Connect with us

පුවත්

සරසවි සිසුවා එල්ලෙන්න හැදුවේ CID ය වදදුන් නිසා බව කියයි

Published

on

ඊයේ (08) අළුයම සරසවි නේවාසිකාගාරයේ විදුලි පංකාවක එල්ලී මිය යෑමට උත්සාහ කළ‌ේ ඊට පරෙ දින (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා එහි නිලධාරීන් විසින් සිදුකළ දැඩි පහර දීම නිසා බව මේවන විට හෙළිව තිබේ.

අදාළ සිසුවා නවක වදය සිද්ධියක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීමට යැයි පවසා පොලිසියට කැදවා ඇත.

සිය ජංගම දුරකථනය ද සී.අයි.ඩී භාරයට ගෙන කළ පහරදීමෙන් අනතුරුව සරසවි ශිෂ්‍ය භාවය අහෝසිකර උසස් අධ්‍යාපන අවස්ථාව හමාර කරන බව තමන්ට දැන්වූ බවත් එවිට තමන්ට ජීවිතය සම්බන්ධව වෙනත් විකල්පයක් නොවූ බවත් එම සිසුවා පොලිසියට ප්‍රකාශ කර තිබේ.

මෙම ප්‍රකාශ සිසුවා විසින් පොලිසියට ලබා දී ඇත්තේ සිද්ධිය සම්බන්ධව කට උත්තර ලබා ගැනීමට පොලිස් කණ්ඩායමක් පේරාදෙණිය රෝහල වෙත පැමිණ අදාළ කටඋත්තරය සටහන් කරගන්නා අවස්ථාවේ දී ය.

මෙසේ සිය දිවි නසාගැනීමට උත්සාහ කර තිබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ දෙවන වසර ඉගනුම ලබන මඩකලපුව ප්‍රධාන වීදියේ පදිංචි සී.විදුරාජිදන් නැමැති සිසුවෙකි.

පසුගිය වසරේ දී නවක සිසුන් වෙත අසභ්‍ය වීඩියෝපට යවමින් වට්ස්ඇප් හරහා නවක වදයට ලක් කීරීම සම්බන්ධව විශ්විද්‍යාල පාලන අධිකාරිය සිදුකළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන ආරම්භ කර තිබිණි.

එම නවක වදය සිද්ධියට අදාලව ශිෂ්‍යයින් 04 දෙනෙක් හඳුනාගෙන තිබූ අතර මේ ශිෂ්‍යයා ද ඉන් එක් අයෙකි.

මූලාශ්‍රය – ලංකාසර

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved