Connect with us

පුවත්

දුම්රිය සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට නිර්දේශ දෙන්න විද්වත් කමිටුවක්

Published

on

ශ්‍රී ලංකා දුම්රිය සේවය සම්පූර්ණයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම සඳහා විද්වත් කමිටුවක් පත් කරන ලෙස අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත.

මේ බව සඳහන් කළේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් අද (25) පැවැත්වුන කැබිනට් මාධ්‍ය හමුවේදීය.

වඩාත් ව්‍යුවහාත්මක, ප්‍රමාණාත්මක හා ගුණාත්මක දුම්රිය සේවයක් ලබාදීමේ අරමුණෙන් හැකි ඉක්මනින් මෙම නිර්දේශ ලබාගන්නා ලෙසද ජනපතිවරයා පැවසූ බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

කෙසේවෙතත්, දුම්රිය සේවය සම්පූර්ණයෙන් පෞද්ගලිකරණය කිරීමට අදහස් නොකරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

තවද, ප්‍රවාහන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස තමා යටතේ පවතින දුම්රිය දෙපාර්තමේන්තුවට අදාල වංචා හා අක්‍රමිකතා තත්ත්වයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවයි.

පුවත්

යුද අපරාධ සහ වගවීමේ වැඩසටහන් රැසකට අමෙරිකානු අරමුදල් නතර කිරීමට නිර්දේශ – ශ්‍රී ලංකාවත් ඒ අතර

Published

on

By

විවිධ රටවල සිදුවූ බව කියන යුද අපරාධ සහ ඊට අදාළ වගවීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් 24කට ආසන්න සංඛ්‍යාවක් සඳහා අමෙරිකානු අරමුදල් සැපයීම නතර කිරීමට ධවල මන්දිරය නිර්දේශ කර තිබේ.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ මෙලෙස අරමුදල් නතර කිරීමට පියවර ගෙන ඇති වැඩසටහන්වලට අදාළ රටවල්වලට ශ්‍රී ලංකාව, ඉරාකය, සිරියාව සහ රුසියාව ද ඇතුළත් බවය.

Continue Reading

පුවත්

වසර 5 ක් තුල සැකකරුවන් 79ක් මියයයි

Published

on

By

වසර 5 ක් ඇතුළත පොලිස් අත්අඩංගුවේ සිටියදී හා අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරුවන් 79 දෙනෙකු මියගොස් ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

එහි කොමාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් 49 ක් හා අත්අඩංගුවට ගැනීමට යාමේදී  30 දෙනෙක් එලෙස මියගොස් ඇති බවය.

ඒ තත්ත්වය යටතේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී හා අත්අඩංගුවට ගැනීමෙන් පසු කටයුතු කල ආකාරය සම්බන්ධයෙන් පොලීසිය වෙත මාර්ගපෝදේශයක් නිකුත් කිරීමට කටයුතු කළ බව නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.

එම මාර්ගෝපදේශය වැඩබලන පොලිස්පතිතුමා විසින් චක්‍රලේඛයක් ලෙස සියලු පොලිස් ස්ථාන වෙත යොමුකර ඇතැයිද නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.

Continue Reading

පුවත්

බෝරා සමුළුව නිසා කොළඹට අද විශේෂ රථ වාහන සැලැස්මක්!

Published

on

By

බෝරා ආගමික ප්‍රජාවගේ සමුළුව හා ප්‍රදර්ශනය හේතුවෙන් අද (28) දිනයෙත් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

ඒ, කොළඹ කොටුව ඩී. ආර්. විජේවර්ධන මාවතේ පිහිටි ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය හා බම්බලපිටිය බෝරා මුස්ලිම් දේවස්ථානය ආශ්‍රීතවයි.

ඒ අනුව ලබන මස 05 වැනිදා දක්වා උදෑසන 7:00 සිට රාත්‍රී 10:00 දක්වා මරදාන ඩාර්ලි පාර, ගාමිණි වටරවුමෙන් ඩී.ආර්.විජේවර්ධන මාවතට බහාලුම් රථ, ගල්, වැලි පටවන ලද ටිපර් රථ ඇතුළුවීම සීමා කර තිබේ.

එසේම ලබන 05 වැනිදා දක්වා උදෑසන 07:00 සිට පෙරවරු 11:30 දක්වා සහ සවස 03:00 සිට රාත්‍රී 10:00 දක්වා වැල්ලවත්ත දෙස සිට මුහුදුබඩ මාර්ගයේ බම්බලපිටිය හරහා කොල්ලුපිටිය දෙසටත්, කොල්ලුපිටිය සිට බම්බලපිටිය හරහා වැල්ලවත්ත දෙසටත් කන්ටේනර් රථ, ගල් වැලි පටවන ලද ටිපර් රථ ඇතුළුවීම සීමා කරනු ලබයි.

පොලීසිය දැනුම්දෙන්නේ, බම්බලපිටිය පොලිස් වසමේ ග්ලේන් ආබර් පෙදෙසට වාහන ගමනාගමනය සීමා කරන බවයි.

අදාළ කාලය තුළ බම්බලපිටිය පොලිස් වසමේ ආදිමලේ පෙදෙසට වාහන ඇතුල් වීම පදිංචිකරුවන්ට පමණක් සීමා කෙරන බවද පොලීසිය සඳහන් කළේ ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved