Connect with us

පුවත්

‘ආරුගම්බේ’ ඉහළ ආදායමක් ඉපැයීමට හැකි සංචාරක කලාපයක් ලෙස සංවර්ධනයට සැලසුම්

Published

on

ආරුගම්බේ සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මෙන්ම ඉහළ ආදායමක් ඉපැයිය හැකි සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සංවර්ධනය විය යුතු ක්ෂේත්‍ර හඳුනා ගනිමින් නිසි සැලැස්මක් ඔස්සේ එම කටයුතු ක්‍රියාවට නංවන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ආරුගම්බේ වෙරළ තීරයේ ප්‍රචලිත දියමත ලිස්සා යාම වැනි ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමෙන් ඉහළ ආදායමක් උපයා ගැනීමට ඇති හැකියාව ද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ආරුගම්බේ සංචාරක කර්මාන්තයේ නියුතු  ව්‍යාපාරිකයන්  සමඟ අද (25) පෙරවරුවේ පැවති හමුවේදීය.

සංචාරක ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සොයා බැලීමට කැඳවා තිබූ මෙම සාකච්ඡාවට  රාජ්‍ය නිලධාරීන් මෙන්ම සංචාරක කර්මාන්තය ආශ්‍රිත රැකියාවන්හි නියුතු පිරිස් ද එක්ව සිටියහ.

2035 වසර වන විට ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%ක් හිමිවන්නේ සංචාරක ව්‍යාපාරය මඟින් බව ලෝක වාර්තා පෙන්වා දෙන බව  මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා ඒ සඳහා ශ්‍රී ලංකාව ද සූදානම් කළයුතු බවත්, සංචාරක ක්ෂේත්‍රයෙන්  ලැබෙන ආදායම මගින් ශ්‍රී ලංකාවේ මූල්‍ය ගැටලුවලට සෘජුව විසඳුම් ලබාගැනීමට හැකියාව පවතින බවත් පැවසීය.

නැගෙනහිර පළාතේ සංචාරක කරමාන්තය අදියර දෙකක් යටතේ සංවර්ධනය කළ යුතු අතර, ඉදිරි වසර 10 තුළ එම කටයුතු  සම්පූර්ණයෙන් අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  අද (25) උදෑසන අම්පාර දිස්ත්‍රික්කයේ ආරුගම්බේ හා  පීනට් ෆාම්  වෙරළ තීරයේ නිරික්ෂණ චාරිකාවකට ද එක් විය.

එම සංචාරක ප්‍රදේශවල පවතින අඩුපාඩු පිළිබඳව සොයා බැලූ ජනාධිපතිවරයා එහි පැමිණ සිටි සංචාරකයන් සමඟ සුහඳ කතා බහක ද නිරත විය.

ඉන් අනතුරුව පැවති සාකච්ඡාවේ  දී සංචාරක ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් විමසා බැලිණි.

ආරුගම්බේ වෙරළ තීරය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ දී එහි පවතින ධීවර වරාය ධීවරයන්ට අවශ්‍ය පහසුකම් සමඟ වෙනත් ස්ථානයක ස්ථාපනය කිරීමට ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳ මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී. වීරසිංහ මහතා ජනාධිපතිවරයා දැනුවත් කළ අතර ඒ පිළිබඳව කඩිනම් පියවර ගත යුතු අතරම මෙම ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස වෙන්කර ගනිමින් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම මෙම ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ නිරත වූවන්ට ව්‍යාපාරික ස්ථාන සඳහා ස්ථීර ඔප්පුවක් නොමැතිකම හේතුවෙන් මතුව ඇති ගැටලු පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරුණු අතර ඒ පිළිබඳව ද වාර්තාවක් කඩිනමින් ලබාදෙන ලෙසත්, ඊට විසඳුම් ලබාදීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ව්‍යාපාරික ස්ථානවලට සහ එහි පැමිණෙන සංචාරකයන්ට මුහුණදීමට සිදුව ඇති පානීය ජල ගැටලුව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

ආරුගම්බේ ප්‍රදේශයේ පානීය ජල ගැටලුව විසඳීම සඳහා යෝජිත හැඩ ඔය පානීය ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අවසන් වීමට තවත් වසර කිහිපයක් ගත විය හැකි බැවින් නාවික හමුදාවේ සහය ඇතිව දැනට පවතින ස්වභාවික කුඩා  ජල මූලාශ්‍ර සඳහා ප්‍රතිආශ්‍රැතකරණ ජල පිරිපහදු යන්ත්‍ර සවි කිරීම පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

2026දී පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් කරයි

Published

on

By

2026 වර්ෂයේ පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා පාසල් ළමයින් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් තිබේ.

අදාළ අයඳුම්පත මෙසේය :

Continue Reading

පුවත්

ලංකාව – හංගේරියාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමට අත්සන් තබයි

Published

on

By

හංගේරියාව සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමට අත්සන් තබා තිබේ.

මෙම ගිවිසුම යටතේ ප්‍රතිව්‍යුහගත කරන ලද ඇස්තමේන්තු ගත ණය ප්‍රමාණය යුරෝ මිලියන 30කි.

හංගේරියාව සහ ශ්‍රී ලංකා රජය අතර ශක්තිමත් සහ දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට මෙම ගිවිසුම අත්සන් කිරීම තුළින් හැකියාව ලැබෙනු ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මෙම ද්විපාර්ශ්වික ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ හංගේරියානු අපනයන ණය රක්ෂණ පුද්ගලික සමාගම වෙනුවෙන් විදේශ ආයතනික අවදානම් කළමනාකරණ සහ හිමිකම් සහ අයකරගැනීම් අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ  Gyorgyi Rehoregh සහ විදේශ ආයතනික අවදානම් කළමනාකරණ සහ හිමිකම් සහ අයකරගැනීම් අධ්‍යක්ෂ මණ්ඩලයේ හිමිකම් සහ අයකරගැනීම් ප්‍රධානී  Adrienn Hegyi Szénásine අත්සන් කර ඇත.

නිල ණයහිමියන්ගේ කමිටුව සමඟ අවබෝධතා ගිවිසුම අවසන් කිරීමෙන් හා ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව, හංගේරියානු අපනයන ණය රක්ෂණ සමාගම, හිඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් ණය සහන පියවරක් ලබාදීමට එකඟවී තිබේ.

හංගේරියානු අපනයන ණය රක්ෂණ පුද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුම අත්සන් කිරීම, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර, ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩනැගීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් නිම කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම පිළිබඳව සාක්ෂි දරන බවද අදාළ නිවේදනයේ දැක්වෙයි.

Continue Reading

පුවත්

සිරුරට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන නතර කරන්න පියවර

Published

on

By

දරුවන්ගේ ශරීර වලට අහිතකර විය හැකි කෑම පෙට්ටි සහ වතුර බෝතල් ඇතුළු භාණ්ඩ වෙළඳපොළට පැමිණීම නතර කිරීමට දැඩි පියවර ගන්නා බව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

අද (03) දින මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසුවේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි උපරිම තීරණ ගන්නා බවයි.

වෙළෙඳපොළේ කළ සමීක්ෂණවලදී අවදානම් සහිත තත්වයන් වාර්තාවී ඇති හෙයින් ඉදිරි මාස දෙකක කාලයේදී දැඩි තීරණයකට යෑමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
ආනයනකරුවන් නිෂ්පාදකයන් කැඳවා ඔවුන්ට උපදෙස් දීමට බලාපොරොත්තු වන බවද සමරසිංහ මහතා සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved