Connect with us

පුවත්

පාස්ටර් ජෙරම්ට පෙර වැරදි නැතැයි CIDය කියයි

Published

on

බුදුරජාණන් වහන්සේට අපහාස කරමින් ප්‍රකාශයක් කළැයි කියන චෝදනාවට අත්අඩංගුවට ගැනීමට පෙර රටින් පළාගොස් සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දුට හා පවුලේ සාමාජිකයන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව කිසිදු පෙර වැරැදි වාර්තා නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත.

ඒ අනුව ඔහුට හෝ පවුලේ අයට මුදල් විශුද්ධිකරණ චෝදනාවන් යටතේ නීතිමය පියවර ගැනීමට නොහැකි බව නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

ගල්කිස්ස, මෙනේරිගම පදිංචි ෆෙඩ්‍රික් ක්‍රිස්ටෝපර් ප්‍රනාන්දු හෙවත් දේවගැති ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධව අල්ලස් දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය නම් සංවිධානය කරන ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශන ඇරඹිණි.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව ඇරඹී මෙම විමර්ශනයෙන් මත්ද්‍රව්‍ය චෝදනා, මුදල් වංචා චෝදනා, මිනීමැරුම්, මංකොල්ලකෑම් හා නීතිවිරෝධි ක්‍රියාවන් සම්බන්ධ චෝදනා එල්ල වී ඇත්දැයි පෙර වැරදි වාර්තා කැඳවා තිබිණි. ඒ අනුව කිසිදු ඒකකයකින් මොහුට විරුද්ධව චෝදනා එල්ල වී නොමැති බව අනාවරණය කර ඇත.

කටුනායක, වේයන්ගොඩ පාරේ දේවගැති ජෙරම් ප්‍රනාන්දු පවත්වාගෙන යන මිරකල් ඩෝමි ආගමික මධ්‍යස්ථානය ඉදිකිරීමට ඉඩම් ලබාගැනීම හා මුදල් ලබාගැනීම සම්බන්ධවද මේ වන විට හතළිස් දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මෙම ඉඩම තෑගි ඔප්පුවක් මගින් ව්‍යාපාරිකයකු වන ග්‍රේට්න් ගුණවර්ධන හා ඔහුගේ බිරිඳ පරිත්‍යාගයක් කර ඇති බවට ප්‍රකාශවලින් තහවුරු වී ඇත. අක්කර හතරක පමණ වූ මෙම ඉඩමේ මිරකල් ඩෝමි සභාවේ ගොඩනැගිල්ල ඉදිකර ඇත.

සබැදි පුවත්

පාස්ටර් ජෙරම් අත්අඩංගුවට ගන්න CIDය අවසර ඉල්ලයි

පාස්ටර් ජෙරම්ගේ සල්ලි උණ්ඩියෙල් ක්‍රමේට රට; මහින්දට සම්බන්ධයක් නෑ

බෞද්ධයන් කුපිත කරන කුමන්ත්‍රණයක් ගැන සැක; දිලිත්ටත් ‌චෝදනා 

පාස්ටර් ජෙරම් සිය පෙත්සම ඉල්ලා අස්කරගනියි 

පාස්ටර් ජෙරම්ගේ බිරිඳ හා දරුවන් ලංකාවට එයි! 

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved