Connect with us

පුවත්

සමනල වැවෙන් උඩවලවට ජලය මුදාහැරීම අරඹයි

Published

on

සමනල වැවෙන් උඩවලව ජලාශයට අද (08) අලුයම 2.30 පමණ සිට ජලය මුදාහැරීම ආරම්භ කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ, මෙගා වොට් 120ක් ඉන් ජාතික විදුලි පද්ධතියට එක් කරමින් උඩවලව ජලාශයට ජලය මුදා හරිමින් ඇති බවයි.

ඒ අනුව තත්පරයට ඝන මීටර් 42 උපරිම ධාරිතාවයෙන් ජලය මුදා හැරීමට නියමිතය.

ලංකා විදුලි මණ්ඩලය පැවසුවේ, අද අලුයම වනවිට සමනල වැව ජලාශයේ සමස්ත ජල මට්ටම 13 % ක් ලෙස සටහන් වන බවයි.

වැවේ ජලය ඉතා සුළු ප්‍රමාණයක් පැවැතිම හේතුවෙන් ඊයේ (07) දිනය දක්වා සමන වැවෙන් විදුලි නිෂ්පාදනය ඉතා සුළු ප්‍රමාණයක් සිදු කළ බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි රොහාන් සෙනෙවිරත්න මහතා පැවසීය.

එහෙත් වගා කටයුතු සඳහා ජලය වැඩි වශයෙන් ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීම අනුව අද සිට විදුලිය නිෂ්පාදනය වැඩිකර වැඩි වශයෙන් ජලය ජලාශයෙන් මුදා හරිනු ඇති.

නිකරුණේ ජලය මුදා හැරිම ප්‍රයෝජනයක් නොමැතිවීම හේතුවෙන් විදුලි ජනනය සිදුකර ජලය මුදා හැරීම සිදුකරන බව සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේ ය.

මේ අතර සමනල වැවෙන් ජලය ලබාදීමට ගත් තීරණය හේතුවෙන් හදිසි තත්ත්වයක් යටතේ විදුලිය මිලදී ගැනීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසීය.

අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පෞද්ගලික විදුලි බලාගාරවලින් මිලදී ගැනීමට සිදුවන බවයි.

ඒ අනුව මාතර සහ ඇඹිලිපිටිය බලාගාරවලින් ඉදිරියේදී විදුලිය මිලදී ගැනීමට සිදුවන ඇති.

මෙගා වොට් 100 ක පමණ ධාරිතාවක් ලබා ගැනීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, විදුලි බල පද්ධතිය සමතුලිත කිරීම සඳහා මෙම විදුලිය මිලදී ගැනීම සිදු කරන බවයි.

පුවත්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

Published

on

By

නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු හා උතුරුමැද පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඉහත ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වෙන ලෙස ද  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. 

Continue Reading

පුවත්

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

Published

on

By

සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගලයා ලබන 30 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (25) අවසර ලබා දෙන ලදී.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  අද (25) පෙරවරුවේ සියම් නිකායේ  මල්වතු සහ  අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ  සමඟ “සිරි දළදා වන්දනාව” සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව සාකච්ඡා කළේය.

ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමිපාණන් වහන්සේ සමඟද කෙටි පිළිසඳරක නිරත විය.

එමෙන්ම අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝසභික තේවාව භාර රාජකාරියේ නියුතු පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැ දැකීමටද ජනාධිපතිවරයා කටයුතු කළේය.

මෙම අවස්ථාව සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුද  එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved