Connect with us

පුවත්

සබ්රිගේ ගෙදර ගෝඨා අරගෙන !

Published

on

තනතුර අතහැර ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත රජයෙන් නව නිල නිවසක් ලබා දි ඇති අතර කොළඹ 7 ස්ටැන්මෝ චන්ද්‍රවංකයේ පිහිටි එම නිවසේ ඔහු මේ වන විට පදිංචිව සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.

ඔහු රටින් පළා ගොස් නැවත පැමිණීමෙන් පසු රජයෙන් දුන් බෞද්ධාලෝක මාවතේ නිවස නිතර ඝෝෂාකාරී බැවින් ඔහු එම නිවසට අකමැතිවී ඇති අතර මෙම තත්ත්වය සළකා අදාළ නව නිවස ලබා දි ඇති බව සඳහන් වේ.

රාජපක්ෂ මහතා, අලුතින් පදිංචි වූ ස්ටැන්මෝ චන්ද්‍රවංකයේ නිවස විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාට වෙන් කර නිවස බවද පැවසේ.

ඔහු සමඟ එකඟතාවයෙන් නව නිවස රාජපක්ෂ මහතාට ලබා දී ඇති බවද වාර්තා වේ.

විදේශ අමාත්‍ය අලි සබ්රි, ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නීතිඥයා වන අතර ඔහු දේශපාලනයට කැඳවූයේ ද හිටපු ජනාධිපතිවරයා ය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා හා ගුවන් හමුදාපතිවරයාගේ නිල නිවස පිහිටා ඇත්තේ ද එම නිවසට ආසන්නයේ ය.

පුවත්

ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීම්

Published

on

By

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්කවලත් අද (11) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි අවදානමක් පවතින බව එම නිවේදනයේ දැක්වෙයි.

එම ප්‍රදේශවල ජනතාවට විමසිලිමත් වන ලෙසත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව ද අදාළ නිවේදනයේ තවදුරටත් දැක්වෙයි.

එම නිවේදනය අද (11) රාත්‍රී 11.30 වෙනතුරු වලංගු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සම්පූර්ණ නිවේදනය,

Continue Reading

පුවත්

තනතුර ලැබුනොත් කරන දේ ගැන එළිසබෙත් හෙළිකරයි

Published

on

By

තමන් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය ලෙස පත්වීම ස්ථිර පත්වීම ලැබුවහොත් මෙරට සුළු ජන කණ්ඩායම්වල සාමාජිකයන්ට සහාය දැක්වීමට බලාපොරොත්තු වන බව එළිසබෙත් කේ හෝර්ස්ට් මහත්මිය ප්‍රකාශ කර සිටී.

ශ්‍රී ලංකාවේ මීළඟ ඇමරිකානු තානාපතිවරිය ලෙස තේරී පත්වීමට නම යෝජනා වී ඇති එළිසබෙත් කේ හෝර්ස්ට් මහත්මිය වැඩිදුරටත් සඳහන් කලේ, ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් පිළිබඳව ඇමෙරිකාව දරන මතය තමන්ද දරන බවය.

මෙරට සුළු ජන කණ්ඩායම් කණ්ඩායම් වලට වගවීම, සත්‍ය, සංහිඳියාව, විනිවිදභාවය සහ යුක්තිය ලබාදීම සඳහා තමන් කැපවී ක්‍රියා කරන බවද ඇය පැවැසුවාය.

ශ්‍රී ලංකාවේ මීළඟ ඇමෙරිකානු තානාපතිවරිය ලෙස පත්වීම ස්ථිර කිරීම සඳහා පැවැති ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් විදේශ සබඳතා කමිටු රැස්වීමේදී සිය ආරම්භක ප්‍රකාශය සිදු සිදුකරමින් හෝර්ස්ට් මහත්මිය විසින්  මෙම අදහස් ප්‍රකාශ කරන ලදී.

Continue Reading

පුවත්

ඩයනාට රූපවාහිනියෙන් නඩු

Published

on

By

රූපවාහිනී සජීවී විකාශන අවස්ථාවක්  ලබාගෙන  රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි කියන  සංචාරක හිටපු රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇතැයි ජාතික රූපවාහිනී සංස්ථාව ප්‍රකාශ කරයි.

මේ පිළිබඳ ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති  ආචාර්ය  ප්‍රසාද් සමරසිංහ මහතා පවසා සිටියේ හිටපු අමාත්‍යවරියට නඩු පැවරීමට තමා අදාළ අංශ නිලධාරීන්ට උපදෙස් දී ඇති බෑවය.

මෙම හිඟ මුදල ගෙවන ලෙස කිහිප වතාවක්ම ඩයනා ගමගේ මහත්මියට දැනුම්දී  තිබුණද  විවිධ හේතු දක්වමින් ගෙවීම පැහැර හැරි බවද  සභාපතිවරයා විසින් වැඩිදුරත් පවසන ලදී.

නවගමුව පෙරහර සජීවී ලෙස ප්‍රචාරය කිරීම සඳහා ඇය මෙම විකාශනය  ලබා ගෙන  ගත්තේ ඒ සඳහා වැය වන සියලුම මුදල් තමා පෞද්ගලිකවම ගෙවන බවට පොරොන්දු වෙමින් ලිඛිත ලියවිල්ලක්ද ඉදිරිපත් කරමින් බව වාර්තා වේ.

ද්විත්ව පුරවැසිභාවය ගැටලුව  හේතුවෙන් ඩයනා ගමගේ මහත්මියට  පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක්  දැරීමට අයිතියක් නැති බව  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය ( 09) බදාදා  දැනුම් දෙන ලදී. ඒ අනුව ඇයගේ මන්ත්‍රී ධූරය අහෝසි විය.

( ලංකාදීප )

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved