Connect with us

පුවත්

ඉඩම් ඔප්පු දෙන්න අවු. 50කට වැඩි කාලයක ප්‍රමාදයක්!

Published

on

වසර 50කට අධික කාලයක් පුරාවට ඉඩම් හිමිකරුවන්ට ඔප්පු ලබාදීම ප්‍රමාද වී ඇතැයි වාර්තා වේ.

මේ පිලිබඳ හෙළිදරව් වී ඇත්තේ සංචාරක හා ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය (09) වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය. 

මේ සම්බන්ධයෙන්  ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ගෙන් විමසූ විටදී එම නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මෙම ඉඩම් විවිධ පාර්ශ්වයන්ට පවරා දී ඇති බවත් දැනට එම පැවරුම්කරුවන්ගේ දරු මුනුබුරන් විසින් විසින් එම ඉඩම් භාවිත කරන බවත්ය.

එබැවින් ලේඛණ ඉදිරිපත් කිරීමේදී ගැටලූවක් මතුව ඇති බවද එම නිලධාරීන් ප්‍රකාශ කළ අතරම මේ වනවිට එම කටයුතු විධිමත් කරමින් පවතින බවද ඔවුහු පෙන්වා දී ඇත.

කමිටු සභාපති අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පෙන්වා දී ඇත්තේ පවත්නා ක්‍රියාමාර්ගයන් වෙනුවට ක්ෂණික ක්‍රියාමාර්ග ගැනිම වැදගත් වන බවයි.  

ඒ අනුව, ගැටලුව විසඳීම සඳහා නියමු ව්‍යාපෘතියක් මහනුවර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර,  ක්‍රමානුකූලව වෙනත් දිස්ත්‍රික්කවලටද ගොස් ඔප්පු නිවැරදිව ලබාදීමේ වැඩසටහන් ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

එසේම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මෙවැනි කරුණු සම්බන්ධයෙන් ඉක්මනින් සොයා බැලා කටයුතු කළ  යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

තවද, පාරම්පරිකව කළු ගල් කැණීමේ කර්මාන්තයේ නියැළෙන බලංගොඩ දමන ප්‍රදේශයේ 7000 පමණ පිරිසකට කළු ගල් කැඩීම සඳහා වාර්ෂිකව නව බලපත්‍රයක් ලබාදීම සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීම පිළිබඳවද කමිටුවේ සාකච්ඡාවට ලක් විය.

තවද, නව සංචාරක ස්ථාන හඳුනා ගැනීමින් ප්‍රවර්ධනය කිරීම සඳහා සෑම සංචාරක ප්‍රදේශයකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද සියලුම කමිටුවල ප්‍රගතිය සේම දෙණියාය පාරිසරික සංචාරක කලාප සංවර්ධනයේ ප්‍රගතිය පිලිබඳව වැඩිදුරටත්  සාකච්ඡා  විය.

මෙකි කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ මෙන්ම කපිල අතුකෝරල, සෙල්වම් අඩෛයිකලනාදන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් එක්ව සිටියහ.

පුවත්

පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 26 වැනිදා

Published

on

By

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් මස 26 වන සෙනසුරාදා සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනයට පොලීසියෙන් විශේෂ කමිටුවක්

Published

on

By

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මේ වනවිට පොලීසියට ලැබී තිබේ.

ඒ අනුව අදාළ විමර්ශන වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ සභාපතිවරයාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ඉදිරි විමර්ශන පිළිබඳ මාධ්‍ය දැනුවත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.

එම කමිටුවේ අනෙකුත් සමාජිකයින් මෙසේය,

නියෝජ්‍ය පොලිස්පති – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ – ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය

මේ අතර මෙම කමිටුව මඟින් තවත් අනුකමිටු ගණනාවක් පිහිටුවා ඔවුන් විසින් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඒ අනුව මතුවන නව කරුණු සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කෙසේවෙතත් මෙම පරීක්ෂණ කොමිසම් වාර්තාව පිටු 66,000 – 67,000ක් අතර වන බැවින් දැනට පිහිටුවා ඇති කමිටු මඟින් මෙම වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඉක්මනින් මීට අදාළ විමර්ශන ආරම්භ කර ඉදිරි නෛතික කටයුතු අදාළ පුද්ගලයින්ට එරෙහිව සිදුකරනු ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Continue Reading

පුවත්

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ශෝකය

Published

on

By

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ  (උපත් නාමය ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ) ස්වර්ගස්ථ වීම පිළිබඳ  ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ  සභාපති,ජපානයේ  ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ බලවත් ශෝකය ප්‍රකාශ කරති.

අවස්ථා කීපයකදීම මට හමුවූ ශුද්ධෝතම ප්‍රැන්සිස් පාප් වහන්සේ  අතිශය නිහතමානී කමින් යුක්ත, ආගමික සහජීවනය පිළිබඳ ඉතාමත් ගැඹුරු දර්ශනයකින් යුත් දිළිඳු ජනයා කෙරෙහි මහා ආදරයකින් යුක්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෞරවනීය ශ්‍රාවකයෙකි.

2015 දී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයට සැපත්වීම උන් වහන්සේගේ ආගමික සහජීවනයේ කැපී පෙනුණු සිදුවීමක් විය.උන් වහන්සේ ඒ අවස්ථාවේ දී මා හට ප්‍රකාශ කළේ බෞද්ධ විහාරයකට සැපත් වූ ප්‍රථම පාප් වහන්සේ තමන් බවය.

උන් වහන්සේ 1936 දෙසැම්බර් 17 දින උපත ලැබීය. ජේසුස් වහන්සේගේ සමාජයෙන් (ජේසුයිට් නිකායෙන්)  පාප් වහන්සේ ලෙස පත් වූ පළමු පාප් වහන්සේ ලෙසත් ඇමරිකාවෙන් බිහි වූ  සහ 8 වන සියවසේ සිරියාවෙන් පත් වූ තුන්වන ග්‍රෙගරි පාප් වහන්සේ ගෙන් පසු යුරෝපයෙන් පිටත උපත ලැබූ හෝ හැදී වැඩී උත්තරීතර පාප් වහන්සේ තනතුරට පත් වූ පළමු පාප් වහන්සේ ලෙස ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ රෝමානු කතෝලික පල්ලියේ ඉතිහාසගත වූ චරිතය වේ.

සැබෑ කිතු දහම හා සාමය ලොව පුරා ප්‍රචලිත කිරීමට සිය ජීවිත කාලයම කැප කළ උන් වහන්සේට ස්වර්ග මෝක්ෂ සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු යැයි බානගල උපතිස්ස නා හිමියෝ සිය ශෝක පණිවිඩයෙන් ප්‍රාර්ථනා කරති.

ඡායාරූපය – News1st 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved