Connect with us

පුවත්

පොලිසිය‌ේ ට්‍රැක්ටරය හොරෙන් වගුරු බිමක් ගොඩකරන්න ගිහින් අල්ලයි

Published

on

බෙල්ලන්විල අභයභූමි රක්ෂිතයේ මන්ත්‍රීමුල්ල ප්‍රදේශයේ වගුරු බිමක් නීති විරෝධි ලෙස ගොඩ කිරීමට පැමිණි අංක තහඩු රහිත දෙහිවල පොලිසිිියේ නිලධාරියකුට අයත් යැයි කියන පස් හා අබලි ද්‍රව්‍ය සහිත ට්‍රැක්ටරයක් සමග පුද්ගලයන් දෙදෙනකු  අත්අඩංගුවට ගත් බව අත්තිඩිය වනජීවි කාර්යාලය නිලධාරීන් කියති.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙහිවල හා ගල්කිස්ස බඩෝවිට යන ප්‍රදේශවල පදිංචිව කරුවන් බවද පැවස‌ේ.

මෙම ට්‍රැක්ටරය දෙහිවල පොලීසියේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියකුට අයත් එකක් බවත් දිනපතා ඩීසල් ලබා දෙමින් ‌සැකකරුවන් ‌දෙදෙනා මෙවැනි අකටයුතුකම්වලට යොදවා ඇතැයි අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී හෙළිවී තිබේ.

අංක තහඩු නොමැතිව කිසිදු ලියවිල්ලක් පවා නොමැතිව දෙහිවල ගල්කිස්ස මාර්ගවල ධාවනය කළද පොලිස් නිලධාරීන් එම ට්‍රැක්ටර් රථය හදුනන නිසා නතර කර පරීක්ෂාවට ලක් නොකරන බවත් අනාවරණයවී ඇතැයිද වනජීවී නිලධාරීන් කියා සිටී.

මෙම අංක තහඩු නොමැති ට්‍රැක්ටරය මීට පෙර අවස්ථාවකදී බෙල්ලන්විල විහාරස්ථානය ඉදිරිපිට තෙත් බිමක් ගොඩ කිරීමට පැමිණ සිටි අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළවිට එකවර ට්‍රැක්ටර් රථය පන ගන්වා ඉදිරියට ගෙන වනජීවි නිලධාරීන් පැමිණි කැබ් රථයේ හප්පා බරපතල අලාභ සිදුකර පලායාම සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලීසිය වෙත පැමිණිලි කරනු ලැබ ඇතැයි ද වනජීවි නිලධාරීන් කියාසිටී.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා දේපලද සමග වනසත්ව හා වෘක්‍ෂලතා ආරක්ෂක ආඥා පනතේ 7 වැනි වගන්තියට අනුව වනජීවි අපරාධයක් සිදුකර ඇති බැවින් නීතිමය කටයුතු සදහා අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ බවත් එහිදී ට්‍රැක්ටර් රථය මෙහි විමර්ශන කටයුතු අවසන් වන තුරු මුදා නොහැර අධිකරණය භාරයේ තබන ලෙසටත් සැකකරුවන්ට තම ළගම ඥතීන් දෙදෙනකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප ලබා දුන්නද කිසිවකු ඉදිරිපත් නොවූයෙන් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබිණැයි වනජීවී කාර්යාලය පවසයි.

.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved