Connect with us

පුවත්

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවන්න මුදල් කාරක සභාවෙන් කොළ එළියක්

Published

on

පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය සඳහා වූ පනත් කෙටුම්පතට ර‍ජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී එක් සංශෝධනයකට යටත්ව අනුමැතිය ලබාදීම සිදුවිය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 13දා රැස්වූ අවස්ථාවේදී මෙම පනත් කෙටුම්පත සලකා බැලිණි.
එහිදී අදහස් දැක්වූ කමිටු සභාපතිවරයා සඳහන් කළේ බොහෝ කලක් ප්‍රමාද වී හෝ පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයක් පිහිටුවීම ඉතා වැදගත් පියවරක් බවයි. මෙම ක්‍රියාවලිය මගින් අයවැය විශ්ලේෂණ ක්‍රියාවලියට අතවශ්‍ය ස්වාධීනත්වය සහතික කෙරෙන බවද කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය.

කාරක සභාව මෙහිදී පනත් කෙටුම්පතේ පහත කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු විය.

  • අයවැය කාර්යාලයේ විෂය පථය ආර්ථික පිරිවැය සහ ආදායම් උත්පාදනය පිළිබද සිදුකරන ලද ඇගයීම් සම්බන්ධයෙන් පමණක් වීම, එනම් සමාජමය බලපෑම තක්සේරු කිරීමට එහි නෛතික බලයක් නොමැති වීම.
  • රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සහ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපතිවරුන් සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකගෙන් සමන්විත උපදේශන කමිටුවක් පත් කිරීම. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පාර්ලිමේන්තු අයවැය කාර්යාලය සඳහා තෝරා ගන්නා ලද අපේක්ෂකයන් ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලියේදී මෙම උපදේශන කමිටුව විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට සහය වනු ඇත.
  • ජාතික ආර්ථික හා භෞතික සැලසුම් සමග සමගාමීව කටයුතු කිරීමට සහ අදාළ කරුණ සම්බන්ධ සංවේදී දත්ත අයවැය කාර්යාලයීය පනතට අනුකූලවම පමණක් හුවමාරු කිරීමට අයවැය කාර්යාලයට ඇති හැකියාව.

නව විධිවිධානවලට අනුව ඡන්ද අපේක්ෂකයන්ට සිය ප්‍රතිපත්ති වඩාත් විනිවිදබවකින් ඉදිරිපත් කිරීමේ හැකියාව  

එමෙන්ම , නව පනතට අනුව පිළිගත් දේශපාලන පක්ෂ නායකයින්ට සිය පක්ෂ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශන ස්වාධීනව විශ්ලේෂණය කිරීම සඳහා පාර්ලිමේන්තු අයවැය කාර්යාලයට ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනු ඇත. මෙමගින් ඡන්ද අපේක්‍ෂකයින්ට තම ප්‍රතිපත්ති ප්‍රකාශනවලට අයත් ප්‍රතිපාදන වඩා විනිවිදභාවයකින් සහ විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබේ.

ඒ අනුව සභාපතිවරයා අවධාරණය කළේ පාර්ලිමේන්තු අයවැය කාර්යාලය ව්‍යවස්ථාදායකය විසින් තහවුරු කරන ලද ස්වාධීන ආයතනයක් බවයි.එමගින් මූල්‍ය පුරෝකථන මත සිදුවිය හැකි මූල්‍ය බලපෑම පිළිබඳ විකල්ප ක්‍රමවේද භාවිතා කරමින් සිදුකරනු ලබන යෝජනා විශ්ලේෂණය කිරීම සිදුකළ හැකි බවද හෙතෙම අවධාරණය කළේය.ඒ අනුව පාර්ලිමේන්තු අයවැය කාර්යාලයේ අයවැය දින 60ක් ඇතුළත ඉදිරිපත් කිරීම යන සංශෝධනයට යටත්ව  පනත් කෙටුම්පත සඳහා අනුමතිය හිමි විය.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved