Connect with us

පුවත්

ජනපති රනිල්ගේ ඉන්දීය සංචාරයේ සාර්ථකත්වය සහතික කිරීම අප අරමුණයි – ක්වාත්‍රා

Published

on

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ ලේකම් – විනේ ක්වාත්‍රා මහතා මාධ්‍ය අමතා අදහස් පළ කර තිබේ.

සිය සංචාරයේ අරමුණ වූයේ ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ ඉන්දීය සංචාරයට අවශ්‍ය කටයුතු සූදානම් කිරීම බවත්, එම සංචාරය සැබවින්ම සම්බන්ධතාවයේ ධනාත්මක පරිවර්තනයක ලක්ෂ්‍යයක් වන බව සහතික කිරීම සම්බන්ධයෙන් තමාගේ විශේෂ අවධානය යොමු වූ බවත් ඔහු පවසා ඇත.

ඊයේ දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් ක්වාත්‍රා මහතා මෙලෙස පවසා සිටි බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වේ :

මාගේ මෙම ඉතා කෙටි සංචාරය අතරතුර අපට ළඟා කර ගන්නට හැකි වූ දේ පිළිබඳව ඔබ සමඟ බෙදා ගන්නම්. මා ශ්‍රී ලංකාවට පැමිණියේ ඊයේ රාත්‍රියේ දී. අද උදෑසන මා විදේශ අමාත්‍යතුමා, අතිගරු ජනාධිපතිතුමා සහ ශ්‍රී ලංකාවේ විදේශ ලේකම්තුමා හමු වුණා. දිවා භෝජනය අතරතුර අමාත්‍යවරු කිහිප දෙනෙකු හමුවීමේ අවස්ථාවත් අපට උදා වුණා.

මගේ සංචාරයේ අරමුණ, විශේෂයෙන්ම, ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ ඉන්දීය සංචාරයට අවශ්‍ය කටයුතු සූදානම් කිරීමයි. අද උදෑසන ශ්‍රී ලංකා නායකත්වය සහ විදේශ අමාත්‍යාංශය සමඟ මාගේ සාකච්ඡාවන්හිදි විශේෂයෙන්ම අවධානය යොමු කෙරුණේ ඉදිරියේදී සිදු වීමට නියමිත ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ සංචාරය සැබවින්ම සම්බන්ධතාවයේ ධනාත්මක පරිවර්තනයක ලක්ෂයක් වන බව සහතික කිරීම සම්බන්ධයෙනුයි . එම සංචාරයට පෙර අපට ඉදිරියට ගෙන යා හැකි ප්‍රධාන සහයෝගිතා අංශ, සංචාරය පිළිබඳව කතා කිරීමේදී ශ්‍රී ලංකා නායකත්වයේ ප්‍රමුඛතා, සම්බන්ධතාවය පිළිබඳ අපගේ නායකත්වයේ දෘෂ්ටිකෝණය, සබඳතාවයේ ශක්තිය, සබඳතාවයේ සහයෝගීතාවයේ විවිධ අංශ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික සහයෝගීතාවයේ සමස්ත පරාසය තුළ ඉදිරි වසරවල අපගේ සහයෝගීතාවයේ විවිධ අංශ මෙහිදී සාකච්ඡා කළා.

මා පැවසූ පරිදි, ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ ඉන්දීය සංචාරය අතිශය සාර්ථක සංචාරයක් වන බව සහතික කිරීම අපගේ අරමුණයි. එතුමා හොඳින් දන්නා නායකයෙක් වගේම සම්බන්ධතාවයට ඉතා ශක්තිමත්ව උපකාර කරන නායකයෙක්. ශ්‍රී ලංකාව විවිධ අභියෝගයන්ට මුහුණ දුන් පසුගිය මාස 14-16 තුළ අපි ඉතා හොඳින් එක්ව සහයෝගයෙන් වැඩ කළා. එතුමාව ඉතා උණුසුම් ලෙස පිළිගැනීමට ඉන්දියාව සූදානමින් සිටින බව මට සහතික කරන්න පුළුවන්.

අතිගරු ජනාධිපතිතුමාගේ ඉන්දියානු සංචාරය අපි මහත් උනන්දුවකින් අපේක්ෂා කරනවා. එතුමාගේ සංචාරය සාර්ථක එකක් කිරීමට මෙන්ම අපගේ සම්බන්ධතාවය ද එවැනිම අයුරකින් සාර්ථක කිරීමට අප අපේක්ෂා කරනවා.

ඔබට‍ බෙහෙවින් ස්තුතියි!

පුවත්

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Published

on

By

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය.

eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Continue Reading

පුවත්

අද ගිගුරුම් සහිත වැසි

Published

on

By

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (23) ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Continue Reading

පුවත්

මාතර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කෙරේ

Published

on

By

මාතර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේවනවිට පාලනය කර ඇති බව පොලීසිය පවසයි.

එම බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර එම ගැටුම හටගත් බව පොලීසිය පැවසීය.

එය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩිතබා තිබේ.

කෙසේවෙතත් නොසන්සුන්තාවය පාලනය කර ගත නෙහැකි වීම හේතුවෙන් ඊයේ (22) රාත්‍රී කඳුළු ගැස් ප්‍රහාරයක් ද එල්ල කිරීමට සිදුව වූ බව පොලීසිය පවසයි.

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවීමට පියවර ගත් බව වාර්තා විය.

මාතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙක් වෙනත් බන්ධනාගාරයක් වෙත රැගෙනයෑමට උත්සාහ කිරීමේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බව සඳහන්ය.

එහිදී වාට්ටුවකින් පිටතට පැමිණ ඇති රැඳවියන් 500 දෙනෙකු පමණ  ඊට විරෝධය පළ කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරීමත් සමඟ මෙම තත්ත්වය මතුව ඇති බව වාර්තා වෙයි. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved