Connect with us

පුවත්

නියමු ව්‍යාපෘතියක් ලෙස කංසා වවන්න අවසර – දිලුම්

Published

on

ආයෝජන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස කංසා වගා කිරීම සඳහා විශේෂඥයන්ගේ අවසරය හිමිවූ බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ අද (26) පස්වරුවේ දී පැවති මෙරට ආයෝජන සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවකදීය.

“ආයෝජන මණ්ඩලය කංසා වගා කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. ඒ සඳහා ආයෝජකයින් සොයමින් ඉන්නේ ළඟදී නිකුත් කළ විශේෂඥ කමිටු වාර්තාව මගින් ආයෝජන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන්න අනුමැතිය ලබාදි තිබෙනවා. ඒ සඳහා අපි ආයෝජකයින් හා විශේෂඥයන් සමග සාකච්ඡා කරමින් සිටිනවා. ළඟදීම අප එය අත්හදා බැලීම ආරම්භ කරනවා. ඒ සඳහා අපට ප්‍රදේශයක් තෝරාගත යුතු වනවා. එය බොහෝවිට කලාපයක් වෙයි. විදේශ විනිමය වැඩියෙන් ගෙනෙන අප එය ආයෝජකයන් කිහිපදෙනෙකු සමග ආරම්භ කිරීමට අදහස් කරනවා. ඔවුන් කංසා වැවීම පමණක් නොවෙයි අවම නිෂ්පාදනයන් සැකසිය යුතුයි. එයයි රටට ආදායමක් වන්නේ. එය සිදුකරන ආකාරය සාකච්ඡා කරමින් සිටින්නේ. මොකද නීති සකස් කළ පසු මතභේදයක් පැවතිය යුතු නැහැ. කමිටු වාර්තාව අනුව අපට ඒ සඳහා එය සිදුකරන ආකාරය ගැන කැබිනට් පත්‍රිකාවක් අවශ්‍යයි,” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

පුවත්

මන්නා රමේෂ් හා ගෝලයන් තුන ලංකාවට (Update)

Published

on

By

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන රමේෂ් ප්‍රියජනක හෙවත් ‘මන්නා රමේෂ්’ දිවයිනට රැගෙනවිත් තිබේ.

අද (07) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු ඩුබායිහි සිටි දිවයිනට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තු නිකුත් කර තිබූ මන්නා රමේෂ් නැමැත්තාව පසුගියදා ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසකට මන්නා රමේෂ්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

අවිස්සාවේල්ල ප්‍රදේශය මුලික කරගෙන ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගැනීමේ සිදුවීම් රැසක් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර පසුගිය කාලයේ සිදුවූ ඝාතන කිහිපයක්ම ඔහුගේ මෙහෙයවීම මත සිදුව ඇති බව අනාවරණය වී තිබේ.

දිවයිනට රැගෙන ආ සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.

පෙර පුවත 07-05-2024 -07:07AM

——————————

මන්නා රමේෂ් හා ගෝලයන් තුන ලංකාවට (Update)

ඩුබායිහිදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙරට ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන මන්නා රමේශ් නැමැත්තා සහ ඔහු ගේ ගෝලයන් බව කියන තිදෙනකු කටුනායක ගුවන්තොටුපොළෙන් අද (07) උදෑසන රැගෙන ගෙන ඒමට නියමිතය.

මෙම පාතාලයන් සිව් දෙනා මෙරටට රැගෙන ඒම සඳහා රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් පෙරේදා ඩුබායි බලා පිටත්ව ගිය බව පොලිස් මූලස්ථානය කියයි.

රහස් පොලිසියේ භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා ගේ මෙහෙයුම යටතේ එම විශේෂ රහස් පොලිස් කණ්ඩායම ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.

පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන මන්නා රමේෂ් නමැත්තා ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී එරට පොලිසිය අත්අඩංගුවට ගත්තේ මීට මාස දෙකකට පමණ ඉහතදීය.

ඉන්පසු ඔහුගේ ගෝලයන් තිදෙනෙක් ද එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියහ.

මන්නා රමේෂ් නමැත්තා රතු නිවේදන නිකුත් කර ඇති හතළිස් තුන්දෙනා ගේ ලයිස්තුවේ සිටින අයකු බව ද කියයි.

Continue Reading

පුවත්

කලින් වීසා ගාස්තු එලෙසම පවත්වාගෙන යන්න කැබිනට් අනුමැතිය

Published

on

By

විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමටත්, ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනිසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයු වීසා සේවාව එසේම ක්‍රියාත්මක කිරීමටත් අද (06) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

එසේම මෙරටට විදේශිකයෙකු ඇතුල්වීමේදී අදාළ වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දරනු ඇති බවද එම අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Continue Reading

පුවත්

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Published

on

By

පසුගිය දා බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ  E-Visa ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමත් VFS Global  සමාගමේ සම්බන්ධතාවයත් සමඟ මතුවූ ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ අද (06) දින ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයෙන් සඳහන්  කරන්නේ වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනුවෙන් VFS Global  සමාගම තෝරාගැනීමට හේතූන් හා එම සමාගමේ ශක්‍යතාවන්ය.

අදාල නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ,

“ඉහත කුමන තත්ත්වයක් තුලදී වුවද 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනතේ වීසා අනුමත කිරීම, නිකුත් කිරීම හෝ නොකිරීමේ බලය ආගමන විගමන දෙපාර්තුමේන්තුව සතුබව සහතික කර ප්‍රකාශ කර සිටිමු” යනුවෙනි

අදාළ නිවේදනය මෙසේය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved