Connect with us

කලා

හොලිවුඩයේ දැවැන්ත විරෝධයට නළුනිළියොත් එක්වෙයි

Published

on

හොලිවුඩයේ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් ද සිය රංගන වැඩකටයුතු වලින් ඉවත්වී ඇතැයි වාර්තා වේ.

මේ වන විට හොලිවුඩයේ තිර රචකයන් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනයට හොලිවුඩයේ රංගන ශිල්පීන් හා ශිල්පිනියන්ද එක්වී තිබේ.

මෙය, හැට වසරක කාලයක් තුළ හොලිවුඩයේ සිදුවූ විශාලතම වර්ජනය ලෙස සැලකෙයි.

ඒ අනුව, ලොස් ඇන්ජලීස් වේලාවෙන් මාධ්‍යම රාත්‍රියේ සිට රංගන ශිල්පීන් හා ශිල්පිනියන් 160,000ක් සිය වැඩකටයුතු වලින් ඉවත් වීමට නියමිත අතර, මේ සමග හොලිවුඩයේ චිත්‍රපට හා රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදන කටයුතු අඩක් පමණ අඩපණ වනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ස්ක්‍රීන් ඇක්ටර්ස් ගිල්ඩ් හෙවත් (SAG) සංසදය මගින් මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇති අතර, ඔවුන් පෙන්වා දෙන්නේ සිය රංගන කාර්යයන්ට අදාළ ගෙවීම් හා ලාභ බෙදිම් වඩා සාධාරණ හා විධිමත් කොන්දේසිවලට එකඟ ව සිදු විය යුතු බවයි.

තවද, නළුනිළියන්ට අයත් ස්ථානය ඩිජිටල් අනුරූ උදුරා ගැනීම වළක්වමින් නළුනිළියන්ව ආරක්ෂා කරන මෙන්ද ඔවුන් ඉල්ලා සිටියි.

කෘත්‍රිම බුද්ධිය (AI) සහ පරිගණකයෙන් ජනනය කරන ලද මුහුණු සහ කටහඬ නළුවන් වෙනුවට භාවිතා නොකරන බවට සහතිකයක්ද SAG සංසදය අපේක්ෂා කරයි.

නෙට්ෆ්ලික්ස් හි කැලිෆෝනියා මූලස්ථානය ඉදිරිපිට අද දිනයේදී පිකටින් ව්‍යාපාරයක්ද සිදුකිරීමට නියමිත අතර, ඉන්පසුව පැරමවුන්ට්, වෝනර් බ්‍රදර්ස් සහ ඩිස්නි සමාගම් ඉදිරිපිට ද සිදුකිරීමට නියමිතය.මෙම විරෝධතා ව්‍යාපාරයට හොලිවුඩ් ක්ෂේත්‍රයේ නළුනිළියන් රැසක් එක්වීමට නියමිතය.

කලා

ට්‍රම්ප්ගෙන් විදෙස් චිත්‍රපටවලට 100%ක් බදු

Published

on

By

විදේශ රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා 100% තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩාවැටීමෙන් පවතින බැවින් මෙම තීරු බදු පැනවීමට එක්සත් ජනපද වෙළඳ නියෝජිතවරයාට බලය පවරන බව ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

යළි අමෙරිකාවේ චිත්‍රපට නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය වී ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

ඊට සහයෝගය පළ කිරීමක් ලෙස වෙනත් රටවල නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා තීරුබදු ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Continue Reading

කලා

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි!

Published

on

By

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට වයස, අවුරුදු 69 කි.

ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති ඒ මහතාගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තනතිල්ල දිගේ වැනි ගීත ඉමහත් ජනප්‍රිය විය.

1975 වසරේදී පමණ පූර්ණ කාලීන සංගීත දිවියට පිවිසි ඒ මහතා දශක 4කට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂකයින් සිය ගීත හරහා අමන්දානන්දයට පත් කරනු ලැබීය.

ඒ මහතා කොලඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි.

Continue Reading

කලා

Boyce Avenue ශ්‍රී ලංකාවට පැමිණේ

Published

on

By

ලොව පුරා තරුණ පිරිස් අතර අතිශය ජනාදරයට පත් , ඇමෙරිකානු බෝයිස් ඇවනිව් (boyce avenue) සංගීත කණ්ඩායම මෙරටට පැමිණ තිබේ

ඊයේ (24) රාත්‍රියේ දී ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ඔවුන් මෙලෙස පැමිණීම ඇත්තේ ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සදහා බව සඳහන්ය.

මෙරටට පැමිණි ඇමෙරිකානු බෝයිස් ඇවනිව් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ප්‍රසංගය සංවිධානය කරන පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සිටියහ.

මෙම ප්‍රසංගය කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර  , මෙම ඇමෙරිකානු සංගීත කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේ බටහිර සංගීත කණ්ඩායම් 03 ක් එයට සහභාගී වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved