Connect with us

පුවත්

“ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට ආ බ්ලැක්ලිස්ට් කොම්පැණිය ගැන සැකයි”

Published

on

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට ලංසු ඉදිරිපත් කිරීමට කුප්‍රකට ඉන්දීය සමාගමක් වන මැඩ්රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස් සමාගම සම්බන්ධවීමෙන් ශ්‍රී ලංකාවේ පුරවැසි දත්තවල ආරක්ෂාව සහ ස්වෛරීභාවය නැතිවීමේ අවදානමක් මතුවී ඇතැයි ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ඊයේ (11) ප්‍රශ්නයක් මතු කරමිනි.

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට අදාළ ටෙන්ඩරයේ අවසන් දිනය අවස්ථා ගණනාවක් වෙනස් කිරීම සැක සහිත බවත් එය යම් තෝරාගත් සමාගමක් ඉලක්ක කර ගනිමින් සිදුවූවක් දැයි රජය මේ සභාවට දැනුම් දිය යුතු බවත් මන්ත්‍රීවරයා කීවේය.

ඩිජිටල් හැඳුනුම්පත් මුද්‍රණයට ඉදිරිපත්ව සිටින සිකියුරිටි ප්‍රින්ටර්ස් සමාගම ශ්‍රී ලංකාවට රුපියල් බිලියන ගණනක අලාභයක් කළ සමාගමක් බව පවසන දිසානායක මහතා විවිධ සැකකටයුතු ගණදෙනු හේතුවෙන් මේ සමාගම රටවල් ගණනාවක අසාදු ලේඛනයට ඇතුළත් කර ඇතැයිද ප්‍රකාශ කළේය.

මෙරට මත්පැන් බෝතල්වල ස්ටිකරය මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය 2016 වසරේදී බාරගෙන තිබුණේද මෙම සමාගම බවත් මෙම ස්ටිකරය ව්‍යාජ ලෙස මුද්‍රණය කිරීමෙන් රජයට රුපියල් කෝටි 6000 ක පාඩුවක් සිදුවූ ඇතැයි අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණය කළ බවත් ඔහු කීවේය.

තාක්ෂණ කටයුතු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා:

කැබිනට් මණ්ඩල තීරණ අනුව ලංසුව ප්‍රකාශයට පත් කළා. ලංසු පැහැදිලි කිරීම් ගණන 613 යි. ඒකාබද්ධ ව්‍යාපෘති අධීක්ෂණ කමිටුව මෙතනදී ගත්ත තීරණය හරියාකාරව ක්‍රියාත්මක වුණේ නෑ. එතන වරදක් වෙලා තියෙනවා. ලංසුව අවසන් කරන දිනය ඒ අනුව පස්සට ගත්තා. එක සමාගමක් ඉලක්ක කරලා මේක කරන්න බෑ. ලංසු කැඳවීමේදී හැම සමාගමකටම එකම කාලයක් දුන්නා. පුද්ගල දත්ත වලට කිසිදු බලපෑමක් කරන්න බැහැ ස්වෛරීභාවයට හානියක් වන්නේ නැහැ. පෞද්ගලික දත්ත පනත අනුව දත්ත සියල්ල ආරක්ෂා කරනවා. අපේ දත්ත කිසිම කෙනෙකුට ලබාගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. මේක රටට වැදගත් වැඩසටහනක්.

සබැඳි පුවත්
ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට ඉන්දීය රු. මිලියන 450ක අත්කාරම් මුදලක්

පුවත්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටෙයි

Published

on

By

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන අතර ඇතිවී ඇති මාර්ග තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Published

on

By

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය.

eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Continue Reading

පුවත්

අද ගිගුරුම් සහිත වැසි

Published

on

By

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (23) ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved