පොදු ප්‍රවාහන සේවා සඳහා විද්‍යුත් ටිකට් පත් (E- ticketing) ක්‍රමය හඳුන්වා දීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබේ.
ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඒ බව සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසා සිටියේ ජාතික බස් සංගම් 7ක් ද මේ වන විට මේ සඳහා එකඟතාව පළ කර ඇති බවත්, පළාත් මට්ටමින් ද ඒ පිළිබඳ අදහස් ලබා ගැනීම කඩිනමින් සිදු කරන බවත්ය.
එසේම මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් 9ට අදාළව නියෝජිතයන් 09 දෙනෙකු පත් කර ජාතික ගමනාගමන කොමිසන් සභාවට දැනුම් දෙන ලෙස ද රාජ්‍ය අමාත්‍යවරයා විසින් උපදෙස් දෙනු ලැබීය.
ඉදිරියේදී බස් රථ සඳහා ප්‍රවාහන බලපත්‍ර ලබාදීමේ දී GPS තාක්ෂණය සහ E- ticketing සේවාව ක්‍රියාත්මක වීම ප්‍රධාන නිර්ණායකයක් ලෙස සලකා බලන බව ද මෙහිදී සඳහන් කෙරුණු අතර කොට්ටාව බස් නැවතුම්පොළ, මාකුඹුර බහුවිධ මගී ප්‍රවාහන මධ්‍යස්ථානය හා ඒකාබද්ධ කිරීම සඳහා කටයුතු කිරීමට ද යෝජනා විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්මට අනුව 2048 වන විට විදුලියෙන් ක්‍රියාත්මක බස්රථ මෙරට පොදු මගී ප්‍රවාහන සේවයට එක් කිරීමට අපේක්ෂා කරන බවත්, ඊට අදාළ මූලික පියවර ඉදිරි මාස කිහිපයේ ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් මෙහිදී ප්‍රකාශ විය.