Connect with us

පුවත්

ශ්‍රීලන්කන් ගුවන් ගමන් 80ක පයිලට්ලා නෑ! – දයාසිරි

Published

on

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් ගුවන්ගමන් 80ක නියමුවන් නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (23) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ගුවන් යානා 13ක් පසුගිය ජුනි මස 18 සිට 22 දක්වා කාලයේදී අවලංගුවී තිබෙන බවයි.

“අවලංගු වුණු ගුවන් යානා වල මගීන් රඳවලා තියෙන්නේ ඒ වටේ තියෙන හෝටල් වල. ගිය  වියදම කොච්චරද කියලා කවුරුත් දන්නෙ නැහැ. මේ අය කොරෝන කාලෙත් 50%ක් ඇවිල්ල වැඩ කළා. අද ඒක දෙන්නෙ නැහැ. අපේ ඇමැතිතුමා ඒ කරුණු වසන් කරලා තමයි සියලු දේ කතා කළේ. ගුවන් සමාගම විකුණන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරලා තියෙන්නේ. ඒකයි මෙහෙම කටයුතු කරන්නෙ. මේක වට්ටවන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. මගීන් ගෙන යන බස්වලට ඇතුළට යන්න දෙන්නෙ නැහැ.මිනිස්සු පාරවල් දිගේ බැග් ඇදගෙන යනවා,” යැයි ද ඔහු පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණි.

“ශ්‍රීලන්කන් එයාර් ලයින් ආයතනයේ ගුවන් නියමුවන් හැත්තෑවක් පසුගිය මාස 6දී ඉවත් වෙලා තියෙනවා. දැනට ඉන්නේ 260 කට අඩු ප්‍රමාණයක්. මේ අවුරුද්දේ තවත් දහ අටක් එමිරේට්ස් යන්න ඉන්නවා. රටට ගුවන් නියමුවන් 330 ක් අවශ්‍යයි. නමුත් ඉන්නේ 260යි. එතකොට ඉන්න ගුවන් නියමුවන්ට සිද්ධ වෙනවා ජාත්‍යන්තර නිර්නායක කඩ කරලා වැඩ කරන්න. පියාසර කිරීම බොහෝම අසීරු දෙයක්… ඒ වගේම මමත් ආස දෙයක්… විවේක කාලය කෙටි කරලා මේ අයට අද වැඩ කරන්න වෙලා. එතකොට ගුවන් මගීන්ගේ ජීවිතවලට  අවදානමක් මතු වෙනවා. මේ ගුවන් නියමුවන්ගේ ප්‍රශ්නය විසඳන්න කියලා රජයෙන් ඉල්ලනවා,” යැයි ප්‍රේමදාස මහතා පැවසීය.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved