Connect with us

පුවත්

තුර්කියේදී ලාංකිකයන් ගිය බසය ‌‌පෙරළී 27කට තුවාලයි

Published

on

තුර්කියේ, ඉස්තාන්බුල් ගුවන්තොටුපළේ ව්‍යාපෘතියක සේවය කරන ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් බස් රථයක් පෙරළී 27 දෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ ශ්‍රී ලාංකිකයින් 39 දෙනෙක් සිට ඇති බව වාර්තා වෙයි.

තුර්කියේ ඉස්තාන්බුල් ගුවන් තොටුපොළේ සිදුකෙරෙන සංවර්ධන ව්‍යාපෘතියක සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක්  මෙලෙස අනතුරට ලක්ව ඇත.

වැඩ මුරය අවසන් කළ ශ්‍රී ලාංකිකයින් පිරිස බස් රථයකින් සිය නවාතැන් වෙත ගමන් කරද්දි ඉයුප්සුල්තාන් ප්‍රදේශයේදී බස් රථය පෙරළී තිබේ.

උමං මාර්ගයක් මතින් ගමන් කරමින් තිබූ බස් රථය එකවර රියදුරාගේ පාලනයෙන් ගිලිහි ප්‍රධාන මාර්ගයෙන් පිටතට පැන මීටර් 6 ක් පමණ වන ප්‍රපාතයකට ඇද වැටී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

තුර්කි ජාතික රියදුරා සමග ශ්‍රී ලාංකිකයින් 39 දෙනෙකු එම අවස්ථාවේ බස් රථය තුළ සිට ඇති අතර ඉන් 27 දෙනෙකු තුවාල ලබා ඇතැයි පැවසෙයි.

මේ අතර අනතුරින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් පිළිබඳ සොයා බැලීම සඳහා තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජිතයෙකු ඉස්තාන්බුල් දක්වා පිටත්කර යැවීමට පියවර ගන්නා බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

අනතුර සම්බන්ධයෙන් අදහ දැක්වූ ඉයුප්සුල්තාන් දිස්ත්‍රික් ආණ්ඩුකාර ඉහසන් කාරා මෙසේ පවසා ඇත.

“බස් රථය ඇද වැටෙන අවස්ථාවේ ඒ තුළ 39 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් සිට තිබෙනවා. නමුත් දෙවියන්ට ස්තුති වන්නට ඔවුන් කාටවත් බරපතළ අනතුරක් නැහැ වගේම ජීවිත හානියකුත් නැහැ. අපි ඔවුන් ගිලන්රථ හරහා කඩිනමින් රෝහල්ගත කිරීමට ක්‍රියා කළා. තුවාල ලැබූවන් ගණන 27 ක්. ඔවුන් සියල්ල දැන් ප්‍රතිකාර ගනිමින් සිටිනවා.”

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved