Connect with us

පුවත්

මුදල් විශුද්ධිකරණයට හා ත්‍රස්තවාදයට මුදල් සැපයීමට වැටබඳින්න ජාතික ප්‍රතිපත්තියක්

Published

on

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සඳහා වන ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය සහ ක්‍රියාකාරී සැලසුම්

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන පරිදි ස්ථාපිත කර ඇති, ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙපාර්තමේන්තුවක් වශයෙන් ක්‍රියාත්මක මූල්‍ය බුද්ධි ඒකකය විසින් මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ පනතේ අර්ථ දක්වා ඇති අනෙකුත් නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා වන විධිවිධාන ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබයි. 

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන් සකසන අන්තර්රාජ්‍ය ආයතනය වන මූල්‍ය කාර්යසාධක බලකාය සියලුම රටවල් විසින් ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ 40ක් හඳුන්වා දී ඇත. 

ඒ අනුව, ශ්‍රී ලංකාව මූල්‍ය කාර්යසාධක බලකායේ නිර්දේශවලට අනුකූලව කටයුතු කරන්නේද යන්න මූල්‍ය කාර්යසාධක බලකායේ කලාපීය ආයතනය වන මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියානු ශාන්තිකර කලාපීය කණ්ඩායම විසින් ඇගයීමට ලක් කරනු ලබයි. 

එම කණ්ඩායම විසින් සිදු කරන ශ්‍රී ලංකාවේ 3 වන අන්‍යෝන්‍ය ඇගයීම 2025 මාර්තු මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතය. 

ඒ සඳහා වඩාත් හොඳින් ශ්‍රී ලංකාවේ තත්ත්වය සහතික කර ගැනීමට හැකි වනු පිණිස 2023-2028 සඳහා වන මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සඳහා වන ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමටත්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් හඳුනාගෙන ඇති දුර්වලතාවන්ට විසඳුම් වශයෙන් ඒ ඒ ආයතන විසින් ඉටු කළ යුතු කාර්යයන් ඇතුළත් ක්‍රියාකාරී සැලසුම් ක්‍රියාත්මක කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved