Connect with us

පුවත්

2022 සා/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු 02දා ඇරඹේ

Published

on

2022 වසරට අදාළව මෙම වසරේ පැවැති අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු මස 02 වනදා සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව සංගීතය, නැටුම්, නාට්‍ය හා රංගකලාව යන විෂයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අගොස්තු මස 12 වනදා දක්වා පැවැත්වෙන අතර අපරදිග සංගීත විෂයට අදාළ ශ්‍රවණ පරීක්ෂණය පමණක් අගෝස්තු මස 06 වන ඉරුදින පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.

පෙර වර්ෂවල පැවැති ප්‍රායෝගික පරීක්ෂණ සඳහා යොදාගත් ඇගයීම් ක්‍රමවේදයම මෙවරද අනුගමනය කරමින් විභාග පැවැත්වීමට නියමිතය.

ඒ අනුව පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර ඉදිරියේ දී තැපැල් මඟින් ලැබෙනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම ප්‍රායෝගික පරීක්ෂණ සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින්නේ නම් 1911ට හෝ 011 2 784208, 011 2 784537 හෝ 011 2 786616 යන විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් දුරකථන අංක හරහා ඇමතිය හැකි බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පුවත්

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට තිදෙනෙකු අත්අඩංගුවට

Published

on

By

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 6ක් යොදවා ඇති බව වාර්තා වෙයි.

පොලීසිය සැකපළ කරන්නේ එම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කන්ජිපානේ ඉම්රාන්ගේ පාර්ශවය විසින් සිදුකරන්නට ඇති බවය.

ඊයේ රාත්‍රී වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩිතැබීමක් සිදුකර තිබු‍ණි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසීය.

සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති  අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ උරහිස ප්‍රදේශයට සහ තවත් වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ පපුව ප්‍රදේශයට එල්ල වී තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හලාවත හදිසි ජලගැලීම් තත්ත්වයක්

Published

on

By

වර්ෂාවත් සමග හලාවත නගරයේ හදිසි ජලගැලීම් තත්ත්වයක් හට ගෙන තිබේ.

මේ නිසා හලාවත ආනන්ද ජාතික පාසල සහ හලාවත විජය විද්‍යාල තවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ.

ජලගැලීම් තත්ත්වය හේතුවෙන් හලාවත නගරයේ ඇති මාර්ග රැසක් සහ නිවාස රැසක් ජයල යටවී ඇති බව සඳහන්ය.

හලාවත නගරයේ ඇති කාණු පද්ධතිය අවහිර වීම හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හට ගෙන අති බව ප්‍රදේශවාසීන් සඳහන් පවසයි. 

Continue Reading

පුවත්

කාදිනල් හිමි වතිකානය බලා පිටත්වේ

Published

on

By

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් තිබේ.

අද (23) පෙරවරු 9:30ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් කාදිනල් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගිය බව වාර්තා විය.

ඒ, ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා සහභාගීවීමටය.

අප්‍රේල් මස 26 වන සෙනසුරාදා පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved