සිනමා විචාරකයන්ගේ හා සිනමා කලා රසිකයන්ගේ අවධානය දිනාගත් යුරෝපා සිනමා උළෙල මෙවරත් 14 වැනි වරට හෙට (අගෝස්තු 16) අගෝස්තු 21දා දක්වා කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත්වෙනු ඇත.
මෙවර උළෙල ආරම්භ වන්නේ කාන්ස් සිනමා උළෙලේ ‘කැමරා දෝර්’ (Caméra d’Or) සම්මානය හිමිකරගත් ඇන්ටෝනියෙටා අලමත් ගේ “මුරිනා” ක්‍රොඒෂියානු චිත්‍රපටයෙනි.
උළෙල ආරම්භයේ පටනි පැවති සම්ප්‍රදාය අනුව යමින් මෙවරද උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සම්මානලාභී සිනමා ශිල්පියෙක් සහභාගී වෙනු ඇත. ඒ රංගන ශිල්පිනියක හා තිරරචිකාවියක වන නිම්මි හරස්ගමයි.
අගෝස්තු 17 – 21 වැනිදා දක්වා තවත් සම්මානලාභී යුරෝපීය චිත්‍රපට 10ක් සවස 3.30ට සහ 6.00ට තිරගතවෙනු ඇත. ඒ අතර ප්‍රංශය, ජර්මනිය, ස්ලෝවැකියාව, චෙක් ජනරජය, ලක්සම්බර්ග්, බෙල්ජියම, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ෆින්ලන්තය, යුක්රේනය, ලැටිවියාව සහ ඉතාලිය නියෝජනය චිත්‍රපට වේ.
කොළඹ යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කෙරෙන මෙම සිනමා උළෙලේ අභිරක්ෂණය 14 වැනි වරටත් සිනමාවේදිනී අනෝමා රාජකරුණා මහත්මිය විසින් සිදුකරයි. මෙම සිනමා උළෙල සැප්තැම්බර් 01 – 03 දක්වා මහනුවරදී පැවැත්වීමට කටයුතු කරන බව ඇය පවසයි.