Connect with us

පුවත්

සීනි හා රසකැවිලි වෙළෙන්දෝ මහ බැංකුව ආයෙත් අදන්දලා?

Published

on

ශ්‍රී ලංකාවට සීනි හා රසකැවිලි ආනයනය වෙනුවෙන් මෙම වසරේ දී මෙතෙක් දරා ඇති වියදම විශාල වශයෙන් වැඩි වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතක දී ප්‍රකාශයට පත් කරන ලද නවතම සංඛ්‍යා ලේඛන මඟින් පෙන්වා දේ.

විදේශීය අංශ ක්‍රියාකාරීත්ව වාර්තාවට අනුව මෙම වසරේ මැයි මාසයේ දී මෙරටට සීනි හා රසකැවිලි ආනයනය සඳහා දරා ඇති වියදම ඩොලර් මිලියන 59.8 කි. 

මෙය 2022 වසරේ මැයි මාසයේ සීනි හා රසකැවිලි ආනයනය වෙනුවෙන් කර ඇති ඩොලර් මිලියන 12.8ක වියදම හා සැසඳීමේ දී 367.7% ක වර් ධනයකි.

මේ අතර ජනවාරි සිට මැයි දක්වා මාස 05ක කාලපරිච්ඡේදය තුළ දී සිනි හා රසකැවිලි ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 220.5 ක විදයමක් දැරීමට සිදුව ඇති බව අදාළ වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

එය 2022 වසරේ මුල් මාස 05 සීනි හා රසකැවිලි ආනයන වියදම වූ ඩොලර් මිලියන 98.6 ට වඩා 123.7% ක වැඩි වීමකි.

ශ්‍රී ලංකාවට සීනි හා රසකැවිලි ආනයනය වෙනුවෙන් 2022 වසරේ දී දරා ඇති සමස්ත වියදම ඩොලර් මිලියන 257.8 ක් වන අතර එය 2021 වසරේ දී වාර්තා වන්නේ ඩොලර් මිලියන 288.8 ක් වශයෙනි.

එමෙන්ම 2020 දී එම වියදම ඩොලර් මිලියන 277.1 ක් ලෙසින් වාර්තා වී තිබේ.

මූලාශ්‍රය – අරුණ

පුවත්

රාජකාරි වේලාවකදී TikTok කරන සෞඛ්‍ය සේවකයින්ට වැඩ වරදින ලකුණු

Published

on

By

රජයේ වෛද්‍යවරුන්, හෙදියන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකාවල නිරතවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.

මාධ්‍යවේදියෙකු විසින් කළ විමසීමකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා සඳහන් කළේ, රාජකාරි වේලාවේදී ඨික්ඨොක් වැනි සමාජ මාධ්‍ය භාවිතයට සම්බන්ධ වීඩියෝ කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බවය.

ඒ අනුව, මෙම ආකාරයේ ක්‍රියාකාරකම් රාජකාරි නීති හා විනය රීතිවලට පටහැනිද යන්න පිළිබඳව සොයා බලන බවත්, අවශ්‍ය නම් තවත් පියවර ගනු ඇති බවත් අමාත්‍යවරයා විසින්  පවසන ලදී.

Continue Reading

පුවත්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටෙයි

Published

on

By

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන අතර ඇතිවී ඇති මාර්ග තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Published

on

By

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය.

eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved