Connect with us

පුවත්

මැන්ඩරීන් දොඩං වගාවට ලංකාවේ කලාපයක් නම්කරයි!

Published

on

මහනුවර, නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක ආශ්‍රිතව මැන්ඩරින් දොඩම් වගා කලාපයක් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.

දැනට මෙරට දොඩම් වගාව දිස්ත්‍රික්ක ගණනාවක සිදු කළද විදේශ රටවල සිට ආනයනය කෙරෙන මැන්ඩරින් නැමැති දොඩම් විශේෂය සඳහා මහජනතාවගේ විශාල ඉල්ලුමක් පවතී.

මෙම දොඩම් ආනයනය කිරීම සඳහා වාර්ෂිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඇදී යයි.

වාර්තා වී ඇති පරිදි 2022 වසරේ දොඩම් ආනයනය සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 496ක් වන අතර දොඩම් මෙට්‍රික් ටොන් 2407ක් ආනයනය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.

නමුත් 2022 වසරට පෙර වසරවලදී ඊට වඩා විශාල දොඩම් ප්‍රමාණයක් මෙරටට ආනයනය කර තිබේ.

මැන්ඩරින් දොඩම් විශේෂය ශ්‍රී ලංකාවේ වගාකිරීම සඳහා සිදුකරන ලද පර්යේෂණ සාර්ථක වී තිබේ.

ඒ අනුව මධ්‍යම කඳුකරයේ ඉහළින් පිහිටි කොටස්වල නොව බදුල්ල, නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කවල පහළින් පිහිටි ප්‍රදේශවල මැන්ඩරින් දොඩම් වගා කිරීමට උචිත දේශගුණයක් සහිත ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ නිලධාරිහු අවධාරණය කළහ.

2023 වර්ෂයේ දී අයවැයෙන් වෙන් කරන ලද මුදල් නව වගා ව්‍යාපෘති ව්‍යාප්ත කිරීම සදහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පවත්වන ලද සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය විය.

මැන්ඩරින් දොඩම් විශේෂය මෙරට වගාකිරීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට පියවර ගත යුතු බවට එහිදී තීරණය වී තිබේ.

මැන්ඩරින් දොඩම් වගාව සම්බන්ධව ව්‍යාපෘති වාර්තාවක් මේ වනවිට ඉදිරිපත් කර තිබෙන අතර මෙම වසර තුළම මැන්ඩරින් වගා කලාපය මහනුවර, නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක ආශ්‍රිතව ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙසත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

මේ වනවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් පැළ තවාන්වල මැන්ඩරින් දොඩම් පැළ අවශ්‍ය තරම් රෝපණය කර තිබෙන නිසා ඒවා වගාව සඳහා යොදා ගැනීමට තීරණය කරනු ලැබීය.

පුවත්

කොළඹ – ගුවන් තොටුපොළ නව බස් සේවයක්

Published

on

By

කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් අරඹා තිබේ.

මින් පෙර ඇවරියවත්ත බස් නැවතුම්පොළින් ගමන් අරඹන ලද මෙම බස් රථ සේවය ඊයේ (05) සිට ගුවන්තොටුපොළින් ගමන් අරඹා තිබෙන බව සඳහන්ය.

දැනට පෞද්ගලික අංශය සතු බස් රථ ධාවනයේ යෙදවීමට නියමිත අතර ඉදිරියේ දී ගමන් මලු රැගෙන යාමේ පහසුව සහිත බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.

මෙම බස් රථ වල සේවක මහතුන්ට ජනතා හිතවාදී සේවයක් සැපයීම සඳහා නිසි පුහුණුවක් ලබා දීමෙන් පසුව සේවයේ යොදවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම බස් රථ සේවයෙන් රුපියල් 290ක් වැනි මුදලකට කටුනායක සිට කොළඹ බලා පැමිණීමේ අවස්ථාව හිමිවනු ඇත.

ගුවන්තොටු‍පොළ අධිකාරිය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ රජයේ මඟ පෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය අරඹා තිබේ.

Continue Reading

පුවත්

පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද

Published

on

By

මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද (05) සිදු කෙරේ.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්ථනයක් සනිටුහන් කරමින් සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධාන්වයෙන් අද (05) පෙරවරුවේ තඹුත්තේගම මූලික රෝහල කේන්ද්‍ර කරගනිමින් දියත් කිරීම  සිදු කෙරනු ඇත.

මෙම පද්ධතිය මෙරට සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ සුවිශාල ඉදිරි පියවරක් වශයෙන් සැලකෙන අතර රට තුළ සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධාන කිරීමේ විශාල සැලැස්මක කොටසක් ද වේ.

වඩා හොඳින් සම්පත් භාවිත කිරීමටත් සංවිධානාත්මක සත්කාර ලබාදීමටත් දත්ත මත පදනම් වූ තීරණ වේගවත්ව ලබාදීමටත් ඉන් හැකියාව ලැබෙනු ඇත.

මෙහි ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම සඳහා තඹුත්තේගම සහ දඹුල්ල අවට රෝහල් මෙන්ම සෞඛ්‍ය මධ්‍යස්ථාන 31 ක් ආවරණය වන පරිදි නියමු ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකය

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබේ.

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved