Connect with us

ක්‍රීඩා

තරුෂිට කොරියාවේදී තවත් පදක්කමක්

Published

on

තරුෂි කරුණාරත්න, දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලයේදී තවත් පදක්කමක් හිමි කර ගැනීමට අද (05) සමත් වූවාය.

ඒ  මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමි කර ගනිමිනි.

එමෙන්ම තරුෂි කරුණාරත්න මීටර 400 කාන්තා ධාවන ඉසව්වේ ද රිදී පදක්කම හිමිකරගැනීමට ඊයේ (04) සමත්වූවාය.

ක්‍රීඩා

ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද ඩුබායිහි තරඟ බිමේ

Published

on

By

ඩුබායි හි පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍ය මළල ක්‍රීඩා තරගාවලියට එක්ව සිටින මෙරට මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් අද (03) තරග බිමට පිවිසීමට නියමිතය.

ඒ අනුව කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සහභාගී වන මීටර 100 තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.50 ට පැවැත්වෙන අතර,

නදීෂා රාමනායක සහභාගී වන 400m තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.15 ට පැවත්වෙන පැවැත්වේ.

තරුෂි කරුණාරත්න හා ගයන්තිකා අබේරත්න සහභාගී වන 800m තරගය පැවැත්වෙන්නේ මෙරට වේලාවෙන් අද රාත්‍රී 9.00 ට යි.

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා පිල අවසන් පුර්ව වටයට

Published

on

By

20/20 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කන්ඩායම සමත්ව තිබේ.

ඒ ඊයේ (01) උගන්ඩා කාන්තා කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 67කින් ජය ගැනීමත් සමග ය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 154ක් ලබා ගැනීමට සමත් විය.

ඉනිම වෙනුවෙන් විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 73ක් ලබාගැනීමට සමත් වූවාය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි උගන්ඩා  කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු දෙකක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 87ක් පමණෛ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙම තරගවටයේ දී ලබාගත් තෙවන ජයග්‍රහණය මෙය යි.

Continue Reading

ක්‍රීඩා

වසීම් අක්‍රම් විශේෂ පුහුණු සැසියකට එයි

Published

on

By

හිටපු පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක වසීම් අක්‍රම් ජාතික ක්‍රීඩකයින් සඳහා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් තාක්ෂණ ඒකකයේ හා ප්‍රධාන ක්‍රීඩා සමාජවල පුහුණුකරුවන් සඳහා දෙදින පුහුණු වැඩසටහනක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

එහිදී අද (01) උදෑසන මෙරටට පැමිණි අක්‍රම්, ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු ඇකඩමිය, උසස් තාක්ෂණ ඒකකය හා ප්‍රධාන ක්‍රීඩා සමාජ පුහුණුකරුවන් ආවරණය වන පරිදි සැසි පහක් පවත්වනු ඇති බව එම නිවේදනයේ දැක්වේ.

එමෙන්ම, ඔහු එළැඹෙන ICC පන්දුවාර විස්සයි 20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩකයින්ගේ සූදානම ද නිරීක්ෂණය කිරීමට නියමිතයි. 

මෙම පුහුණු වැඩසටහන හෙට ඇරඹීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved