Connect with us

පුවත්

සුපිරි කඩ කැඩූ “ඩිමෙල් වත්තේ කළු” හා හොර බඩු තියාගත් “උක්ඔයිල් ” අල්ලයි

Published

on

රාත්‍රී කාලයේ දී විවිධ ප්‍රදේශවල සුපිරි වෙළඳ ප්‍රදර්ශනාගාර බිඳ රුපියල් කෝටියකට ආසන්න වටිනා ජංගම දුරකථන  ඇතුළු විදුලි උපකරණ  සොරාගත් මාලිගාවත්ත “ඩිමෙල් වත්තේ කළු” නැමැත්තා හා සොර බඩු මිලදී ගත් කියන මාලිගාවත්ත ආර් බි වත්තේ “උක්ඔයිල් ” නැමැති සංවිධානාත්මක අපරාධකරුද  අත්අඩංගුවට  ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි

එම සැකකරුවන් සමග ඉතා වටිනා ස්මාර්ට් ෆ‌ෝන් 42 ක් ලැප්ටොප් පරිගණක 4 ක් ටැබ් යන්ත්‍ර තුනක්, මෙන්ම නිවසකින් සොරා ගෙන තිබූ පවුම් 3කට ආසන්න උණු කරන ලද රන් කැබලි පොලිස් භාරයට ගෙන ඇත

ඉකුත් මාස 2ක පමණ කාලයක් තුළදී අවිස්සාවේල්ල හංවැල්ල මිරිහාන සහ කිරිබත්ගොඩ පොලිස් වසම් වල සිදු වූ  නොවිසඳුණු අපරාධ සොරකම් 13 කට අදාළව සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සොරකමේ යෙදුණු ප්‍රධාන සැකකරු  සීසීටීවී දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලදී හඳුනා ගැනීමෙන් අනතුරුව මාලිගාවත්ත ප්‍රදේශයේ දී  අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි

සැකකරු මීට පෙර සිදු කළ සොරකම් නඩු කිහිපයක් සම්බන්ධයෙන් වසර 2කට ආසන්න කාලයක්  රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට මීට මාස දෙකකට පමණ ඉහතදී  ඇප මත නිදහස්ව පැමිණි පුද්ගලයෙක් බවත් පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත

එම සැකකරුගෙන් සිදුකළ  ප්‍රශ්න කිරීමේදී රාත්‍රී කාලයේ දී එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා බස් රථ වලින් ගොස් ප්‍රදර්ශනාගාර බිද දේපල  සොරා ගැනීමෙන් අනතුරුව ඒ සියලුම දේපල මාලිගාවත්ත ආර් බි වත්තේ උක්ඔයිල් නැමැත්තා වෙත  ලබාදී මුදල් ලබාගත් බවට අනාවරණ වූ බව පොලිසිය කියයි

ඒ අයුරින් එම මුදල් වලින් දිනකට රුපියල් 20,000 ට ආසන්න මත් කුඩු මිලදී  ගෙන පානය කළ බවත් සැකකරු වැඩිදුරටත් අනාවරණ කර ඇත

සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු අනුව සොර බඩු මිලදී ගත් පුද්ගලයා  සන්තකයේ තිබී සොරාගත් දේපළ වලින් සියයට අනූවක් පමණ සොයාගත් බවත් සමහර ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන වල මුරපදය  වෙනස් කර වෙනත් මුර පද යොදා  සැකකරු විවිධ පුද්ගලයන් වෙත අලෙවි කර තිබූ බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත

සොයාගත් ජංගම දුරකථන මිලදී ගත් පුද්ගලයාට ඉහල තාක්ෂණික දැනුමක් ඇත්තෙකු බවත් පොලිසිය සඳහන් කරයි. 

සැකකරුවන් දෙදෙනා  නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

පුවත්

ඩෑන් ප්‍රියසාද් මියගොස් නෑ – පොලිසිය (Update)

Published

on

By

අද (22) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්වී නැති බව පොලිසිය පවසයි.

අසාධ්‍ය තත්වයෙන් පසුවන ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත.

මීට පෙර පොලිසිය විසින් නිකුත් කර ඇති නිවේදනයක් දැක්වුණේ ඔහු මියගොස් ඇති බවයි.

————-

(පෙර පුවත : 2025/04/22 at 10:40 )

අද (22) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්වී ඇත.

අද රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී මෙම වෙඩිතැබීම සිදුවී තිබුණු අතර, තුවාල ලැබූ ප්‍රියසාද් මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් සුළු තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇතැයි වාර්තා වේ.

වැල්ලම්පිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකා මිරර් ප්‍රධාන කර්තෘ ගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

නැසීගිය ජාතික කිරි මණ්ඩලයේ හිටපු කළමනාකරු – එල්.එස්. රොඩ්රිගෝ මහතාගේ ආදරණීය බිරිඳ හා ශ්‍රී ලංකා මිරර් ප්‍රධාන කර්තෘ – කැළුම් ශිවන්ත මහතා ගේ ආදරණීය මෑණියන් වූ පුෂ්පා රංජනී ලියනගේ මහත්මිය අද (අප්‍රේල් 22) අභාවප්‍රාප්ත වී තිබේ.

දේහය හෙට (23) පෙ.ව. 11.00 – ප.ව. 10.30 දක්වාද අප්‍රේල් 24 පෙරවරුවේද කැළණිමුල්ල පිහිටි සුප්‍රීම් රෙස්ට් මල් ශාලාවේ තැන්පත් කෙරේ.

අවසන් කටයුතු අප්‍රේල් 24දා  ප.ව. 3.00ට පිලපිටිය සුසාන භූමියේ ආදාහනාගාරයේදී සිදුකෙරෙනු ඇත.

Continue Reading

පුවත්

පොලිස් බැකප් ගත්ත ටීචර් ගැන නලින්දගෙන් ප්‍රකාශයක්

Published

on

By

පුද්ගල ප්‍රතිරූප ප්‍රවර්ධනය සඳහා පොලිසියේ පෙර ගමන් රථ කිසිසේත්ම භාවිත නොකළ යුතු බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

උපකාරක පන්ති ගුරුවරියක් පොලිස් යතුරුපැදි සහ පොලිස් මෝටර් රථ සමග ගමන් කරමින් පැවැත්වූ උත්සවය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද(22) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රශ්න කළ අතර එහිදී අමාත්‍යවරයා කියා සිටියේ, එම අවස්ථාවේ වරදක් සිදුව ඇති බවය.

විමර්ශන වාර්තාව අනුව මෙය පුද්ගල වරදකින් සිදුවූවක්ද නැතිනම් නීතියේ පවතින අඩුපාඩුවක් හේතුවෙන් සිදුවූ කරුණක්ද යන්න හෙළිවනු ඇති බවට නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පෙන්වාදෙයි.

තමා දන්නා පරිදි මෙම වැඩසටහන සඳහා පාසල් සිසුන් පැමිණෙන බැවින් පොලිස් ආරක්ෂාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිට ඇති බවත් දරුවන් සිටින ස්ථානයක් සඳහා පොලිස් ආරක්‍ෂාව ලබාදීමට පොලිසිය කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

ඒ අනුව ක්‍රියාවලිය අතරමග වරදක් සිදු වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වන බව අමාත්‍යවරයා පැවසීය.

ඒ පිළිබඳව නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් :

“ජනාධිපතිතුමා යන්නේත් නැහැ එහෙම. මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් මේ කරපු වැඩේ පිළිබඳව මාධ්‍ය සමාජ මාධ්‍යයේ දැඩි අවධානයක් යොමු වුණා.

මෙතන වරදක් වෙලා තියෙනවා ඒ ගැන පොලිසි විමර්ශන කරගෙනන යනවා. අපේ රටේ පෙරහර වගේ එවැනි අවස්ථාවකට පෙර ගමන් රථ ඉල්ලුවොත් ලබා දෙනවා. නමුත් මේක එහෙම කටයුත්තක් නෙවෙයි. 

පුද්ගලයන්ගේ ප්‍රතිරූප ප්‍රවර්ධනය සඳහා කිසිසේත්ම පොලිසියේ මෙවැනි රථවාහනන පොලිස් නිලධාරින් භාවිතා නොකළම යුතුයි. කිසිම අවශ්‍යතාවයකුත් නැහැ. නීතියකුත් නැහැ.

මම දන්න හැටියට එකවර 8000ක් එනවා කියල නෙවෙයි ඉල්ලලා තිබුනේත්. සෙෂන් හතරකට ළමයි ගෙන්න ගන්නවා කියලා තමයි ඉල්ලලා තිබුණේ. ළමයි එනවා කියලා පොලිස් ආරක්ෂාව තමයි මුලින්ම ඉල්ලලා තිබුනේ. 

ක්‍රියාවලියේ අතරමග සිද්ධ වෙච්ච වරද පිළිබඳව විමර්ෂන වාර්තාව බලමු. අදාළ ක්‍රියාමාර්ග අපි ගන්නවා. මෙවැනි ආකාරයේ කටයුතු වලට ඉඩ ලබා ගන්නේ කොතනින්ද කියන එක අපි බලමු. පොලීසියෙ තියෙන නීති වලින් රිංගලා යන්නේ කොතනින්ද කියලා බලන්න ඕන”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved