Connect with us

පුවත්

බෞද්ධයන් කුපිත කරන කුමන්ත්‍රණයක් ගැන සැක; දිලිත්ටත් ‌චෝදනා

Published

on

බුදුරජාණන් වහන්සේට අපහාස කරමින් බෞද්ධයන් කුපිත කිරීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේදැයි සොයා පොලිසිය විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි “අරුණ” පුවත් පත වාර්තා කර තිබේ.

එම පුවත්පත වැඩිදුරටත් මෙසේද වාර්තා කර ඇත.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු පසුගියදා කරන ලද අපහාසාත්මක ප්‍රකාශයත්, නතාෂා එදිරිසූරිය නමැති කාන්තාව විසින් කරන ලද ප්‍රකාශයත් මුල් කරගනිමින් මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජයේ විශේෂ අවධානයක් මේ සම්බන්ධයෙන් යොමුව තිබෙන බවත් අද (29 වැනිදා) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වෙන බවත් රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

එමෙන්ම පොලිස්පති චන්දන වික්‍රමරත්න ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත්තේ ජෙරම් ප්‍රනාන්දුගේ සහ නතාෂා එදිරිසූරියගේ ප්‍රකාශයන්ට අදාළ සිදුවීම් ද්විත්වය සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් සිදුකරන ලෙසය.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු ගේ අපහාසාත්මක ප්‍රකාශයත් සමග බෞද්ධයන් අතර මහත් කැළඹීමක් ඇතිවූ අතර අදාළ ප්‍රකාශය සිදුකිරීමෙන් පසු ජෙරම් ප්‍රනාන්දු රටින් පැනගොස් තිබිණි. ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන සිදුවන අතරතුර කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ශ්‍රවණාගාරයක පැවති මෝඩාභිමානය නමැති ප්‍රහසන වැඩසටහනක් මෙහෙයවූ නතාෂා එදිරිසූරිය නමැති කාන්තාව විසින් බුදුරජාණන් වහන්සේට අපහාස වන අන්දමින් තවත් ප්‍රකාශ කිහිපයක්ම සිදුකර තිබුණි. ඒ සම්බන්ධයෙන්ද රට තුළ මහත් කැළඹීමක් ඇතිවූ අතර අදාළ කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (27 වැනිදා) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබුවේ සිංගප්පූරුවට පලා යාමට පැමිණ සිටියෙදීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටින මෙම කාන්තාව ඊයේ (28 වැනිදා) වැනිදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි 7වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණ.

කෙසේ වෙතත් මෙම කාන්තාව තමන් විසින් කළ ප්‍රකාශය හිතාමතා කළ ප්‍රකාශයක් නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ කර ඇති අතර ඉන් බෞද්ධයන්ට සිත්රිදීමක් වූයේ නම් සමාව අයැද සිටින බවද පවසා ඇත.

දිලිත්ටත් ච‌ෝදනා

නටාෂා අත්අඩංගුවට ගත්තේ නම් මීට කාලයකට පෙර එවැනිම ප්‍රකාශයක් කළ දෙරණ නාලිකාවේ හා අරුණ පුවත්පතේ සභාපති දිලිත් ජයවීර මහතා හා සමන්තභද්‍ර හිමි සම්බන්ධයෙන් ද ස්වාධීන විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් සමාජ මාධ්‍ය තුළ මත පලව තිබේ.

කෙස‌ේවුවද, ජයවීර මහතා එළඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට සූදානම්ව සිටීම නිසා ඔහුව අත්අඩංගුවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් ලෙස මෙම සමාජ මාධ්‍ය රැල්ල ක්‍රියාත්මක බවට ද සැකයක් මතුව තිබේ.


එසේ දිලිත් ජයවීර මහතාට එරෙහිව පලව තිබූ ෆේස්බුක් සටහන්.

එස‌ේම සිය නාලිකාවේ ප්‍රධානියා බුදු දහමට අපහාසවන අයුරින් ප්‍රකාශ නිකුත්කර තිබියදී ඒ් සම්බන්ධයෙන් වචනයකුදු ප්‍රකාශ නොකර නතාෂාගේ අත්අඩංගුවට ගැනීම ගැන පුවත ගනෙහැර දක්වා ඇයව විවේචනය කිරීම සම්බන්ධයෙන් දෙරණ නාලිකාවේ පත්තරයේ විස්තර කියවන නිවේදක සංඛ අමරජිත් පෙරේරාට ද මේවන විට සමාජ මාධ්‍ය ඔස්සේ දෝෂාරෝපණ එල්ල වෙමින් තිබේ.

පුවත්

කඳාන වෙඩි ප්‍රහාරයෙන් එක් අයෙකු මරුට (Update)

Published

on

By

කඳානේදී අද (03) සිදුවූ වෙඩි ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සමීර මනහර මහතා ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරාංචි මාර්ග සඳහන් කරයි.


(පෙර පුවත 2025 ජුලි 03 පෙ.ව.11.02 )

කඳාන වෙඩිතැබීමකින් හිටපු ඇමති ගේ පෞද්ගලික ලේකම්ට තුවාලයි!

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු හට කඳාන ජනතා පොළ ආසන්නයේදී අද (ජූලි 03) වෙඩි තබා තිබේ.

මෙම සිද්ධියෙන් හිටපු අමාත්‍ය – මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සමීර මනහර මහතා ද තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

තුවලකරුවන් රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

මර්වින් ඇතුළු තිදෙනාට ඇප

Published

on

By

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනාට ඇප නියම කර තිබේ.

මර්වින් සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත අද (03) ගම්පහ මහාධිකරණ විනිසුරු ඩබ්. කේ. ඩී. විජයරත්න මහතා ඉදිරියේ දී සලකා බැලුණු අතර, එහිදී විත්තිකරුවන් වූ මර්වින් සිල්වා, ජයන්ත කබ්රාල් සහ නවීන් වීරකෝන් යන විත්තිකරුවන් තිදෙනාටම ඇප හිමි වුණි.

එක් අයෙකු රු. ලක්ෂ 2ක මුදල් ඇපයක් බැගින් හා රු. ලක්ෂ 50ක ශරීර ඇප පහක් මත නිදහස් කෙරුණි.

ඔවුන්ගේ විදේශ ගමන් ද තහනම් කර තිබේ.
තවද සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස විත්තිකරුවන්ට දැඩි ලෙස අවවාද කෙරුණු අතර සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද විනිසුරුවරයා නියෝග කළේය.

Continue Reading

පුවත්

මොනරා ගමනය නිමයි; ස්වර්ණවාහිනිය අර්බුදයක; ටෙලි නිෂ්පාදකයෝ අමාරුවේ

Published

on

By

ආඩම්බරකාර ටෙලිවිෂන් සම්ප්‍රාප්තිය ලෙස වර ගන්වමින් මීට වසරකට පෙර ආරම්භ කරන ලද මොනරා TV වසා දැමීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, එහි සේවකයන්ට දන්වා ඇත්තේ පරිපාලන අවුලක් නිරවුල් කර ගැනීමට මෙය තාවකාලිකව වසා දැමුණු බවයි.

ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයට අනුබද්ධිතව ආරම්භ කරන ලද මොනරා TV ඉකුත් 2024-06-25 වැනිදා වෝටර්ස් එජි හි විශාල උත්සවයක් පවත්වා ආරම්භ කරන ලදී.


එහි ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබුවේ බුද්ධික වික්‍රමාදර මහතා ය.

කෙසේවුවද, ආදළ රූපවාහිනී නාලිකාවට ටෙලිනාට්‍ය සපයන ලද ටෙලිනාට්‍ය නිෂ්පාදකයින්ට රුපියල් ලක්ෂ 2000 ක පමණ හිඟ මුදල් පවතින බවද පැවසේ.

මේ අතර, ආර්ථික කඩාවැටීමකින් ක්‍රියාත්මක වන ස්වර්ණවාහිනී නාලිකාවද දැඩි මූල්‍ය අර්බුදයක සිටින බව පැවසේ.

ස්වර්ණවාහිනිය කලක සිට ටෙලිනාට්‍ය වලට ගෙවනු ලැබුවේ කොටස් 60ක් පමණ එම නාලිකාවේ විකාශයවීමෙන් පසුව බවද වාර්තා වේ.


ඒ අනුව ටෙලිනාට්‍ය නිෂ්පාදකයකුට රුපියල් ලක්ෂ 150ක් පමණ ටෙලිනාට්‍යකට ආයෝජනය කර එහි මුදල් ලබා ගැනීමට මාස තුනකට ආසන්න කාලයක් බලා සිටීමට සිදුව ඇති බව ද ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු අප වෙත පැවසීය.

එසේ මුදල් ගෙවීමේදී ද මුදල් ගෙවනු ලබන්නේ කොටස් 5ක් වැනි ප්‍රමාණයකට බවද වාර්තා වේ.


මේ පිපිරීමත් සමඟ ටෙලිනාට්‍ය නිෂ්පාදකයින් දැඩි අර්බුදයක පවතින බවද වාර්තා වේ.
එසේම, ස්වර්ණවාහිනියේ වත්මන් ප්‍රධාන විධායක නිලධාරී සුසාර දිනාල් මහතා එම ධූරයට පත්වීමට පෙර එයට ටෙලිනාට්‍ය සැපයූ ටෙලි නිෂ්පාදකයින්ට ඔවුන්ගේ විකාශය වූ ටෙලිනාට්‍යවල මුදල් ලබා ගැනීම තවත් අපහසුව ඇතැයි වාර්තා වේ.

ඒ අදාළ මුදල් සුසාරට පෙර එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ උදාර විජේසිංහ මහතාගෙන් ඒවා ඉල්ලා ගන්නා ලෙස වත්මන් පාලන අධිකාරිය විසින් පැවැසීම නිසාය.

ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ හිමිකරුවන්නේ ලයිකා මොබයිල් හිමිකාර සුභාෂ්කරන් අලි රාජා මහතා ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved