Connect with us

පුවත්

වාණිජ සමථකරණය යොදාගැනීමට මෙරට සමාගම් 8ක් එකඟ වේ

Published

on

ගොඩගැසී ඇති නඩු ප්‍රමාණය අඩුකිරීමෙන් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී කිරීමට සහය වෙමින් ශ්‍රී ලංකාවේ විශාල සමූහ ව්‍යාපාර අටක් තම ආරවුල් විසඳාගැනීම සඳහා වාණිජ සමථකරණය යොදාගැනීමට එකඟතා අත්සන් තබා ඇත.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එ.ජ. නියෝජිතායතනයේ Effective and Efficient Justice (EEJ) ක්‍රියාකාරකම යටතේ සමාගම් අටක් අඟහරුවාදා දින වෙන වෙනම අත්සන් තැබූ එම අවබෝධතා ගිවිසුම සංවර්ධනය කිරීමට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එ.ජ. නියෝජිතායතනයේ සහය ලැබිණි. මෙම ගිවිසුම් මඟින් සමාගම්වලට වාණිජ සමථකරණ පුහුණුව ලැබීමට, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් සමථකරණ සහ වාණිජ සමථකරණ සේවාවලට නිරාවරණය වීමට ඉඩ සලසන අතර ඔවුන්ගේ ආයතනික ගිවිසුම්වලට සමථකරණය පිළිබඳව වගන්තියක් ඇතුළත් කිරීමට සමාගම් දිරිගන්වයි.

විකල්ප ආරවුල් නිරාකරණ යන්ත්‍රණයක් වන වාණිජ සමථකරණය ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනයට සහ වාණිජ සංවර්ධනයට ද උපකාරී වනු ඇත.

නේෂන්ස් ට්‍රස්ට් පීඑල්සී, තුඩාවේ බ්‍රදර්ස්, ඒකේකේ ඉන්ජිනියරින්, නවලෝක කන්ස්ට්‍රක්ෂන්ස්, ඩිල්මා සිලෝන් ටී කම්පැනි, මාගා ඉන්ජිනියරින්, රණසිංහ කන්ස්ට්‍රක්ෂන්, සහ එම් ඒ සී හෝල්ඩින්ස් යන සමාගම් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පවත්වන ලද උත්සවයේ දී තම ගිවිසුම් සඳහා අත්සන් තැබූහ.

මෙම හවුල්කාරීත්ව, USAID හි EEJ ක්‍රියාකාරකම යටතේ දියත් කරන ලද වාණිජ සමථකරණ නියමු වැඩසටහනෙහි කොටසක් වේ. මෙම ක්‍රියාකාරකම යටතේ වාණිජ සමථකරණය සහ අනෙකුත් විකල්ප ආරවුල් නිරාකරණ යන්ත්‍රණ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සමථකරණ විශේෂඥයින් විසින් සිදුකරන වැඩමුළු හරහා පුහුණු ලබාදෙනු ලැබේ. එසේම, ශ්‍රී ලංකාවේ විකල්ප ආරවුල් නිරාකරණ සේවාවන් වැඩිදියුණු කිරීම සඳහා මෙම ව්‍යාපෘතියෙන් විකල්ප ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානවලට සමථකරණ මධ්‍යස්ථාන කළමනාකරණය හා පරිපාලනය සම්බන්ධයෙන් පුහුණුව ලබා දෙයි.

“නඩු කළමනාකරණය හා අධිකරණ කළමණාකරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර යහපරිච අනුගමනය කිරීමට උදවු කිරීම මගින් සහ නීති අධ්‍යාපනය වැඩිදියුණු කිරීම හා ADR යාන්ත්‍රණ භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ පහසුකම් සැලසීම මගින්, නඩු ප්‍රමාදයන් සහ උසාවිවල නඩු ගොඩගැසීම අඩු කිරීමටත්, ජනතා කේන්ද්‍රීය යුක්ති මූලධර්ම ප්‍රවර්ධනය කිරීමටත් අපි බලාපොරොත්තු වනවා” යනුවෙන් USAID වැඩබලන දූත මණ්ඩල අධ්‍යක්ෂ අලි එසාටියාර් මහතා පැවසීය. “ශක්තිමත් අධිකරණ පද්ධතියක් නීතියේ ආධිපත්‍යය සහතික කරනවා පමණක් නොව, පහසු ප්‍රවේශයක් ලබා දෙන බව අපි විශ්වාස කරනවා.”

USAID හි Efficient and Effective Justice ක්‍රියාකාරකම 2021 සිට අධිකරණ ක්ෂේත්‍රය ජාත්‍යන්තර යහපරිච, පද්ධති සහ මෙවලම්වලින් සන්නද්ධ කිරීමට උපකාර කර තිබේ.

පුවත්

හෙලිකොප්ටර්  අනතුරෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළට (UPDATE)

Published

on

By

බෙල් 212 හෙලිකොප්ටර්  අනතුරෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.11.26 )

බෙල් 212 අනතුරෙන් හමුදාවේ 5ක් මරුට

අද (09) උදෑසන හදිසි ගොඩබෑමකදී මාදුරුඔය ජලාශයට කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සාමාජිකයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

අදාළ හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩාවැටීමෙන් අනතුරු එහි ගමන්ගත් සියලුදෙනා බේරාගෙන රෝහල්ගත කර තිබුණි.

එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.

මාදුරුඔය පීරා බෙල් 212 සොයන මෙහෙයුම… #Accident1st #bell212 #Helicopter #crashe #MaduruOya

Posted by Accident 1st on Thursday, May 8, 2025

(වීඩියෝ :Accident 1st)


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.10.10 )

හෙලිකොප්ටරයේ සිටි 12දෙනා බේරාගනී

මාදුරුඔය ජලාශයට කඩා වැටුණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයේ ගමන්කල සියලු දෙනා බේරාගෙන තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා සඳහන් කළේ, හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ සිට මාඳුරු ඔය ප්‍රදේශයේ සංදර්ශනයකට  පියසාර කරමින් සිටියදී එය කඩා වැටී ඇති බවය.

එහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කර තිබූ අතර ඔවුන් සියලුදෙනාම බේරාගත් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසීය. 


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.9.12 )

හෙලිකොප්ටර් යානයක් කඩා වැටේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කඩාවැටී ඇති බව වාර්තා වේ.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පුහුණු සැසියක් අතරතුර ගුවන් ගත වූ යානයක් මෙසේ කඩා වැටී ඇත.

එම යානය මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බවද තවදුරටත් වාර්තා වෙයි.

Continue Reading

පුවත්

කොළඹ වරායේ ප්‍රති නැව්ගත කිරීම් ඉහළට

Published

on

By

ඉන්දු පාකිස්ථාන යුධ තත්වය හේතුවෙන් කොළඹ වරාය කාර්යබහුල වී තිබේ.

වරයා හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ , ඒ සඳහා උපරිම කාර්යක්ෂමතායෙන් යුතුව මුහුණ දීමට පියවර ගෙන ඇති බවය.

යුධමය වාතාවරණයත් සමග ඉන්දීය නෞකා පකිස්ථානය වෙත යාමත් පාකිස්ථාන නෞකාව ඉන්දියාව වෙත යාමත් අත්හිටුවා තිබේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඒ සමගම ප්‍රති නැව්ගත කිරීම් ඉහළ ගොස් ඇති බවයි.

Continue Reading

පුවත්

දීර්ඝ සතිඅන්තය සහ වෙසක් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්

Published

on

By

සතිඅන්ත දීර්ඝ නිවාඩුව සහ රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් අද (09) සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කොළඔ කොටුව සහ බදුල්ල අතර මෙන්ම කොළඔ කොටුව සහ කන්කසන්තුරේ අතර මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමෙන්තුව සඳහන් කළේය.

ඒ අනුව අද සිට ලබන 13වනදා දක්වා මෙම විශේෂ දුම්රිය සේවය ක්‍රියාත්මක වෙයි.

වැඩි විස්තර පහතින්,

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved