Connect with us

පුවත්

ක්‍රීඩා ඇමති රොෂාන්ගේ අයියගේ මැර පුතා හිටපු සභාපතිට ගහලා! (Update)

Published

on

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ හිටපු සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර මහතාට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ වැඩිමහල් සොයුරාග‌ේ පුත්‍රයා (ස්ටෙෆාන්) ඇතුළු පිරිසක් පහරදී තිබේ.

වෛද්‍ය සයුරු සමරසුන්දර මහතා පදිංචිව සිටින හෝකන්දර ”ඊඩින් ගාර්ඩ්න්’ නිවාස සංකීර්ණය ආසන්නයේ බාදාකාරී වන ලෙස රජයට අයත් වාහන කිහිපයක් ගාල්කර තිබීම සම්බන්ධයෙන් විමසීමට ගිය ස්ටෙෆාන් ඇතුළු පිරිස මේ ප්‍රහාරය එල්ල කළ බව සමරසුන්දර මහතා කියා සිටී.

පහර කෑමෙන් තුවාල ලැබූ ඒ මහතා මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

එම ප්‍රහාරයෙන් ඔහුගේ හිසට තුවාල සිදුව ඇති අතර රෝහලට රැගෙන එනවිට අධිකලෙස රුධිරය වහනය වෙමින් තිබු බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

ක්‍රීඩා හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මේදිනවල විදේශගතව සිටියි.

මෙම ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

සයුරුට ගැහුවේ රොෂාන්ගේ සහෝදරයෙක් නෙවෙයි – ර‌ොෂාන්ග‌ේ මාධ්‍ය ල‌ේකම්

මේ අතර, රොෂාන් රණසිංහ මහතාගේ මාධ්‍ය ලේකම් එස්.විජිතා බස්නායක නිවේදනයක් නිකුත්කරමින් කියා සිටින්නේ  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර මහතාට අමාත්‍යවරයකුගේ සහෝදරයකු පහරදී නොමැති බවයි.

රොෂාන් රණසිංහ අමාත්‍යවරයා හට සහෝදරයන් දෙදෙනකු සිටින අතර මේ වනවිට ඔවුන් දෙදෙනාගෙන් එක් සොහොයුරෙකු ජපානයේ ද,අනෙක් සොහොයුරා එංගලන්තයේ ද සිටින බව ඒම නිවේදනයේ දැක්වේ.

මීට පෙර අප ඇතුළු මාධ්‍ය වාර්තා කර තිබුණ‌ේ මේ ප්‍රහාරයට අමාත්‍යවරයාග‌ේ සොයුරෙකු සම්බන්ධ බවයි.

පෙර පුවතෙන් රොෂාන් රණසිංහ මහතාගේ වැඩිමහල් සොයුරාට යම් අපහසුතාවක් සිදුවූයේ නම් හුදෙක්ම අප කනගාටුව පළ කරන්නෙමු.

අදාළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

2023.06.27

අසත්‍ය පුවතක් සම්බන්ධව කරුණු දැක්වීමයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර මහතාට සිදුවී ඇති පහරදීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පුවත සම්බන්ධවයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර මහතා හට  වාරිමාර්ග,ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ සොහොයුරෙකු විසින් පහරදීමක් සිදුකර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රවෘත්තියක් පල වේ.

රොෂාන් රණසිංහ අමාත්‍යවරයා හට සහෝදරයන් දෙදෙනකු සිටින අතර මේ වනවිට ඔවුන් දෙදෙනාගෙන් එක් සොහොයුරෙකු ජපානයේ ද,අනෙක් සොහොයුරා එංගලන්තයේ ද සිටියි. මෙම පලවන අසත්‍ය ප්‍රචාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව මේ වන විටද විදේශගතව සිටින අමාත්‍යවරයා සඳහන් කර සිටී.

මෙම ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය ඔස්සේ  ඔහු හට නිරීක්ෂණය වූ බවත් ඉන්පසු ඒ පිළිබඳ සොයා බැලීමක් සිදුකළ අතර සයුරු සමරසුන්දර නම් මෙම පුද්ගලයා දැඩි ලෙස බීමත්ව සිහි විකල්ව නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වීමට යාමේදී ඇතිවූ ප්‍රශ්නයක් මත පහරදීමක් සිදුවී ඇති බවත්,ඔහු මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති බවද රෝහල වෙත ඇතුලත් කරන අවස්ථාවේදීද ඔහු බීමතින් සිටි බවත් එහිදී ද වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් හට තර්ජනාත්මක අයුරින් බැන වැදී කලහකාරී ලෙස හැසිරී ඇති බවද   රෝහල් කාර්ය මණ්ඩලයෙන් දැන ගැනීමට ලැබුණු බව රොෂාන් රණසිංහ අමාත්‍යවරයා සඳහන් කර සිටී.

මෙම පහරදීම  සම්බන්ධයෙන් ඔහු හෝ  ඔහුගේ  සොහොයුරන් දෙදෙනාගේත් කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කළ අමාත්‍යවරයා  මෙවැනි අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය  නොකරන ලෙස වැඩි දුරටත් පවසා සිටියා.

එස්.විජිතා බස්නායක 

මාධ්‍ය ලේකම්

————————————-

(පෙර පුවත : 2023 ජුනි 27 පෙ.ව. 12:03)

ක්‍රීඩා ඇමති රොෂාන්ගේ මැර අයියා හිටපු සභාපතිට ගහලා!

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ හිටපු සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර මහතාට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ වැඩිමහල් සොයුරා ඇතුළු පිරිසක් පහරදී තිබේ.

වෛද්‍ය සයුරු සමරසුන්දර පදිංචිව සිටින හෝකන්දර ”ඊඩින් ගාර්ඩ්න්’ නිවාස සංකීර්ණය ආසන්නයේ බාදාකාරී වන ලෙස රජයට අයත් වාහන කිහිපයක් ගාල්කර තිබීම සම්බන්ධයෙන් විමසීමට ගිය අවස්ථාවේදී රණසිංහ මහතාගේ වැඩිමහල් සොයුරා ඇතුළු පිරිස මේ ප්‍රහාරය එල්ල කළ බව සමරසුන්දර මහතා කියා සිටී.

පහර කෑමෙන් තුවාල ලැබූ ඒ මහතා මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

එම ප්‍රහාරයෙන් ඔහුගේ හිසට තුවාල සිදුව ඇති අතර රෝහලට රැගෙන එනවිට අධිකලෙස රුධිරය වහනය වෙමින් තිබු බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

ක්‍රීඩා හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය රොෂාන් රණසිංහ මේදිනවල විදේශගතව සිටියි.

මෙම ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. 

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved