Connect with us

පුවත්

ප්‍රමුඛ පෙලේ චීන ආයෝජකයින් පිරිසක් අගමැති හමුවෙයි

Published

on

චීන ව්‍යවසායකයින් විශාල පිරිසක් ක්ෂේත්‍ර රැසක සිදුකළ හැකි ආයෝජන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (13) හමුවූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කරයි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

ප්‍රමුඛ පෙළේ චීන ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ගවේෂණ චාරිකාවක…

චීන ව්‍යවසායකයින් විශාල පිරිසක් ක්ෂේත්‍ර රැසක සිදුකළ හැකි ආයෝජන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා 2023.07. 13 දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

සංචාරක හා හෝටල් කර්මාන්තය, මැණික් හා ස්වර්ණාභරණ, කෘෂිකර්මය, ඖෂධ, ආහාර සැකසුම්, පුනර්ජනනීය බලශක්ති සහ විනෝදාස්වාද කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර රැසක ආයෝජන සඳහා විශාල විභවයක් පවතින බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

සීමාසහිත දගුඕවෙන් කල්චර්(Daguowen Culture Co) හි සභාපති ස්හෑන්ග් කිව්හුවා (Zhang Qihua) පැවසුවේ ජාත්‍යන්තර සංස්කෘතික හුවමාරුව හා ගෝලීය තිරසාර සංවර්ධන ප්‍රවර්ධනය සමඟ තමා කටයුතු කරන බවත් චීනයෙන් මිලියනයකට අධික සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇති බවත්ය. ශ්‍රී ලංකාව වෙත චීන සංචාරකයින්ගේ පැමිණීම සම්බන්ධයෙන් දෙරටම ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම සඳහා කොනයිසන්ස් ඩි සිලෝන් (Connaissance De Ceylon) හි සභාපති චන්ද්‍රා වික්‍රමසිංහ සමඟ සමීපව කටයුතු කරන බව ඔහු පැවසීය.

ස්හෙජිඈන්ග්(Zhejiang) ප්‍රසිද්ධ කාන්තා වාණිජ මණ්ඩලයේ සභාපතිනි ජින් මෙයි යැන්ග්( Jin Mei Yang) මහත්මිය ශ්‍රී ලංකාවේ කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහන් සඳහා සහාය වීමට කැමැත්ත පළ කළාය.

මානව සෞඛ්‍යය සඳහා මානව අක්මා සෛල සහ මැණික් ගල් අතර ඇති සබඳතාව පිළිබඳ ගවේෂණය කරනු ලබන වෛද්‍ය පර්යේෂණ කණ්ඩායමක් වන වුක්සින් ගෘප්(Wuxin Group) හි සභාපතිනි ක්සි යූයු(Xie Yueyu) මහත්මිය පැවසුවේ පිළිකා සුව කිරීමට සහාය වීම සඳහා ශ්‍රී ලංකාවේ ශාඛාවක් පිහිටුවීමට තමන් උනන්දු වන බවයි.

මෙම දූත පිරිසට, ලැන්ස්හො ජෙනරල් මෙෂින් මැනුෆැක්චරින්(Lanzhou General Machine Manufacturing Co.), හි සාමාන්‍යාධිකාරී ෂැන්ග් ෂියාඕමේ ( Zhang Xiaomei) මහත්මිය, (නව බලශක්ති තාක්ෂණය සඳහා හයිඩ්‍රජන් බලශක්ති කාර්මික උද්‍යානය- ෂැන්ග්ඩොන්ග් ජූජින්ලොන් (Shandong Jujinlong) සමූහයේ සභාපති ලී ෂෙන්ග්වෝ (Li Zhengguo) මහතා, ෂෙන්සෙන් සොන්ග්ඩියෑන් කෝ ටෙක්නොලොජි සමාගමේ (Shenzhen Zhongdian Core Technology Co., Ltd ) සභාපති ෂූ වෙන්ලොන්ග් (Zhou Wenlong) මහතා , එහි විධායක සහකාර ලී මින් මෙනවිය, – ඇන්තනී වෝල්ටර් පියානෝ (Anthony Walter Piano) හි සභාපති සහ Wuxin මහජන සුභසාධන පදනමේ (ජාත්‍යන්තර කලා හා සංස්කෘතික සහයෝගීතාව) විධායක සභාපති ගෝ ටින්ටින් (Guo Tingting ) මෙනවිය සහ Wuxin සමූහයේ (හදිසි චීන වෛද්‍ය ආධාර සහ චීන රෝහල් සමඟ සහයෝගීතාවය). සාමාන්‍යාධිකාරී (ෂියාවෝ ලින්ග්) Xiao Ling මහත්මිය ඇතුළත්විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

පුවත්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට කමල් අමරසිංහ

Published

on

By

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන කමල් අමරසිංහ මහතා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට අදළා යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට එලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

කමල් අමරසිංහ මහතා දැනට වයඹ පළාත් සභාවේ මාර්ග, ප්‍රවාහන, නිවාස හා ඉදිකිරීම් කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් සේවය කරනු ලබයි.

දැනට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා රාජ්‍ය සේවයේ වෙනත් ක්ෂේත්‍රයක තනතුරක සේවය කිරීමට හැකි වන පරිදි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරේ රාජකාරිවලින් තමා මුදා හරින ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, ඒ මහතා වෙනත් සුදුසු තනතුරකට පත් කිරීමට හැකි වන පරිදි වහාම ක්‍රියාත්මක වන අයුරින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙත අනුයුක්ත කර තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න

Published

on

By

ඊයේ  (21) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය 

Continue Reading

පුවත්

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (22) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

Posted by Department of Government Information – Sri Lanka on Monday, April 21, 2025

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved