එම නීතිය තරමක් ක්‍රියාත්මක වුවත් ලොරි සහ බස්රථ එම නීතිය මඟ හැර සිටි බවත් අද (01)  සිට බස් හා ලොරි රථ රියදුරන්ට ආසන පටි පැලඳීම අනිවාර්යය වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා කියා සිටියේ, මෙය හුදෙක් නීතිය ක්‍රියාත්මක කිරීමක් නොවන අනතුරුවලින් සිදුවන හානිය අවම කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පුළුල් වැඩපිළිවෙලේ එක් කොටසක් බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ශ්‍රීලංකන් හිටපු සභාපති අධිකරණයට

Published

on

By

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ජ්‍යෙෂ්ඨ පුරවැසි විශේෂ පොලී යෝජනා ක්‍රමය අද සිට

Published

on

By

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා යෝජිත විශේෂ පොලී යෝජනා ක්‍රමය අද (01) සිට බලපැත්වෙන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

2025 අයවැය යෝජනා යටතේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම ණය යෝජනා ක්‍රමය සඳහා අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සුදුසුකම් ලබයි.

මෙම යෝජනා ක්‍රමය යටතේ ස්ථාවර තැන්පතු 2025 ජූලි 1 සිට 2025 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ විවෘත කළ හැකි අතර, එවැනි සියලුම තැන්පතු සඳහා මාස 12 ක ස්ථාවර තැන්පතු කාලයක් තිබිය යුතුය.

මේ අතර, ණය යෝජනා ක්‍රමය යටතේ තැන්පතුවල මුළු වටිනාකම තැන්පත්කරුවෙකුට රුපියල් මිලියන 1 නොඉක්මවිය යුතුය.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මූල්‍ය ස්ථාවරය සහතික කිරීම සඳහා රු මිලියනයක වසරක ස්ථාවර තැන්පතු සඳහා වෙළෙඳපොළේ පවතින පොලී අනුපාතිකයට වඩා සියයට 3ක වාර්ෂික පොලී අනුපාතයක් ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පවසා තිබුණි.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවිය යුතු සියයට 3% පොලියට අවශ්‍ය ප්‍රතිපාදන සඳහා රජය 2025 අයවැය යටතේ රුපියල් බිලියන 15ක් වෙන් කර ඇත.

මෙම යෝජනා ක්‍රමයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට කැමති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අද සිට ළඟම ඇති බැංකු ශාඛාව වෙත ගොස් ජාතික හැඳුනුම්පත (NIC) සහ IRD විසින් නිකුත් කරන ලද TIN ඇතුළු අනෙකුත් අවශ්‍ය ලියකියවිලි සමඟ මෙම යෝජනා ක්‍රමය යටතේ ස්ථාවර තැන්පතුවක් විවෘත කරන ලෙසට රජය ආරාධනා කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved