Connect with us

පුවත්

සුමන හිමිට හා කතුන්ට ගැහුව අටක් අත්අඩංගුවට ගනියි

Published

on

නවගමුව රක්ෂපාන පාර, ඉහළ බෝමිරිය, ප්‍රදේශයේ පිහිටි ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ වාසය කරන පල්ලේගම සුමන භික්ෂුවට සහ කාන්තාවන් දෙදෙනකුට නිවසක් තුළදී පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අද (08) කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

 තම ඥාති කාන්තාවක් හා ඇගේ දියණිය සමඟින් නිවසක් තුළ සිටිය දී එම නිවසට බලහත්කාරයෙන් ඇතුළු වූ තරුණයන් පිරිසක් තමන්ට හා එම මවට සහ දියණියට පහර දී නිවසේ බඩු භාණ්ඩ වලට අලාභ සිදු කළ බව කියමින් සුමන හිමි විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මේ පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

ඇමති ටිරාන්ගෙන් නියෝගයක්… 

මේ අතර, භික්ෂූන්වහන්සේ නමකට හා කාන්තාවන් දෙදෙනෙකුට නිරුවත් කර පහරදුන් පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිසියට නියෝගයක් ලබාදී තිබිණි.

මෙසේ නීතිය අතටගෙන පොලු මුගුරුවලින් පහර දී කාන්තාවන් නිරුවත් කල පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් ඊයේ (07) බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා හා නවගමුව පොලිස් ස්ථානාධිපතිවරයාට අදාළ නියෝගය කර තිබිණි.

පහර දී තුවාල සිදුකිරීම හා දේපළවලට අනර්ථය සිදු කිරීම සම්බන්ධයෙන් ද ඔවුන්ට චෝදනා එල්ල වී තිබූ බව පොලීසිය පවසයි.

මේ අතර, තුවාල ලැබු භික්ෂුව සහ කාන්තාවක් ප්‍රතිකාර සදහා නවගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළු කර තිබිණි.

පල්ලේගම සුමන හිමි කාන්තාවන් දෙදෙනකු සමඟ නිවසක කාමරයක් තුළ සිටින බවට ලද තොරතුරක් මත එම නිවසට ගිය බව අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර ඇති පිරිස පවසා ඇති බවද වාර්තා වේ.

එම අවස්ථාවේ බහින් බස් වීමක් සහ පහරදීමක් සිදු වූ බව ද සැකකරුවන් පවසා ඇතැයි ද මේ අතර ඇතැම් මාධ්‍ය පවසා ඇත.

කෙසේවුවද, ප්‍රදේශවාසීන් පවසන්නේනේල්ලේගම සුමන භික්ෂුව කාමරයක් තුළ කාන්තාවන් දෙන්නෙකු තබාගෙන කම් සුව විඳිමින් සිටියදී දායක සභාවේ අතටම හසුවීම නිසා කුපිත වූ පිරිසක් ඔවුන්ට පහරදී ඇති බවයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ ආකාරයේ විවේචන ද එල්ලවී තිබේ.

එවැනි ෆේස්බු​ක් පෝස්ට් කිහිපයක් පහත දැක්වේ.

වීඩියෝව නවගමුව පන්සලේ ​එකක්  නෙවෙයි 

මේ අතර, භික්ෂුන් වහන්සේ නමක් හා කාන්තාවන් දෙදෙනකුට අදාළ  සිදුවිම  නවගමුව විහාරස්ථානයේ සිදුවුවක් බව ප්‍රචාරයවන නමුත් එය පත්තිනි දේවාලය සහිත  නවගමුව ශ්‍රී සුගතබිම්බාරාම පුරාණ විහාරයේ සිදුවුවක් නොවන බව වගකිමෙන් යුතුව ප්‍රකාශ කරන බව නවගමුව සුරැකීමේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

එම වීඩියෝ ඇති  සිදුවීම නවගමුව පොලිස් වසමට අයත් වෙනත් විහාරස්ථානයක සිදුවුවක් බවත් නවගමුවේ විහාරස්ථානයට එය කිසිසේත්ම අදාළ නොවන්නක් බවත් නවගමුව සුරැකීමේ සංවිධානයේ සම සභාපති හා විහාරස්ථ දායක සභාවේ සම සභාපති චන්ද්‍රසේන පලිහේන මහතා නිකුත්කළ නිවේදනයේ සඳහන් ​වේ.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved