Connect with us

පුවත්

ඔරුගොඩවත්ත – අඹතලේ පාර මාස 03කින් නිම කරන්න ජනපතිගෙන් උපදෙස්

Published

on

ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ග කොටසෙහි (Low level Road) අලුත්වැඩියා කටයුතු මාස 03ක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත  උපදෙස් දුන්නේය.
මෙම ව්‍යාපෘතිය ප්‍රමාදවීමට බලපා ඇති කරුණු වෙන් වෙන්ව අධ්‍යයනය කරමින් මතුව ඇති ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කරන ලෙස බලධාරීන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා ව්‍යාපෘතියේ කටයුතු අඩාලවීමට  ජනතා ගැටලු බලපා  ඇත්නම් ඒවා විසඳා ගැනීමට මැදිහත්වන ලෙස ද ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය වෙත උපදෙස් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ග කොටස (Low level Road) අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක්වෙමිනි.

විදේශාධාර මත මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර සමස්ත මාර්ග කොටසේ දිග කිලෝ මීටර් 7.7කි.  2023 මැයි මාසය වන විට මෙහි පළමු අදියරේ ඉදිකිරීම් කටයුතුවල භෞතික ප්‍රගතිය 85%ක් වන අතර දෙවන අදියරේ ඉදිකිරීම්වල භෞතික ප්‍රගතිය 80%ක් ලෙස වාර්තා වේ.

2016 ජනවාරි මාසයේ දී ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය 2020 වසරේ දී අවසන් කිරීමට නියමිතව තිබුණද අදාළ කොන්ත්‍රාත් සමාගමේ දුෂ්කරතාවයන්, ව්‍යාපෘතිය නිසා ඉවත් කිරීමට සිදුවූ නිවාස සඳහා වන්දි ලබාදීම, අදාල මාර්ගය ඔස්සේ එලන ලද ජලනළ නිසා මතුවු ගැටලු හා වෙනත් පොදු ගැටලු කිහිපයක් හේතුවෙන් ව්‍යාපෘතියේ කටයුතු නියමිත කාලසීමාව තුළ අවසන් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස  සාකච්ඡා කෙරිණි.

අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, ජීවන් තොන්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශය ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න, ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩබ්.එස්. සමරදිවාකර යන මහත්වරු සහ අදාළ රේඛීය ආයතනවල ප්‍රධානීන් සහ අදාළ කොන්ත්‍රාත් සමාගමේ නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

මර්වින්, ප්‍රසන්න ජුනි 23දා තෙක් යළි රිමාන්ඩ්

Published

on

By

ඉදිකිරීමක් සඳහා රජයට පවරා ගෙන තිබු කිරිබත්ගොඩ නගරයේ ඉඩමකට කූට ලේඛණ සකස් කිරිම සම්බන්ධව රිමාන්ඩ් බාරයේ සිටින සැකකරුවන් හය දෙනා අතුරින් හිටපු ඇමැති මර්වින් සිල්වා ට ඇප ලබා ගැනීම සදහා දෙවන වරටත් ඉදිරිපත් කර තිබු ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කළ මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය සැකකරුවන් හය දෙනා තවදුරටත් ලබන ජුනි මස 23 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි  නියම කළාය.

මීට ඉහත පැවැති නඩු දිනයේ දී හිටපු ඇමැති මර්වින් සිල්වා ට ඇප ලබා දෙන ලෙසට ඉල්ලමින් ඔහු වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නිතීඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත ද ප්‍රතික්ෂේප කළාය.

මේ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමැති මර්වින් සිල්වා, හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල්, එහි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මිල්රෝයි පෙරේරා, හිටපු ඇමැති මර්වින් සිල්වාගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් හා නවීන් වීරකෝන් යන හය දෙනා මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර කෙරිණි.

Continue Reading

පුවත්

කෙහෙළියගේ පැමිණිල්ලකට කටඋත්තර දෙන්න රනිල් CIDයට

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අනිද්දා (11) පෙනී සිටීමට නියමිතය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්නේ ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කළ පැමිණිල්ලකට අදාළව කට උත්තරයක් ලබාදීම සඳහාය.

මෙරටට ඖෂධ ගෙන්වීමේ සිද්ධියකට අදාළව කෙහෙලිය රඹුක්වැල්ල මහතා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

එම පැමිණිල්ලට අදාළව කෙරෙන පරීක්ෂණ සඳහා පසුගිය රජයේ මැති ඇමතිවරුන්ද මේ වන විට ප්‍රකාශ ලබා දී තිබෙයි.

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමට අදාළව රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙම ප්‍රකාශය ගැනෙන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

Continue Reading

පුවත්

කොළඹ සිට ඉන්දියාවට ගිය නැවක පිපිරීමක්; 5කට තුවාලයි; 4ක් අතුරුදන්

Published

on

By

කොළඹ සිට ඉන්දියාවේ නවා ෂෙවා වරාය දක්වා ගමන් කරමින් තිබූ නෞකාවක පිපිරීමක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවක් එලෙස පිපිරීමට ලක්ව ඇති බවයි.

අනතුරෙන් කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් හතර දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

අතුරුදන්වූවන් අතරට තායිවාන ජාතිකයින් දෙදෙනෙකු, ඉන්දුනීසියානු ජාතිකයෙක් හා මියන්මාර ජාතිකයෙක් ඇතුළත් බව පැවසේ.

අතුරුදන්වූවන් සොයා මේවන විට මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

නෞකා කාර්ය මණ්ඩලයේ 18 දෙනෙකු මේ වන විට බේරාගෙන ඇති බවද පැවසේ.

නෞකාව පසුගිය 06 වැනිදා කොළඹ වරායෙන් පිටත්ව ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

ගින්න මැඩපැවැත්වීමට ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved