Connect with us

පුවත්

සාදයට ගිනිතැබූ සිද්ධියේ ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්නකරන්න අවසර

Published

on

වවුනියාවල තෝණිකල් ප්‍රදේශයේ නිවෙසක උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබියදී තියුණු ආයුද රැගත් පිරිසකගේ පහරදී එම නිවෙසට ගිනි තබා අඹුසැමි යුවළක් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවා ප්‍රශ්න කිරීමට වවුනියාව මහේස්ත්‍රාත් අහමඩ් රහිම් මහතා පොලිසියට අවසර ලබා දුන්නේය.

වවුනියාව ප්‍රදේශයේ දී පදිංචි සැකකරු ඊයේ 02) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් (24) දින සිදු වු මෙම සිද්ධියෙන් 23 හැවිරිදි කාන්තාවක එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වු අතර පිළිස්සුම් තුවාල ලැබු ඇයගේ සැමියා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හය දෙනකු  රිමාන්ඩ් බාරයේ පවසු වෙයි.

සබැඳි පුවත්
උපන්දින සාදයට ගිනි තැබූ සිද්ධියට 5ක් අත්අඩංගුවට

උපන්දින සාදයට පැන ගිනිතැබීමේ සිද්ධියේ තවත් අයකු මරුට

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved