Connect with us

පුවත්

නිර‌ෝෂා නිශාන්ති ඇපමත මුදාහරියි

Published

on

ඉහළ පොලියක් දෙන බව සඳහන් කරමින් ගාල්ල හා ඒ අවට පදිංචි පුද්ගලයන් විශාල පිරිසක් රවටා රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කර සැඟව සිටියදී අත්අඩංගුවට ගත් නිරෝෂා නිශාන්ති නැමැති කාන්තාව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 500ක ශරීර ඇපයක් මත මුදාහරනු ලැබීය.

 මේ කාන්තාව ප්‍රතිඅපනයනය කරන මුවාවෙන් මිල අධික විදෙස් මත්පැන් මෙරටට ගෙන්වා බෙදා හැරීමේ ජාවාරමක නිරතව සිට ඇති බවට ද තොරතුරු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ලැබී ඇතැයි පැවසේ.

ඒ සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මෙම ජාවාරමට ඇයට දූෂිත රේගු නිලධාරීන්ගේ ද සහාය ලැබී ඇති බව හෙළිව තිබේ.

එසේ ඇයට සහාය දෙන එක් රේගු නිලධාරියකුව හඳුනාගෙන ඔහුගෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ප්‍රශ්න කර තිබිණ. 

එහිදී ඔහු පවසා ඇත්තේ තමා ඇයට මුදල් දී වංචාවට හසුවී සිටින්නකු බවය. එහෙත් එම රේගු නිලධාරියා ඒ ගැන කිසිදු පොලිසියකට පැමිණිලි කර නැති බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත. 

එම රේගු නිලධාරියාත් ඇයත් අතර දුරකතන ඔස්සේ දිගින් දිගටම සම්බන්ධකම් තිබී ඇති බවද දුරකතන ජාල විශ්ලේෂණයකදී පෙනී ගොස් තිබේ.

මෙම කාන්තාව විසින් බොහෝ අයගෙන් මුදල් ගෙන ඇත්තේ විදෙස් මත්පැන් ගෙන්වා අලෙවි කිරීමේ ව්‍යාපාරයකට මුදල් ආයෝජනය කරන බව කියමිනි. 

විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ ඇය විසින් විදෙස් මත්පැන් කන්ටේනර් පිටින් මෙරටට ප්‍රතිඅපනයනය කිරීමේ මුවාවෙන් රැගෙනවිත් මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවය. 

ප්‍රති නැව්ගත කිරීමේ මුවාවෙන් ගෙන්වන ලද විදෙස් මත්පැන් තොගයක් රේගුවේ සිරවීමක් හෝ රට තුළට ගෙන්වා ගැනීමට නොහැකි වීමක් හේතුවෙන් ඇයට ගනුදෙනුකරුවන්ට මුදල් දීමට නොහැකිව සිරවී ඇති බව ද විමර්ශනයේදී පෙනී ගොස් තිබේ. 

රුපියල් කෝටියකට වැඩි මුදල් ඇයට දුන් පුද්ගලයන් ද සිටින බව විමර්ශනයේදී පෙනී ගොස් තිබේ.

මාලදිවයිනට ප්‍රතිඅපනයනය කරන මුවාවෙන් යුරෝපීය රටවලින් මිල අධික මත්පැන් ගෙන්වා රට අභ්‍යන්තරයේ ඇති ගුදම්වල එම කන්ටේනර් තබා එහි ඇති රේගු මුද්‍රා කඩා එහි ඇති මත්පැන් ඉවත් කර ඒ වෙනුවට ජල බෝතල් පුරවා නැවත රේගුවේ මුද්‍රා හොරට තබා එම කන්ටේනර් මාලදිවයිනට නැව්ගත කිරීමේ ජාවාරමක් ද පසුගිය කාලයේ සිදුව තිබිණි.

එම ජාවාරම අනාවරණය කර ගැනීමට පොලිසියටත් රේගුවටත් හැකි විය. 

මෙම කාන්තාවත් මෙවැනි ජාවාරමක් කරගෙන ගොස් ඇතැයි සැක කරන බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වෙන බවත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

පසුගිය 21 වැනිදා මේ කාන්තාව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ මුදල් වංචා කරමින් නීති විරෝධිව වත්කම් රැස් කිරීම සම්බන්ධයෙනි.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved