Connect with us

පුවත්

ලෙස්ටර්ගේ රණමයුර සම්මානය ඉස්සූ අය නුවරදීත් සොරකමක් කරලා

Published

on

කෘතහස්ථ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අභාවප්‍රාප්තවීමෙන් පසු ඔහුගේ දේහය අසල තැන්පත් කොට තිබූ රණමයුර සම්මානය සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පුද්ගලයා මහනුවර ඇසළ පෙරහර පැවැති පළමු දිනයේ දී පෙරහර නැරඹීමට පැමිණි කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරා ගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවටපත්ව තිබේ.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ගම්පෙරළිය චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම වෙනුවෙන් නවදිල්ලි සිනමා උළෙලේදී පිරිනැමුණු රණමයුර සම්මානය මෙම සැකකරු විසින් සොරාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි .

එම සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දීර්ඝ විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව සැකකරු හඳුනාගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි .

පොලිස් අපරාධ කොට්ඨාසයේ ලියාපදිංචි අපරාධකරුවෙකු වශයෙන්නම සඳහන්ව ඇති 71 හැවිරිදි මෙම සැකකරු ප්‍රථම කුඹල් පෙරහර වීදි සංචාරය කළ දිනයේ ජනතාව අතර තෙරපෙමින් කාන්තාවකගේ අත් බෑගයක තිබූ මුදල් පසුම්බියක් සොරාගැනිමට උත්සාහ කළ අවස්ථාවේ දී අවට ජනතාව ගේ ද සහාය ඇතිව සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියටහැකිව තිබේ .

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved